sAs~krNy : n`rq nQX~XAk

"මගේ මාවතේ ආලෝකය සහෘද ආදරයයි"
ග්‍රේෂන් ආනන්ද අබේකෝන්


ඡායාරූප - ඇන්ටන් ප්‍රනාන්දු

ඔහු ගායන, වාදන, ගී තනු නිර්මාණ, ගී පද රචනය සහ සංගීත අධ්‍යක්‍ෂණය යන සෑම අංශයකින්ම දස්‌කම් විදහාලූ ශිල්පීය ඥනයක්‌ සතු පරිපූර්ණ නිර්මාණශීලී චරිතයක්‌, නැසීගිය ජනප්‍රිය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන්ගෙන් ඔපවත්ව තිබූ ශ්‍රී ලාංකීය සිනමාවට උචිත පෞර්ෂත්වයෙන් පිරුණු තවත් පසුබිම් ගී හඬක්‌ තිබුණේ නම් ඒ ආනන්දනීය ගී හඬ ඔහුගේයි.

හේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන් නම් වෙයි. දශක තුනකටත් එපිටට විහිදුණුq ඔහුගේ කලා ජීවිතය පිළිබඳ මතකය අලුත් කරමින් "දිවයින සිනමා කලා" වෙනුවෙන් පසුගිය දිනෙක ඔහු හා මා පැවැත්වූ සංවාදයක සංෂිප්ත සටහනයි මේ.

ඔබේ කලා දිවියේ ආරම්භය ගැන....?

මගේ ගම මහනුවර. මගේ පියා ෂෙල්ටන් බණ්‌ඩාර අබේකෝන්. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සේවය කළා. ඔහු මරදාන පොලිසියේ රථවාහන අංශයේ සහාය පොලිස්‌ පරීක්‍ෂකවරයකු වශයෙන් සිටියා. එකල විඡේරත්න වරකාගොඩ සහ බයිලා චක්‍රවර්ති වොලී බැස්‌ටියන් මගේ පියා සමග එක්‌ව රාජකාරියන්හි නියෑළුණා. ඉන් පසු මරදානෙන් ගාල්ලටත්, මාතරටත් ස්‌ථාන මාරුවීම් ලැබුවා. එවිට මගේ වයස අවු. 4 යි. මගේ පවුලේ සාමාජිකයන් 9 යි. මට සහෝදර සහෝදරියන් 6 යි. මගේ පළමු පාසල තංගල්ල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයයි. ඉන් පසු තවත් පාසල් කීපයකම අධ්‍යාපනය ලැබුවා. මා වයස අවුරුදු 4 සිටම සංගීතයට දක්‍ෂතා දැක්‌වූවා. මගේ මව බර්ලින් ජයවර්ධන අමදෝරු. ඈ දක්‍ෂ පියානෝ වාදන ශිල්පිණියක්‌ සේම ගුරුවරියක්‌. ඇගේ "මවුත් ඕගනය" මා වාදනය කරන විට මට වයස අවු. 2 යි. මගේ සංගීත දිවියේ ආරම්භයට මවගෙන් ලද ආභාෂය මනා පිටිවහලක්‌ වුණා.

එකල අපට ආර්ථික අපහසුතා තිබුණත්, සීයාගේ සහ මවගේ ඉඩකඩම්වලින් අපි ජීවත් වුණා. මගේ මවගේ ඥති සම්බන්ධයක්‌ මත ලයනල් ඩී. කොස්‌තා කියන මාමා සමග මා කොළඹ පැමිණියා. ඔහු මා දෙමටගොඩ ශාන්ත මැතිව්ස්‌ විද්‍යාලයට ඇතුළත් කළා. පාසලේදී සෑම අතින්ම දීප්තිමත් සිසුවකු වන්නට මට හැකි වුණා. නමුත් ප්‍රමාද වී පාසලට පැමිණීමේදී දඬුවමට යටත්වන්නට (ගුටිකන්න) තිබුණු බිය නිසා මා පාසලින් අස්‌වුණා. ඉන්පසු පාසලේ පියතුමා මාව මෝදර "ද ලා සාල්" පාසලට යොමු කළා. ඒ අතරතුර මාමා නැතිවුණා. ඉන් අනතුරුව වැල්ලම්පිටියේ මගේ මිතුරකුගේ නිවසේ නතර වුණා. ඔහු හැඟීම්බරව සිය කතාව කියවාගෙන යන අතරතුර දෑසෙන් රූරා වැටෙන කඳුළු බිඳු මා ඉදිරියේ සැඟවීමට උත්සාහ නොකරයි. මා නිසොල්මනේ පෑන හසුරුවමින් ඔහුගේ කතාවට තවදුරටත් දෙසවන් යොමු කළෙමි. අවු 15 දී ප්‍රේම සම්බන්ධය පටන් ගත්තා. ඇය ශ්‍රීමා චන්ද්‍රdනි පෙරේරා. (අද ඇය ග්‍රේෂන්ගේ ප්‍රියාදර බිරිඳයි) වයස 16-17 කාල පරාසයේදී මා ගායකයකු සේම පියානෝ, ලීඩ් ගිටාර්, ට්‍රම්පට්‌ යන සංගීත භාණ්‌ඩ වාදකයකුද වුණා. එකල පැවැති ආධුනික ගී තරගවල ප්‍රථම ස්‌ථාන ලබා ගැනීමටත් හැකි වුණා. ඒ අතරතුර සංගීතය පිළිබඳ හැදෑරීම් සිදු කළා. මුලින්ම අර්නස්‌ට්‌ සොයිසා මහතාගේ සංගීත කණ්‌ඩායමට සම්බන්ධ වුණා. පසුව විවාහ උත්සව අවස්‌ථාවලදී ගී ගැයුවා. පෙට්‍රොaලියම් එකේ සභාපති මහත්මයෙක්‌ මාව "මූන්ස්‌ටෝන්" වාදක මඩුල්ල සමග ගී ගැයුමට යොමු කළා.

එකල තොටළඟ තොරණ අවසානයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයේ මා ගී ගැයුවා. හින්දි, දෙමළ ගීතත් ගැයීමේ හැකියාවක්‌ තිබෙනවා. ඉන් පසු "සුසිල් ඇන්ඩ් ද සුපර් සෙට්‌" සංගීත කණ්‌ඩායමට සම්බන්ධ වුණා. 1975 ස්‌ටැන්ලි පීරිස්‌ මහතාගේ ආරාධනයෙන් "ෆොaචූන්ස්‌" සමග එක්‌වුණා. මිල්ටන් මල්ලවආරච්චි මහතාත් ඒ සමයේ ඔවුන් සමග ගී ගැයුවා.

රංජිත් එදිරිසිංහ මහතාගේ මුණගැසීමෙන් පසුව "ඩීමස්‌" කියා සංගීත කණ්‌ඩායමක්‌ ආරම්භ කළා. එහි නිත්‍ය ගායිකාව වුණේ අශෝකා වනමලී. මා ලීඩ් ගිටාරය වයමින් ගීත ගායනා කළා.

1976 හොරණ පැවැති මංගල සාදයකට රංජිත් මහතාගේ අයියාගේ ඉල්ලීම මත අපි සහභාගි වූණා. (ඩීම්ස්‌) එහිදී මා පමණයි ගායකයකුට සිටියේ. මා ගීත 15 ක්‌ පමණ ගැයුවා. එනවා කියූ ගායකයකුත් පැමිණ සිටියේ නෑ.

මනමාලයා වසන්ත දසනායක මගේ මිත්‍රයෙක්‌. ඒ අතරතුර මා ගී ගයමින් සිටින විට පැමිණි "කළු මහත්මයෙක්‌" මාව වේදිකාවෙන් බස්‌සවා "පොඩි මීවිතක්‌" ගමු යෑයි ආරාධනා කරමින් ඉවතට රැගෙනගියා. මා මින් පෙර ඔහු හඳුනන්නේ නෑ.

පසුව ප්‍රේමකීර්ති ද අල්විස්‌ සහ කේ. ඩී. කේ. ධර්මවර්ධන "මයික්‌ 2 ක්‌" අතට අරගෙන සභාව අමතමින් මා කියූ "කළු මහත්තයා" හඳුනා දුන්නා. ඔහු සංගීතවේදී සරත් දසනායක මහතායි. මා එහිදී ජෝතිපාලයන්ගේ ගී 10 ක්‌ පමණත්, මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගී කිහිපයකුත් ගායනා කළා. එහිදී සරත් දසනායකයන් මා විශේෂ ඇගයීමකට ලක්‌ කළා. ඔහු සමග වැඩ කිරීමට හැකිදැයි විමසුවා. මා ඒ "වාසනාව" දෝතින්ම භාරගත්තා. එදා සිට වසර 26 ක්‌ සහාය සංගීත අධ්‍යක්‍ෂවරයකු වශයෙන් වැඩ කළා. අප අතරින් වියෝවූ මර්වින් පෙරේරා එදා මා හැඳින් වූයේ සරත් දසනායකයන් සොයාගත් "කැලයේ පිපුණු මල" ලෙසයි. වයස 19 දී චිත්‍රපට පසුබිම් ගායනයට එක්‌වුණා. "ඈත දුරක දැස පාවිලා" ගීතය නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණිය සමගින් ගායනා කළා. ඊට පසු චිත්‍රපට ගලා එන්න පටන් ගත්තා. "තනි තරුව හි" "මී බිඳු ගල ගලා" ගීයත් ගායනා කළා. එය ඔගස්‌ටස්‌ විනයාගරත්න ලියා සරත් දසනායකයන් සංගීතවත් කළා. එච්. ආර්. ජෝතිපාලයන් මගේ පියාගේ මිත්‍රයෙක්‌. මා ඔහු ඇමතුවේ "මාමා" කියායි. පසු කලෙක අපි දෙදෙනාගේම ගී එකසේ ජනප්‍රිය වුණා. මගේ මේ සංගීතවත් ගමන මට දෙවියන් වහන්සේ විසින් ලබාදුන් දෙයක්‌ මිස මා ආයාසයෙන් ලබාගත් දෙයෙක්‌ නොවන බවත් මෙහිලා සඳහන් කළ යුතුයි.

එදා මා පිළිබඳ ජෝතිපාලයන් පැවැසුවේ ඔහුට පුතෙකු නැතත් මා ඔහුගේ පුතකු හා සමාන බවත් ඔහුගෙන් පසු ගී කිරුළේ උරුමක්‌කාරයා මා බවත්ය. මගේ ප්‍රථම සංගීත අධ්‍යක්‍ෂණය කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා "දුර්ගා" ඉන්පසු ඔහුගේ ගමන, ප්‍රමාද වැඩියි යන ටෙලි නිර්මාණයන්ටත් මා සංගීත අධ්‍යක්‍ෂණයෙන් එක්‌ වුණා. ධවල පුෂ්පය, ජයන්තදාස්‌ මහතාගේ චිත්‍රපට දෙකකත්, රංදෙනිගල සිංහයා ඇතුළු චිත්‍රපට කිහිපයකටත්a මා දායකත්වය සැපයුවා. ඉදිරියේදී මගේ ගී අඩංගු "ප්‍රතිරාව" යම් පෙරැළියක්‌ සිදුකරතැයි බලාපොරොත්තු වෙනවා.

ඔබ ලැබූ සම්මාන ගැන සිහි කළොත්...?

මා දිගු කලක්‌ ගී ගායනා කළත් මට නියමිත කාලයන් හි සම්මානයට පාත්‍රවීමට නොහැකි වුණා. ඒ මා යම් කිසි සංගීත "මාෆියාවකට" අසුවූ නිසා වෙන්න ඇති. කෙසේ වෙතත් 1993 පැවැති සරසවි සම්මාන උළෙලේදී චිත්‍රපට 6 ක්‌ නිර්දේශිත නාමයට ලක්‌වුණා. ඉන් 5 කම මා ගී ගයා තිබුණා. එදිනට "ලස්‌සනට ඇඳගෙන එන්න" කියලා කේ. ඩී. රංජිත් කුමාර මහතා මට කල්තියා දැනුම් දී තිබුණා. වසර 5 ක්‌ පුරා හොඳම ගායකයාට නිර්දේශ වුවත්, "සම්මාන" නොලැබීම ගැන මා විශ්මයට පත්ව දෙවියන්වහන්සේ සිහිකරමින් දෙලොවක්‌ අතර සිතමින් පසුවුණා. නමුත් එදා බී.එම්. අයි. සී. එච්. එකට නොවරදවාම එන්න ගෞරවයෙන් පිළිගන්න බලා සිටිනවා කියන ආරාධනාව මා තව තවත් විමතියට පත් කළා. මා හිතුවේ මට ගී ගයන්න එන්න කියනවා කියලයි. එදා නිවේදක ස්‌ථානයේදී සංගීතා වීරරත්න, වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය ග්‍රේෂන් ආනන්දට හිමි බව පැවැසූ අවස්‌ථාව මගේ ජීවිතයේ මා අමන්දානන්දයට පත්කළ බව කිව යුතුයි. දයා විමලවීරගේ "රජ දරුවෝ" චිත්‍රපටයේ "බිළිඳුනේ දරුවනේ" ගීය මා සම්මානයට පත්කළ ගීතයයි. එම ගීතය සෝමපාල ලීලානන්දයන් ලියා සෝමපාල රත්නායකයන් සංගීතවත් කළා. මම ඒ අවස්‌ථාවේදීම ඔවුන්ට හදපිරි සතුට පිරිනැමුවා.

ඔබ ගී ගැයූ චිත්‍රපටත්, ඔබට සහාය දැක්‌වූවන් පැවසුවොත්?

ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන්, ලකී, ප්‍රියංකර පෙරේරා, රන්ජන් රාමනායක, ලාල් වීරසිංහ, කමල් අද්දරආරච්චි, පාලිත සිල්වා, අජිත් ජිනදාස, ශෂීS විඡේන්ද්‍ර, නිහාල් සිල්වා, ෆේ‍රඩී සිල්වා, ටෙනිසන් කුරේ, දේවෙන්ද්‍ර මාක්‌ස්‌, විල්සන් කරු, ලාල් සේනාධීර (රත්නෙ ළමයා), රොජර් සෙනෙවිරත්න, ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, විමල් කුමාර් ද කොස්‌තා, බන්දු සමරසිංහ යන රංගන ශිල්පීන් රැසකට ඔවුන් රඟපෑ චිත්‍රපට තුළදී ග්‍රේෂන් ආනන්දයන් විසින් පසුබිම් ගී ගයා ඇත. ඔහු සමග එක්‌ව ලතා වල්පොල, ජී. එස්‌. බී. රාණි පෙරේරා, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, නන්දා මාලනê, මාලනී බුලත්සිංහල, නෙරංජලා සරෝජනී, නීලා වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, ශ්‍යාමි ෆොන්සේකා, චම්පා කල්හාරි, මායා දමයන්ති, සහ උරේෂා රවිහාරි යන යුග කිහිපයක්‌ නියෝජනය කළ ගායන ශිල්පිණියන් රැසක්‌ ගී ගයා ඇත.

ග්‍රේෂන් ආනන්දයන් පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කළ ප්‍රවීණ කලාකරුවන් රාශියකි.

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ආචාර්ය ඩබ්. ඩී. අමරදේව, ආචාර්ය අජන්තා රණසිංහ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සංගීතවේදී සරත් දසනායක සහ ස්‌ටැන්ලි පීරිස්‌ යන මහත්වරුන් ඉන් ප්‍රධාන තැනක්‌ ගනී.

ඔබගේ "හිම රේණු" සංයුක්‌ත තැටිය හා එහි අඩංගු ගී සමුච්චය ගැන පැවැසුවහොත්.....?

එහි මා ගැයූ ඈත දුරක, හවසට පායා, මනාලියක්‌, බාලේ පුංචි කාලේ, හිමකඳු යහනේ, සනහා කඳුළු, ගඟුලේ ඉවුරේ, මේ රාගතාල, ගීත ගයා, හිම රේණු, දිළිඳුනේ දරුවනේ, ඇතුළු ගීත 16 ක්‌ අඩංගුයි. කුලරත්න ආරියවංශ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන, සරත් ද අල්විස්‌, කුලරත්න ආරියවංශ, හේමසිරි හල්පිට, ප්‍රේමකීර්ති ද අල්විස්‌, ස්‌ටැන්ලි පීරිස්‌, ආනන්ද බණ්‌ඩාර, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සරත් දසනායක, සෝමපාල ලීලානන්ද, සෝමපාල රත්නායක ඇතුළු කලා ශිල්පීන් ගී රචනා කරමින් හා සංගêතවත් කරමින් එක්‌වුණා. මෙහි නව සංගීත අධ්‍යක්‍ෂණය අර්නස්‌ට්‌ සොයිසා මහතායි. යුග ගායනයෙන් නීලා වික්‍රමසිංහ, ලතා වල්පොල, නිරංජලා සරෝජිනී මට සහාය ලබා දෙනවා. නාද ශික්‌ෂණයෙන් සොනික්‌ ශබ්දාගාරයේ අනුර රණසිංහ, විමලසිරි ගමගේ විසින් සිදු කළා. ඉදිරිපත් කිරීමෙන් සහ බෙදා හැරීමෙන් පිටකොටුව මල්වත්ත පාරේ "සජීව ෆැන්සි පැලස්‌" හි සජීව ප්‍රියදර්ශන මහතා ලබාදුන් සහාය කෘතගුණපූර්වකව සිහිපත් කළ යුතුයි.

පවුලේ තොරතුරු....?

මගේ බිරිඳ ශ්‍රීමා චන්ද්‍රdණි. පුතා මාරියෝ ආන්ජලෝ, ඔහු සංගීත අංශයෙන් සහ පරිගණක ආශ්‍රිතව අධ්‍යාපනයේ යෙදී සිටිනවා. ඊට අමතරව මගේ සංගීත කටයුතුවලදී සහාය අධ්‍යක්‍ෂණයෙන් මා සමග වැඩ කරනවා. දූ දුලාංජලê චාතුර්යා ශාන්ත බ්‍රිජට්‌ හි උසස්‌ අධ්‍යාපනය ලැබ දැනට පුද්ගලික ආයතනයක සේවය කරනවා.

ඔබ ආ මාවත හා එහිදී ඔබට සහාය වූවන් ගැන පැවැසුවොත්....?

මා ලෝකය හමුවේ සාර්ථක මිනිසකු බවට පත්වූයේ නම් ඒ මා නිර්මාණය කර මැවූ සර්වබලැති එකම දෙවි පියාණන් වන ඡේසුන්a ක්‍රිස්‌තුස්‌ ජීවමාන දෙවි පුත්‍රයන් සහ ශුද්ධාත්මයාණන්වූ ශුද්ධ වූ ත්‍රිත්වය බව සිහි කළ යුතුයි.

දෙවනුව දෙමවුපියන්, මගේ සදාdදරණීය සහකාරිය සහ හිතවත්ම මිතුරන්, මගේ හැකියාවන් හඳුනාගෙන මට අත හිත දුන් ගුරුවරුන් වන සියලු සාන්තුවරයන්ගේ දේවස්‌ථානයේ බටහිර සංගීත කණ්‌ඩායමේ නිර්මාතෘ වරයාණන්වූ ජෝන් හේරත් පියතුමා, ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායක මහතා සහ මගේ හැකියාවන් පෙන්වීමට මුලින් අවස්‌ථාව ලබා දුන් සේන සමරසිංහ, රෙක්‌ස්‌ කොඩිප්පිලි, යසපාලිත නානායක්‌කාර අධ්‍යක්‍ෂවරුන්ටත්, මගේ මුල්ම ගී තැටිය එළි දැක්‌වීමේදී මට සහාය දුන් කතිකාචාර්ය චාල්ස්‌ ප්‍රනාන්දු මහතාටත් මගේ මුල්ම ගීය ("ඈත දුරක දෑස පාවෙලා") 1978 සහාය ගායනයට එක්‌වූ සංගීතාචාරිනී නීලා වික්‍රමසිංහ මහත්මියටත්, පළමු ගීත සතර ලියා දුන් කුලරත්න ආරියවංශ ශූරීන්ටත් පළමු ගීත පටිගත කළ ඩොනල්ඩ් අයිවන් සොයුරාටත්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, එම්.කේ. රොක්‌සාමි, මර්වින් පෙරේරා, සහ ස්‌ටැන්ලි පීරිස්‌ යන සංගීත වේදීන්ටත් මා හද පත්ලෙන් නැගෙන ගෞරවනීය උපහාරය පුද කිරීමට මෙය අවස්‌ථාවක්‌ කර ගන්නවා. මේ අයුරින් සංගීත ක්‍ෂේත්‍රය තුළ තවත් දිගු කලක්‌ ගේය, වාද්‍ය උභය මාධ්‍යයෙන් ශ්‍රී ලාංකික සංගීත රසිකයා පිනවීමට ඔහුට ශක්‌තිය ධෛර්යය සහ වාසනාව ලැබේවායි අප ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

සංවාද සටහන - සුජීව තත්සර

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v