නළු නිළියන්ට කාල
කළමනාකරණය වැදගත්
- චන්දික නානායක්‌කාර

ඕනෑම කලාවක පැවැත්ම රඳා පවතින්න නම් නව පරපුරක් අවශ්‍යය. තරුණ
පරම්පරාවක් බිහි නොවන තැනක අනාගතය සුබදායක නැත. මෙය සිනමාවට
වේදිකාවට, රූපවාහිනියට පමණක් නොව සකල කලාවටම පොදු දහමකි.
වර්තමාන ටෙලි නාට්‍ය කලාව දෙසට අවධානය යොමු කරමු. අලුත් නළුවන්
නිළියන් කොතරම් මේ ටෙලිනාට්‍ය හරහා ක්‍ෂේත්‍රයට පා තබයිද. මේ
සියල්ලෝ අපේ ටෙලිකලාවට සම්පත්ය. එහෙත් අවාසනාවට මේ සියලුම
ශිල්පීන් හිරුදුටු පිනිමෙන් වියෑකී යැමය. දක්‍ෂයෝ රැඳෙති.
අදක්‍ෂයෝ ඉවතට යති.
අප කතා කළ යුත්තේ මේ දක්‍ෂයන් ගැනය. පෙරදී කීවාක් මෙන් ටෙලි
කර්මාන්තය හෝ සිනමා කර්මාන්තය හෝ වේදිකාවේ අනාගතය රඳා පවතින්නේ
මේ දක්‍ෂ තරුණ පරපුර අත නිසාය.
මේ දවස්‌වල රූපවාහිනි තිරයේ ජනප්‍රියම නළුවා කවුද කියා ඇසුවොත්
සියයට අසූ පහකගේ පමණ පිළිතුර වන්නේ චන්දික නානායක්‌කාර කියාය.
චන්දික අප කීවාක් මෙන් දක්‍ෂ තරුණ ශිල්පියෙකි. අනාගත සම්පතකි.
චන්දිකගේ ජනප්‍රියත්වය කොතරම්දැයි ටෙලිනාට්‍ය රසිකයෝ දනිති.
සතියේ දින පහක් ටෙලි නාට්‍ය පහකින් ආලින්දයට පැමිණේ. ඒ නිසාම
චන්දික නානායක්‌කාර යනු රූපවාහිනි ප්‍රේක්‍ෂකයන්ගේ පවුලේ
සාමාජිකයකු බවට පත්ව සිටී.
ඉතිං ඊට පස්‌සේ" කොටස් දෙසීයක් විකාශය වී ඇත. එය සතියේ දින
පහක් විකාශය වේ. "සරා ද" කොටස් තුන්සීයක් ඉක්‌මගොස් තිබේ.
දෙරණ නාලිකාවේ රාත්‍රි 8.30 ට එය විකාශය වේ. ""රන් සෙවනැලි" සහ
දෝණි" ජාතික රූපවාහිනියේ සඳුදා රාත්‍රි 8.30 ට සහ
බ්‍රහස්‌පතින්දා රාත්‍රි 9.30 ට විකාශය වේ. "හිම කඳුළු" දිනපතා
සවස 3.00 ට ස්‌වර්ණවාහිනියෙන් දැකබලා ගත හැක. මේ ටෙලිනාට්‍ය පහේම
චන්දික නානායක්‌කාර රඟන්නේ ප්‍රධාන චරිතය. නමුත් ඒවා එකිනෙකට
වෙනස් චරිතය.
ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබමින් රසික ප්‍රසාදයට ලක්‌ව සිටින
චන්දික නානායක්‌කාර අද අප සමග කතා බහට එක්‌විය. ඔහු හා අප කළ
සංවාදයේ සටහන් මතු දක්‌වමු.
ඔබ රඟන ටෙලිනාට්‍ය පහක් එකවර විකාශය වීම, ඔබට දැනෙන්නේ කොහොමද?
එකම වෙලාවක නාලිකා දෙක තුනක මා රඟන ටෙලි නාට්‍ය විකාශය වීම
එක්‌තරා පැත්තකින් අවාසියක්. ඒත් මේ සමහර ඒවා අවුරුද්දකට, දෙකකට
කලින් රූගත කළ ටෙලි නිර්මාණ. සමහර ටෙලි නාට්‍ය තවමත් රූගත වෙමින්
තිබෙනවා. ඉතින් මේ සියල්ල එකවර විකාශය වීම වළක්‌වන්න බැහැ.
මෙය ඔබට හානියක් නොවෙයිද?
නැහැ. මේ චරිත එකිනෙකට වෙනස් සමහර ටෙලි නාට්‍යවල දුෂ්ට චරිත
තවත් ඒවායේ පරිත්‍යාගශීලී පෙම්වතා, ඉතිං දුෂ්ඨයකු විදිහට මාව
දකින ප්‍රේක්‍ෂකයා ඊට විනාඩි දෙක තුනකට පස්‌සේ පෙම්වතෙක් ලෙස
දකිනවා. මේ ටෙලිනාට්‍ය පහේම මම පෙම්වතා වුණා නම් චරිත සියල්ල
ඒකාකාරී වෙන්න තිබුණා. මෙය ජනප්‍රියත්වය පැත්තෙන් වාසියක්.
ඒත් නළුවෙක් හෝ නිළියක් නිතර දකිද්දී වටිනාකම අඩු වන්නේ නැද්ද?
ඇත්ත.......ඒක අවාසියක්. රූපවාහිනිය හරහා නිතර නිතර දැක්‌කාම
අගය අඩුවෙනවා. අපේ ප්‍රවීන සිනමා ශිල්පීන්ව ඉස්‌සර දකින්න ලැබුණේ
ඉතාම කලාතුරකින්. ඒ නිසා ඔවුන් කෙරෙහි රසිකයා තුළ ගරුත්වයක්
තිබුණා. ඒත් අද හැමදාම දකින හින්දා නළුවා හෝ නිළිය ගෙදර කෙනෙක්
බවට පත් වෙලා. ඒත් ඉතිං එහෙම කියලා අපිට නිර්මාණයකට දායක නොවී
ඉන්නත් බැහැනේ.
ඔබ දීර්ඝ ටෙලිනාHවල රඟන ශිල්පියෙක්. වෙනත් නිර්මාණවලට දායක වීමේ
අවස්‌ථාව මේ නිසා ගිලිහෙන්නේ නැද්ද?
කාල කළමනාකරණය වැදගත් වන්නේ මෙවැනි අවස්‌ථාවලදී තමයි. මට කිසිම
ප්‍රශ්නයක් වෙලා නැහැ. දීර්ඝ ටෙලිනාට්‍යවල රඟද්දී තමයි මම
"දෝණි" සහ රන් සෙවනැලි" වැනි නිර්මාණවලට දායක වුණේ එතකොට නාට්‍ය
හතරක රඟපෑ අවස්‌ථා තිබුණා කිසිම නිර්මාණයකට බාධා නොවන විදිහට
කාලය කළමනාකර ගන්නවානම් ඒක බාධාවක් නොවෙයි.
ඔබ කලාවට පිවිසෙන්නේ ප්‍රවීන නළු ජෝ අබේවික්‍රමයන් අපට දායාද කළ
රත්නපුරෙන්
එවැනි ප්‍රතිභාපූර්ණ ජ්‍යෙෂ්ඨයෙක් උත්පත්තිය ලැබූ ප්‍රදේශයක
ඉපදීමට ලැබීමත් භාග්‍යයක්. ඉස්‌සර ජෝ මහත්තයාගේ නිවස ලඟින් අපි
යන්නේ අනේ අදටත් දැකගන්න පුලුවන් වෙයිද......." කියා හිත හිතා
එවන් කලාකරුවෙක් පසුගිය දවසක පුවත්පතකට මා ගැන කියා තිබුණා හොඳ
ගමනක් යන තරුණයෙක් කියලා. ඔහු සමග ඒ පුවත්පතට ඡායාරූපයකට පෙනී
සිටීමේ දුර්ලභ අවස්‌ථාව මට උදාවුණා. ඔහුගෙන් විවරණ ලැබීම ඔහුගේ
ගමේ ඉපදීම වචනයෙන් කියාගන්න බැරි සතුටක් වාසනාවක්.
ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඔබට ගුරුහරුකම් ලැබෙනවා ද?
මම ක්‍ෂේත්‍රයට ආවේ 2003 දී ඊට පෙර මම විශ්වවිද්‍යාලයට එද්දී
"මදර් තෙරේසා" චිත්‍රපටයේ රඟපාන්න අවස්‌ථාවක් ලැබුණා. මම
පළමුවරට කැමරාවට මුහුණ දෙමින් දෙබස් කන්ඩයක් කීවේ මදර් තෙරේසා
සමග. ඒ චරිතය කළේ චාලි චැප්ලින්ගේ දියණිය ජෙරල්ස්‌න් චැප්ලින් ඇය
සමග රඟමින් කලාවට පිවිසීම විශාල අත්දැකීමක්. ඉන්පසු අධ්‍යාපන
කටයුතු වෙනුවෙන් මම රඟපෑමෙන් ඉවත්වෙලා 2003 දී නැවත පැමිණියා. මට
ජ්‍යෙෂ්ඨයන්ගෙන් උපරිම ගුරුහරුකම් ලැබුණා. රවීන්ද්‍ර රන්දෙනිය,
අයිරාංගනී සේරසිංහ, මාලනි ෆොන්සේකා, අනුලා කරුණාතිලක, කාන්ති
ගුණතුංග, රොබින් ප්‍රනාන්දු ඇතුළු ලංකාවේ සිටින ප්‍රවීනතම
ජ්‍යෙෂ්ඨයන් සමග මට රඟපාන්න ලැබුණා. ඔවුන්ගෙන් ලැබු ගුරුහරුකම්
මිල කරන්න බෑ.
අපේ රටේ ටෙලිනාට්‍ය වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම ටෙලිනාට්‍ය වැඩියි. මට කොතරම් රඟපාන්න ලැබුණත්, මගේ
ආර්ථිකයට හොඳ වුණත් මේක ටෙලි කර්මාන්තයට බලපානවා. ඉස්‌සර අපි
ටෙලි කොටසක් බලලා අනෙක් කොටස බලන්න සතියක් ඉන්නවා. අවධානය
වැඩියි. ඒත් අද එහෙම නොවේ.
සමහරු ටෙලියක දෙකක රඟපෑ විගස අධ්‍යක්‍ෂවරු වෙනවා.
ඒක එතරම් සුදුසු නැහැ. රඟ පෑ පමණින් අධ්‍යක්‍ෂවරයකු වන්න බැහැ.
සමාජය ගැන කලාව ගැන හොඳ ඉවක් තිබිය යුතුයි. මාලනි ෆොන්සේකා,
වසන්ති චතුරානි වැනි ප්‍රවීනයෝ අධ්‍යක්‍ෂවරු වුණේ මෑතකදී.
තරුණ ශිල්පියෙකුට රංගනය සුදුසු වෘත්තියක්‌ද?
පවතින සහ මම අවතීර්ණ වූ යුගය සහ මා ඉන්නා ආකාරය අනුව වෘත්තියක්
ලෙස කරගෙන යන්න පුළුවන්. හොඳ කළමනාකරණයක් මෙතැනදිත් අවශ්‍යයි.
කලාව, රඟපෑම නරක වෘත්තියක් නොවේ.
රංගනය ගැන හදාරන්න බලාපොරොත්තුවක් නැද්ද?
අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි. අඩුම ගානේ අවුරුදු දෙකක්‌වත්
හදාරන්න ඕනේ. මම මහේන්ද්‍ර පෙරේරා කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි
ප්‍රවීනයන් යටතේ හැදෑරුවා. ඉන්දියාවේ මාස හයක පුහුණුවක් ලැබුවා.
ඒත් ඒ පුහුණුව ප්‍රමාණවත් නැහැ. පූනා විශ්වවිද්‍යාලයෙන් අඩුම
ගානේ අවුරුදු හතරක්‌වත් හැදෑරිය යුතුයි. ඒත් අවුරුදු හතරක්
ඉන්දියාවට ගිහින් ආපහු එද්දි ඔහු තරුණ ශිල්පියෙක් නොවේ. ඉගෙන ගත
යුතුයි කියන මතයේ මම ඉන්නවා.
ජනප්‍රියත්වය ගැන මොනවද හිතෙන්නේ
හොඳයි. ඕනෑම තැනක පිළිගැනීමක් තියෙනවා. තෘප්තිමත්. ඒත් සමහර
වෙලාවට කරදරයි. පෞද්ගලිකත්වය පවා නැතිව යන අවස්‌ථා තිබෙනවා.
සාකච්ඡා කළේ - අජිත් අලහකෝන්