සංස්කරණය - නාරද නිශ්ශංක

"කෙලෙසද කිව මැන.....  ගීය ගැයූ
කමල් චිත්‍රසේන කලකට පසු හමු වී.......

මීට දශකයට උඩදී ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වුණු කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කලඹක්‌ දෙන්නේ....." ගීතය ඔබ අසා ඇතුවාට කිසිදු සැකයක්‌ නොමැත. එම ගීතය එදා අසන්නන්ගේ ගීත ඉල්ලීම් අතර ද ජනප්‍රිය විය. මෙම ගීතය රචනා කළේ ප්‍රියානන්ද විඡේසුන්දර විසිනි. සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් ගීතය සඳහා සංගීතය සැපයීය. කෙසේ වෙතත් ගීතය ගායනා කරන ගායන ශිල්පියා ඔබ දන්වාද? නමින් ඔහු ගායන ශිල්පී කමල් චිත්‍රසේන.

"මං ගායනා කළ "කෙලෙසද කිව මැන සිපගත් දෑතට" ගීතය 1995 දී ඉතා ජනප්‍රිය වුණා. ඉන් පස්‌සේ රසිකයන් අතර මගේ "ඔබෙ සිත ළඟ බවුන් වඩන සඳ", "හිතවත්කමට සිනහපාලා" වැනි ගී ජනප්‍රිය වුණා. මගේ ඒ පළමු ගීත පෙල ඇතුළත් ගීත කැසට්‌ පටයට හොඳ ප්‍රතිචාරයක්‌ ලැබුණා. ඊට පස්‌සේ මං 1998 දී ජපනායේ රැකියාවක්‌ සඳහා ගියා. ඉතිං වසර දහයක්‌ රැකියාව කරලා පසුගියදා නැවත ලංකාවට ආවා. දිගු නිහැඬියාවකින් පස්‌සේ මගේ නවතම ගීත දහසය ඇතුළත් සංයුක්‌ත තැටියේ වැඩ ආරම්භ කළා. ඒක මං ළඟදීම රසිකයන්ට තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා."

"එම ගීත සංයුත්ත තැටියේ "සඳු දිහා බලාලා" "මල් පිපෙන පැයේ", "මගේ පෙම්වතියට මංගල මල් කළඹක්‌ දී" ඇතුළු තවත් ගීත අඩංගු කොට තිබෙනවා. ඒ ගීත සඳහා සංගීත් නිපුන් සනත් නන්දසිරි, ජයසිරි අමරසේකර ඇතුළු තවත් කීපදෙනකු ගීත පද රචනයෙන් දායක වී සිටිනවා. එම සංයුක්‌ත තැටිය සඳහා සංගීතය උපාලි කන්නන්ගර, ජගත් වික්‍රමසිංහ, සරත්ද අල්විස්‌, ලක්‍ෂ්මන් හිල්මි, මනෝරී පීරිස්‌, නන්දන ලියනගේ යන අය සපයා තිබෙනවා."

"මම මේ ගායන ක්‌ෂේත්‍රයට පිවිසීමට පෙර වසර දොළහක්‌ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙන් වශයෙන් රැකියාව කළා. එහි සිටින විට ගුවන් හමුදා ඊගල් සංගීත කණ්‌ඩායමේ නීත්‍ය ගායන ශිල්පියා වශයෙන් කටයුතු කරනු ලැබුවා."

"ඒ රැකියාව කරන අතරතුරේ මට සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයාගෙන් සංගීතය ඉගෙන ගන්න අවස්‌ථාව ලැබුණා. ඒ ලබාගත් ගුරුහරුකම් නිසාවෙන් ම අද මේ ගායන ක්‌ෂේත්‍රයට යොමුවෙලා."

"මගේ එකම බලාපොරොත්තුව ගායන හැකියාව තවත් දියුණු කරගෙන ඉදිරියට යන්නයි."

"අවසන් වශයෙන් මගේ ලිපිනය හා දුරකථන අංකයන් මතක්‌ කරන්නම්. ඒ. කමල් චිත්‍රසේන, අංක 426/4, මංකඩ පාර, පහල බියන්විල, කඩවත. දුරකතන අංකය 0772-0121310, 0112-925356.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v