දෙමළ සන්ධානය දත යුතු කරුණු රටේ සංවර්ධනය හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව තීරණ ගැනීම සඳහා පිහිටුවනු ලැබූ සර්ව පාක්‍ෂික සමුළු රැස්‌වීම ඊයේ (03 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එයට සහභාගි වන ලෙස දෙමළ ජාතික සන්ධානයට ද ඇරයුම් කර තිබිණ. මෙයට පෙර මේ රජය විසින් පවත්වන ලද කිසිදු සාකච්ඡාවකට දෙමළ සන්ධානය සහභාගි වූයේ නැත. එයට හේතුව (සමහර විට) ඒ සාකච්ඡාවලට සහභාගි වන ලෙස ප්‍රභාකරන්ට ආරාධනා නො ලැබීම වන්නට පුළුවන. එක මිතුරකුට ආරාධනා නො කිරීමේ වරදට මුළු මිතුරු කල්ලියම මඟුල් ගෙදර වර්ජනය කිරීමේ සංස්‌කෘතියක් මේ රටේ ඇතැම් කාර්යාලවල ඇත. දෙමළ ජාතික සන්ධානය එසේ කල්පනා කළා විය යුතු ය. නැතහොත් ප්‍රභා විසින් වෙඩි තබා මරා දමනු ඇත යන බියෙන් දෙමළ ජාතික සන්ධානය රජයේ ආරාධනා මඟහැරියා වන්නට පුළුවන. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ කටවල්වලට ඉබ්බන් දැමූ ප්‍රභාකරන් නිතරම යතුරු සාක්‌කුවේ දමාගෙන සිටියේ ය. දැන් ප්‍රභාකරන්ගේ අළු ටිකක්‌වත් සොයා ගැනීමට නැති අතර ඉබි යතුරු ද හමුවී තිබේ. එහෙත් දෙමළ සන්ධානය තවමත් එම යතුරුවලට අත තැබීමට බියෙන් සිටින්නේ ප්‍රභාකරන් අවතාරයක්‌ව පැමිණ රාත්‍රි කාලයේදී බෙලි මිරිකනු ඇති බවට හටගත් භීතිය නිසාද? බිය නොවන්න, යුද්ධයට මෙන්ම ප්‍රේත දෝෂවලට ද හොඳ ගුරුකම් දකුණේ තිබේ. ඊයේ (03 දා) පැවැත්වුණු සර්ව පාක්‍ෂික සමුළුවේ ප්‍රමුඛ කාර්ය භාරය වූයේ අවතැන්වූවන් නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ය. යුද්ධය නිසා උතුරේ මෙන්ම නැගෙනහිර ද ජනයා ඇඳිවතට පමණක් හිමිකම් කියා පැන දිවීමේ තත්ත්වයකට පත්වූහ. මෙසේ පණ බේරාගත් පිරිස ලක්‍ෂ ගණනකි. පුදුමාතලන්, පුදුකුඩිඉරිප්පු යුද මුක්‌ත කලාපය යනාදියෙහි මිනිස් පළිහක් ලෙස ප්‍රභාකරන් විසින් සිරකරගෙන සිටියදී යුද හමුදාව විසින් බේරා ගන්නා ලද ජනගහනය දෙලක්‍ෂයකට ආසන්න ය. දැන් මේ මිනිසුන් තම මුල් බිම්වල නැවත පදිංචි කළ යුතු ය. මෙසේ අවතැන් වූවන් අතර කොටි සාමාජිකයෝ ද දහස් ගණනක් සිටිති. රජය ඔවුන් හඳුනා ගනිමින් ද සිටී. මිනිසුන් නැවත පදිංචි කරවීම යනු සෙල්ලමක් නොවේ. නැගෙනහිර පළාත කොටින්ගෙන් මුදාගන්නා විට එහි තිබූ සියලුම නිවාසවල හිල් සෑදී තිබිණ. ඒවා මූනිස්‌සම්වලින් සෑදුණු හිල් ය. ඒවායේ ජීවත් වූ මිනිසුන්ගේ හැඟීම් ද හිල් වී තිබිණ. ඒ හිල්වලින් ලේ වැගිරුණේ නැත. එහෙත් ඒ මිනිසුන්ගේ ආත්මය දියවී ඒ හිල්වලින් වෑස්‌සෙනු දක්‌නා ලදී. දැන් ඒ පළාත්වල අලුත් ගෙවල් තනා ජනයා පදිංචි කරගෙන යනු ලැබේ. ඒ ජනයාගේ සිදුරු වූ චිත්ත සන්තානය සහ ආත්මය ද ක්‍රමයෙන් සුවපත් වෙමින් පවතී. සුවපත් වූ මනස යනු ජාතිය සුවපත් වීමයි. රට සුවපත් වීමයි. මෙතැනදී අප ජාතිය කියන්නේ මේ රටේ ජීවත්වන සියලු ජාතීන්ට ය. දෙමළ සන්ධානය තේරුම් ගත යුත්තේ මේ ටික ය. ප්‍රභාකරන් මේ ටික තේරුම් ගත්තේ නම් මේ රට කිසි කලෙකත් ලේ විලක් වන්නේ නැත. එහෙත් ලේ පිපාසිත නූගත් අමනයකු වූQ හේ විශාල පිරිසක් මරාගෙන තමනුත් මළේ ය. දෙමළ සන්ධානය ප්‍රභාකරන්ගේ අවතාරයට මෙන්ම දෙමළ ඩයස්‌පෝරාවට ද එකසේ බිය බව අපි දනිමු. බිය නොවන්න, ඔහු යළි නැගිට එන්නේ නැත.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v