තිස්‌ වසරකට පසු උදා වූ ස්‌වර්ණමය අවස්‌ථාව

නෙවිල් ලද්දුවහෙට්‌ටි විසින් "දි අයිලන්ඩ්"
පුවත්පතට සැපයූ ලිපියකිනි.
සිංහලයට සකස්‌ කළේ  අශෝක වන්නිආරච්චි


යුද්ධය අවසන් වීමත් සමග බලය බෙදාහැරීම සඳහා වන 13 වන සංශෝධනය පිළිබඳව පක්‍ෂව මෙන්ම විපක්‍ෂව අදහස්‌ පළ වීමට පටන් ගෙන ඇත. කුමක්‌ හෝ වේවා එය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ එකඟත්වයක්‌ මෙතෙක්‌ පළ වී නැත. මේ පිළිබඳව විකල්ප 4 ඉදිරිපත් කළ හැකිය.

1. අද තත්ත්වයට එතරම් අදාළ නොවුනත් 13 වැනි සශෝධනය ක්‍රියාත්මක කිරීම.

2. 13 වන සංශෝධනය ධන වශයෙන් සළකා කටයුතු කිරීම.

3. 13 වන සංශෝධනය රින වශයෙන් සළකා කටයුතු කිරීම.

4. 13 වන සශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කර දමා අලුත් යමක්‌ ඒ සඳහා හඳුන්වාදීම.

එම විකල්ප 4 න් ජනතාව කුමකට කැමත්තක්‌ දක්‌වන්නේද යන්න මෙහිදී වැදගත් වන කරුණකි.

මෙම විකල්පයන්ගෙන් 3 කටම පදනම වී නැත්තේ බලය බෙදාහැරීමය. බලය බෙදාහැරීමක්‌ නැත්තේ කට පමණි. එනිසා අපට සරිලන්නේ කුමක්‌ද යන් ක්‍රියාවලිය තේරීම හිතු මතේට කළ යුත්තක්‌ නොවේ. වර්ථමානයේ සිට බලය බෙදාහැරීම ක්‍රියාත්මක කරන අවස්‌ථාව අතර යම් කාල පරාසයක්‌ ඇත. මෙම කාල පරාසය ප්‍රයෝජනයට ගනිමින් උතුරේ ප්‍රතිසංස්‌කරණ, පුනරුත්ථාපන හා ජනතාව නැවත පදිංචි කිරීමේ ආදී සියල්ල සිදු කළ හැකිය. ඊට අමතරව තෝරා ගන්නේ කිනම් විකල්පයක්‌ ද යන්න තීරණය වන තුරු දැනට පළාත් 8 ක ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය උතුරු පළාතට ද ලබා දිය හැකිය.

මෙම විකල්ප 4 න් බලය බෙදාහැරීම මත පදනම් වී ඇති නිසා එය කොටස්‌ දෙකකට බෙදා වෙන් කළ හැකිය. බලය බෙදාහරිනවාද නැද්ද යන්නයි ඒ. මේ දෙකෙන් කුමක්‌ තෝරාගත යුතුද යන්න ජනතාවට ජනමත විමසුමකදී විමසීමකට හැකිය. එසේ නැතහොත් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණයකදී පවා ජනතාවගේ අදහස විමසා බැලිය හැකිය.

ජනතාවගේ අදහස්‌ විමසීම සඳහා අවශ්‍ය ඉඩකඩ ආණ්‌ඩු ක්‍රම ව්‍යාවස්‌ථාවේ 85 වැනි වගන්තියෙන් සලසා දී ඇත.

බලය බෙදාහැරීමට පක්‍ෂව හා විපක්‍ෂව බොහෝ අදහස්‌ පළ වී ඇත. ඔවුන් සියලු දෙනාම වටිනා තර්ක ඉදිරිපත් කර ඇත. ඒ හැරුණු විට තෝරාගන්නේ කුමක්‌ද යන්න හිතුමතේට තීරණය කළහොත් එයට නීතිමය තත්ත්වයක්‌ නොලැබෙනු ඇත. එසේ නොමැතිව ජනමත විචාරණයක්‌ හරහා එය කළහොත් සම්පූර්ණ නීතිමය තත්ත්වය ලැබෙනවා ඇත. එය ඉන්දියාවේ මෙන්ම මුළු ලෝකයේම පිළිගැනීමටද ලක්‌වනවා ඇත. ජනමත විචාරණයකින් බලය බෙදාහැරීම අනුමත නොවුනහොත් එය ඉවත දැමිය හැකිය. ජනමත විචාරණයකදී එය අනුමත වුවහොත් ජනතාවට එය පිළිගැනීමට සිදුවනු ඇත.

ජනමත විචාරණයක්‌ පවත්වන්නේ නම් තම තමන්ගේ අදහස්‌ ජනතාවට ඉදිරිපත් කළ හැකිය. ජනමත විචාරණයක්‌ මගින් අනුමත නොවුනහොත් රජයට 13 වැනි සංශෝධනය පමණක්‌ ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. එය බොහෝ දෙනකුගේ කණස්‌සල්ලට හේතු වනු ඇත.

ජනතාව විසින් මේ සඳහා ජනමත විචාරණයක්‌ ඉල්ලා සිටියහොත් රජයට එය නොසලකා සිටීමට නොහැකිවනු ඇත. එවැනි තත්ත්වයක්‌ උදා වුවහොත් ශ්‍රී ලංකාවේ
උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ඉන්දියාවේ අවධානය වහාම යොමු කළ යුතුය. ඒ පිsළිබඳව ඉන්දියාව නම්මා ගැනීමට නොහැකි වුවහොත් එය ශ්‍රී ලංකාවේ රජය විසින් ඉදිරියට ගන්නා පියවර කෙරෙහි බලපෑමක්‌ කර නොගත යුතුයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස පිළිබඳව ඉන්දියාව දැනුවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

වර්තමානයේ සිට මෙම ක්‍රියාවලිය ආරම්භ වන කාලය තුළ ඉන්දියාව මෙන්ම ලෝක ප්‍රජාව ද දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය තනාපති මට්‌ටමෙන් මෘදු ක්‍රියාවලියක්‌ අනුගමනය කළ යුතුය. දැන් වහාම සිදු විය යුත්තේ දේශපාලනමය රාමුවක්‌ සොයා යැම නොවේ. උතුරේ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බිම් බෝම්බ ඉවත් කිරීම, නැවත ඔවුන් පදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම, සංගණනයක්‌ කිරීම, මැතිවරණ ලේඛන සකස්‌ කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආර්ථික සංවර්ධනය පියවර ගැනීම යන ආදියයි. යුදමය වශයෙන් ලැබූ ජයග්‍රහණය තහවුරු වීමට නම් මේ සියල්ල සිදු විය යුතුය.

තනාපති මට්‌ටමෙන් කටයුතු කරගෙන යැමේදී ඉන්දියාවට වටහා දිය යුත්තේ පළාත් සඳහා දේශපාලන බලය ලබාදීමේ අවධානම ගැනය. මෙය වඩාත් විග්‍රහ කරන්නේ නම් උතුරේ දෙමළ දේශපාලන ඒකකයක්‌ හා නැගෙනහිර මුස්‌ලිම් ඒකකයක්‌ ඇති වීමය. මේ හරහා අනවශ්‍ය පුද්ගලයන්ට ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගනිමින් ඉන්දියාව පවා අස්‌ථාවර කළ හැකිය. එය සුපිරි බලවතුන්ගේ කෙළි බිමක්‌ වීමට ද ඉඩ ඇත.

13 වැනි සශෝධනය බලය බෙදාගැනීම සඳහා පිළිගත් ක්‍රමයක්‌ වුවද ශ්‍රී ලංකාවේ දෙමළ හා මුස්‌ලිම් ජනතාවගෙන් වැඩි පිරිසක්‌ ජීවත් වන්නේ මෙම පළාත් දෙකෙන් පිටස්‌තරය. එසේ බලන කළ 13 වැනි සංශෝධනය කිසිසේත්ම වැදගත් නොවේ.

උදාහරණයක්‌ වශයෙන් ගතහොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 න් 35 දෙනෙකු දෙමළ මන්ත්‍රීවරු වන අතර 25 දෙනකු මුස්‌ලිම් මන්ත්‍රීවරුය. මෙසේ බලන කළ වාර්ගික වශයෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ සෑහෙන පමණින් නියෝජනය වී ඇත. ඊට අමතරව අද පවතින ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව අනුව රජයක්‌ පිහිටුවීමේදී සුළු ජනතාව නියෝජනය කරන පක්‍ෂවල සහයෝගය අත්‍යවශ්‍ය වේ. ලංකා කම්කරු සංගමය සෑම අවස්‌ථාවකදීම මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇත. බලයට පත් වන සෑම රජයක්‌ සමගම ඔවුන් කටයුතු කර ඇත. පැරැණි ව්‍යවස්‌ථාව යටතේ වුවද මෙවැන්නක්‌ දක්‌නට ලැබුණි. ඩඩ්ලි සේනානායක රජය පිහිටුවනු ලැබුවේ දෙමළ පක්‍ෂවල ආධාරය ඇතිවය.

වර්තමානයේදී සිදු වූයේ සුළු පක්‍ෂ කීපයක්‌ එකතු වී රජයත් සමග කටයුතු කිරීම නොව වෙනත් රටක්‌ පිහිටුවීම සඳහා කටයුතු කිරීමය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමග වසර 30 ක කාලයක්‌ නොතිබි අවස්‌ථාවක්‌ දැන් උදා වී ඇත. මෙම අවස්‌ථාව හිතුමතේ කටයුතු කිරීමට ලබාදෙන අවසර පත්‍රයක්‌ නොවේ. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත කිරීම හෝ අනුමත නොකිරීම ජනතාවගේ අදහස අනුව ජනමත විචාරණයකින් සිදු විය යුත්තකි. එමෙන්ම 13 වැනි සංශෝධනය නැවත සකස්‌ කිරීමට යැම දීර්ඝ කාලයක්‌ ගත වන්නකි.

මේ සියලු කටයුතුවලදී අප ඉන්දියාව දැනුවත් කරමින් සිටිය යුතුය. අද ශ්‍රී ලංකාවට උදා වී ඇත්තේ මහඟු අවස්‌ථාවකි. මෙම අවස්‌ථාව අනාගතය ආරක්‍ෂා වන පරිදි ඥණාන්විතව යොදාගත යුතුය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v