ඇෆ්ගන් තලේබාන්වරුන්ට
විරුද්ධව
ඇමරිකාවෙන් මෙතෙක් නොවූ විරූ ප්‍රහාරයක්
ජනාධිපති බරක් ඔබාමාගේ ඇෆ්ගනිස්‌තානය ස්‌ථාවර තත්ත්වයට පත්
කිරීමේ වැඩසටහනේ අංගයක් වශයෙන් දහස් සංඛ්‍යාත ඇමරිකන් භටයන්
ඇෆ්ගන් හමුදාව සමග ඒකාබද්ධ වී තලේබාන් බලකොටු ඉලක්‌ක කර ගනිමින්
දැවැන්ත ප්‍රහාරයක් ක්‍රියාත්මක කර ඇත.
මෙම ප්‍රහාරය ඊයේ ඇරඹුණේ තලේබාන් බල ප්‍රදේශයක් මෙන්ම ලොව
විශාලතම අබිං නිපදවන ප්‍රදේශය වන හෙල්මන්ඩ් පළාතෙනි. මෙහි අරමුණ
අගෝස්‌තු ජනාධිපතිවරණයට පෙර හොල්මන්ඩ් ප්‍රදේශයෙන්
ත්‍රස්‌තවාදීන් පලවා හැරීමය. අසිපතේ ප්‍රහාරය නමැති මෙම
ක්‍රියාන්විතයට 4000 ක ඇමරිකන් සේනාවක් යොදවා තිබේ. ඇෆ්ගන්
හමුදාවද මීට එක්‌ව සිටී. යුද්ධය ඇරඹීමෙන් පසු මෙහෙයවනු ලබන
විශාලම ප්‍රහාරය මෙය වෙයි.
දකුණු ඇෆ්ගනිස්‌තානය තලේබාන්වරු බලය දරන ප්‍රදේශය වෙයි. ජනාධිපති
හමීඩ් කර්සායි "පස්‌තුන්" ගෝත්‍රික ඡන්ද අපේක්‌ෂා කරන
ප්‍රදේශයක්‌ද වේ.
මැතිවරණ ආසන්න වන විට 21000 ක සේනාවක් ඇෆ්ගනිස්‌තානයේ රැඳවීමට
පෙන්ටගනය සැලසුම් කර තිබෙන අතර වසර අවසන් වනවිට එහි යවනු ලබන
සොල්දාදුවන්ගේ සංඛ්‍යාව 68,000 ක් වනු ඇත. |