හින්දු පුවත්පතේ කර්තෘ සෙට්‌ටිකුලම්
කඳවුරේ
නිරීක්‍ෂණ චාරිකාවක


හින්දු පුවත්පතේ ප්‍රධාන කර්තෘ එන්. රාම් මහතා ඉකුත් 01 වැනිදා වව්නියාවේ සෙට්‌ටිකුලම් සරණාගත කඳවුරේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙම කඳවුරු පිළිබඳ විදේශ මාධ්‍ය වැරැදි ප්‍රචාරයන් යවා ඇති බව තමාට මේ නිරීක්‍ෂණ චාරිකාවේදී අවබෝධ වූ බවත් විදේශ මාධ්‍යවේදීන් මේ කඳවුරුවලට පැමිණ සැබෑ තත්ත්වය වාර්තා කළ යුතු බවත් රාම් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. එල්. ටී. ටී. ඊ. ග්‍රහණයෙන් මිදුණු දෙමළ දරුවන් මෙම කඳවුරුවල සතුටින් වෙසෙන බවත් රාම් මහතා ප්‍රකාශ කර තිබේ. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ ජනතාවගේ අනාගතය යහපත් කරුණු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v