මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ ණය මේ මස අවසානයේ ලැබෙයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 1.9 ක ණය මුදල මේ මස අගදී ශ්‍රී ලංකාවට ලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග "දිවයින" ට හෙළි කළේය. මෙම ණය මුදල ලබාදීමේ අවසාන අදියරට දැන් ළඟාවී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි. මේ වනවිට ලංකාවට මෙම ණය මුදල ලබාදීමට එරෙහිව නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් පැවැති බාධාවන් ඉවත්ව ගොස්‌ ඇති බවත් මේ අනුව අදාළ ණය මුදල අනිවාර්යයෙන්ම ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

ලංකාවට මෙම ණය මුදල ලබාදීමට අදාළ වාර්තාව මේ මස මැදදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්‌ඩලයට ඉදිරිපත්වනු ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් තවදුරටත් වාර්තා වේ.
 

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v