මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ නාය යැමේ අවදානම ඉහළට

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ දිවයිනේ දිස්‌ත්‍රික්‌ක කීපයක නාය යැම්, පස්‌ කඳු සහ ගල් කඳු කඩා වැටීමේ අවදානම ඉහළ යා හැකිබව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශය අනතුරු අඟවයි. මධ්‍යම කඳුකරයේ නාය යැමේ අවදානම ඉහළ යා යෑකි බවද භූ විද්‍යාඥයන් අනතුරු අඟවයි. මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, රත්නපුරය.

කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවල මෙම අවදානම පවතින බව ද කියයි.

පැරැණි නාය යැම් නැවත සක්‍රීය වී පෙර සිදුවූ අනතුරුවලට වඩා දරුණුq අනතුරු සිදුවිය හැකි බවත් තව නාය යැම් ඇතිවිය හැකි බවත් අනතුරු අඟවන භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පස්‌ කඳු සහ ගල් කඳු කඩා වැටීම ඉහළ මට්‌ටමක පවතින බවද පැවසීය. නාය යැම්වලට වඩා පස්‌ කඳු කඩා වැටීමෙන් සිදුවන අනතුරුවල වර්ධනයක්‌ සිදුව ඇති බව ද කීය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v