අවතැන් කඳවුරුවලින් හමුවූ පෝස්‌ටර් කීපයකින්
මළ ප්‍රභාට පණ දීලා

කීර්ති වර්ණකුලසූරිය

ප්‍රභාකරන් මියගියේ නැති බව හා ඊළම් අරගලය දිගටම ක්‍රියාත්මක වන බව සඳහන් වන අත් අකුරින් ලියෑවුණු පෝස්‌ටර් කීපයක්‌ උතුරේ අවතැන් වූවන්ගේ කඳවුරුවලින් හමුවීම නිසා ආරක්‍ෂක බලධාරීන් ඊයේ (2 දා) පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇත. මේ අභිරහස්‌ පෝස්‌ටර් අවතැන් වූවන්ගේ කඳවුරුවල  අනාථයන් වේෂයෙන් සිටින කොටි ත්‍රස්‌තයන්ගේ ක්‍රියාවක්‌ යෑයි සනාථ වී තිබේ.

අප දැනටත් මේ පෝස්‌ටර්වලට වගකිවයුතු ත්‍රස්‌තයන් සෙවීමේ මෙහෙයුමක්‌ ආරම්භ කළා. පැන යැමට උත්සාහ කළ ත්‍රස්‌තයන් දෙදෙනකුත් අල්ලා ගත්තා යෑයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය. රජය විසින් වවුනියාව මන්නාරම හා යාපනය යන ස්‌ථානවල අවතැන් වූවන්ගේ කඳවුරු කීපයක්‌ පවත්වාගෙන යයි.

මේ කඳවුරු හමුදා පාලනයෙන් ඉවත්කර සිවිල් පාලනයට ලබාදෙන්නැයි රජයෙන් කළ ඉල්ලීමද විගස ප්‍රතික්‌ෂේප වී ඇත.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v