pRvw~

ගඟට වැටුණු සපත්තුව ගැනීමට ගත් වෑයම වරදී
වේ ගඟට වැටී ශිෂ්‍යයා මරුට


ඕපනායක - ජයලත් එම්. විමලසේන

පාසල ඇරී ගෙදර යමින් සිටි අටහැවිරිදි සිසුවකු වේ ගඟට වැටී මියගොස්‌ ඇත. මෙසේ මියගොස්‌ ඇත්තේ ඕපනායක මාදොල එගොඩ උයන පදිංචි ඒ. එච්. බුද්ධික ප්‍රභාත් නමැති අයෙකි. ඔහු ර/ උඩවෙල විදුහලේ ශිෂ්‍යයෙකි.

සපත්තු ගලවා ගඟෙන් එගොඩ වීමට ගිය සිසුවා අතින් සපත්තුව ගඟට වැටී ඇත. සපත්තුව ගන්නට ගත් උත්සාහයේදී යකාවල ලෙසින් හඳුන්වන ගැඹුරු ප්‍රදේශයේ වැටුණ සිසුවා දියේ ගිලී මියගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

ඔහු අක්‌කා සමඟ පාසලේ සිට ගෙදර යමින් සිට ඇත. අලුතින් මිලදී ගත් සපත්තු යුගල පළමුවෙන්ම පැළඳ ගොස්‌ ඇත්තේ මෙදිනය. මෙම අවාසනාවන්ත සිදුවීම පෙරේදා (01 වැනිදා) සිදුවිය. ඕපනායක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v