pRvw~

ආණ්‌ඩුවේ නාස්‌තිය හා දූෂණය වසා ගැනීමට
තෙල් මිල වැඩි කළා

ගයන්ත කරුණාතිලක

පියසේන දිසානායක

බදුපිට බදු පැනවීම හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණපා සිටින අවස්‌ථාවක ආණ්‌ඩුවේ නාස්‌තිය හා දූෂණය වසා ගැනීම වෙනුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව එක්‌සත්  ජාතික පක්‍ෂය සිය දැඩි විරෝධය රජයට පළකර සිටින බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල අඩු වීමේ සහනය මෙරට ජනතාවට ලබා නොදෙන ආණ්‌ඩුව සෙස්‌ බද්ද පනවා පෙට්‍රල් ලීටයරකින් රුපියල් 25 ක්‌ ද ඩීසල් ලීටරයකින් රු. 15 ක්‌ ද උපයා ගැනීම අසාධාරණ ක්‍රියාවක්‌ බැවින් වහාම එම බද්ද ඉවත් කොට ජනතාවට සහනය ලබාදිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (2 වැනිදා) සවස පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය කළ ගයන්ත කරුණාතිලක මහතා සාමාන්‍යයෙන් සෙස්‌ බද්දෙන් අය කරනු ලබන මුදල් අදාළ ආයතනවලට ලැබිය යුතු වුවත් ඉන්ධන සඳහා සෙස්‌ බදු වශයෙන් මෙතෙක්‌ අය කර ගත් ශතයක්‌වත් ඛනිජතෙල් සංස්‌ථාවට ලබාදී නැති බව අනාවරණය කළේය.

මෙම තත්ත්වය මත ඛණිජ තෙල් සංස්‌ථාව මේ වනවිට රුපියල් මිලියන 83,000 ක්‌ ණය වී තිබෙන බවත් ආණ්‌ඩුවේ දූෂණය හා නාස්‌තිකාර වියදම් සඳහා ඉහත මුදල් බැර වී ඒ බර මෙරට අහිංසක ජනතාවට ගෙවීමට සිදුවීම මහ පාපයක්‌ බවත් හෙතෙම කීය.

යුද්ධය වෙනුවෙන් කැපවීම් කළ ජනතාවට සහනයක්‌ දිය යුතු අවස්‌ථාවක මෙන්ම රැකීරක්‍ෂා අහිමි වී ආදායම් මාර්ග බිඳ වැටී, ජීවන වියදම ඉහළ ගොස්‌ තිබෙන අවස්‌ථාවක ජනතාවට සහන දෙනවා වෙනුවට ඉන්ධන මිල තව තවත් වැඩිකොට සමස්‌ත ජනතාව කබලෙන් ලිපට ඇද දැමීම එක්‌සත් ජාතික පක්‍ෂය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද කරුණාතිලක මහතා කීය.

මේ වනවිට ලෝක වෙලෙඳපොළේ පිරිසිදු කළ තෙල් බැරලයක්‌ ඇමරිකානු ඩොලර් 75-78 ක්‌ වන අතර ඩීසල් බැරලය ඩොලර් 60 ක්‌ පමණ වන බව අනාවරණය කළ ඒ මහතා එම තත්ත්වය මත අද වරායට ගෙන්වන විට පෙට්‍රල් ලීටරයේ උපරිම මිල රු. 60 ක්‌ හා ඩීසල් ලීටරය රු. 55 ක්‌ වුවද ඒ මිල ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැඩි වී ඇත්තේ අනවශ්‍ය බදු ගැසීම් හා ආණ්‌ඩුවේ දූෂණය, වංචාව හා දූෂිත හෙජින් ගනුදෙනු වෙනුවෙන් මුදල් පියවීම නිසා බවද පැවසීය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v