pRvw~

රටේ සංවර්ධනය ගැන තීරණ ගන්නා සර්ව පාක්‍ෂික
කමිටු රැස්‌වීමට සියලූ පක්‍ෂ නියෝජිතයෝ එති


අනුර බාලසූරිය

රටේ සංවර්ධනය හා ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ තීරණ ගැනීම සඳහා පිහිටුවනු ලැබූ සර්වපාක්‍ෂික කමිටු ප්‍රථම රැස්‌වීම සියලුම දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (02 දා) පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්‌ වූ සර්වපාක්‍ෂික කමිටුවක්‌ ප්‍රථම වරට සියලුම දේශපාලන පක්‍ෂ සහභාගිත්වයෙන් පැවැත්වීම කැපී පෙනුණු සිද්ධියක්‌ විය.

මෙම සර්වපාක්‍ෂික කමිටු රැස්‌වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ලංකා ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් සන්ධානය, පත්මනාභ ඊළාම් ජනතා විප්ලවීය විමුක්‌ති පෙරමුණ, බස්‌නාහිර ජනතා පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, එක්‌සත් ජාතික පක්‍ෂ (ප්‍රජාතන්ත්‍රවාදී කණ්‌ඩායම), ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, මහජන එක්‌සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආදී සියලු පක්‍ෂවල නායකයෝ හා නියෝජිතයෝ එක්‌වූහ.

රටේ සංවර්ධනය හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීරණ ගැනීමට ජනාධිපතිවරයා විසින් සර්වපාක්‍ෂික කමිටුවක්‌ පිහිටුවා සියලු පක්‍ෂවල අදහස්‌ යෝජනා ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා රජයට ඔවුහු සිය ප්‍රශංසාව පළ කළහ.

මෙහිදී උතුරේ අවතැන් ජනතාව පිළිබඳ ඔවුන්ට ලබාදෙන මූලික පහසුකම් නැවත පදිංචි කිරීම, එම පළාතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට ගෙන ඇති හා ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග පිළිබඳ විස්‌තරයක්‌ ද සියලු පක්‍ෂවල නියෝජිතයන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කෙරිණි.

උතුරේ සහන මධ්‍යස්‌ථානවල සිටින ජනතාව කඩිනමින් නැවත පදිංචි කරවීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම, සංවර්ධන ක්‍රියාමාර්ග තිරසාර දේශපාලන විසඳුමක්‌ ලබාදීම සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්‍ෂ කරුණු ඉදිරිපත් කළහ. මෙවැනි සර්වපාක්‍ෂික සමුළුවක්‌ කැඳවා සියලුම පක්‍ෂවල අදහස්‌ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ ජනාධිපතිවරයාට සිය ස්‌තුතිය ප්‍රශංසාව පළ කළහ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v