| |
|
|
pRvw~
ශ්‍රී ලාංකික ධීවරයෝ
107 ක් තමිල්නාඩු අත්අඩංගුවේ
කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලාංකික ධීවරයන් 107 ක් ධීවර බෝට්‌ටු 17 ක් මේ
වනවිට තමිල්නාඩු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි
ශ්‍රී ලංකා රජය වෙත අනාවරණය වී ඇත.
සමුදිත, ලක්‌සිරි, මධුරංග, කපිල නදිල, සංජීව ජයසිකුරු,
ප්‍රියංකර, රොෂාන් පුතා, චන්ද්‍රිකා, නියුරෝ -02, මනෝ-
පුතා, ජෙසයුරු, ලක්‌මින්, නාමල්, දුව විෂ්මි සහ ජුදේහයා යන
මෙම බෝට්‌ටු ඉන්දීය මුහුදු ප්‍රදේශයේදී වෙරළාරක්‍ෂක බළකාය
විසින් අල්ලාගෙන තිබේ.
මෙම බෝට්‌ටුවල සිටි ධීවරයන් 107 දැනට තමිල්නාඩුවේ පුස්‌තල්
මධ්‍යම සිරකඳවුරේ රඳවා ඇත.
මෙකී ධීවරයන් හා බෝට්‌ටු නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා රජය
විසින් ඉල්ලා තිබේ.
|
|
|
|