pRvw~

අනඳ විරු හරසර උපහාර උළෙල

ලක්‌දිව බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ වන්නා වූ ආනන්දය බෞද්ධ හැදියාව මුසුකොට ගත් සාරධර්ම, සිරිත්විරිත්වලින් පෝෂණය කර ගුණධර්මයන්ගෙන් හා මනා පෞරුෂත්වයකින් හෙබි නායකයන් රටට දායාද කළේය. එය ඉදිරියට ද එසේම වනු ඇත. ආනන්දයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ නායකත්වය වර්තමානයේ විද්‍යමාන වී ඇති බව අප සියලු දෙනා අවිවාදයෙන් පිළිගත යුතු කරුණක්‌ වන්නේය.

1948 දී යටත් විජිතවාදයෙන් ලංකාමාතාව බේරා ගැනීමට සිංහල ජාතියේ නිදහස උදෙසා කළ සටන්වල මූලිකත්වය ගත්තේ ද ආනන්ද මාතාවගෙන් සෙවණ ලද ආනන්ද පුතණුවන්මය. අදද එය එසේම විය. ඉදිරියට ද එය එසේම වනු ඇත. පළමු බිල්ල වශයෙන් ආනන්දීයකු බිල්ලට ගනිමින් ඇරඹුණු කුරිරු කොටි ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාද්වීපයෙන් මුලිනුපුටා දමා ලක්‌මව එක්‌සේසත් කිරීම උදෙසා ශ්‍රේෂ්ඨ නායකත්වයක්‌ දීමට අප ආදි ආනන්දීයෝ සමත් වූහ. එම මවුබිම කුරිරු කොටි ත්‍රස්‌තවාදයෙන් මුදාගැනීම උදෙසා කළ මෙහෙයුමෙහි නායකත්වය ගනිමින් ක්‍රියා කළ සෙන්පතිවරුන් අතරින් බහුතරයක්‌ ආදි ආනන්දීයෝ වෙති. යුද, නාවික, ගුවන් සහ ත්‍රිවිධ හමුදා මෙන්ම පොලිසියේ හා සිවිල් ආරක්‍ෂක බළකායේ ද සෙන්පතිවරුන් වශයෙන් අප ආදි ආනන්දීයෝ මෙම මවුබිම බේරා ගැනීමේ උදාරතර මෙහෙවරේ කොටස්‌කරුවෝ වූහ. එසේම සියලු හමුදාවන් මනා ලෙස සම්බන්ධ කරමින් අවසන් මෙහෙයුම ජයගැනීම උදෙසා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ තම දිවිහිමියෙන් කැපවිය. යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, සිවිල් ආරක්‍ෂක බළකා ප්‍රධානි රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙන්ම සේනාංකාධිපතිවරුන් වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් රඹුක්‌පොත, මේජර් ජෙනරල් නන්දන උඩවත්ත, බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා, බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ, බ්‍රිගේඩියර් ජගත් විජෙතිලක වැනි යුද හමුදා ප්‍රධානීන් ද, කපිතාන් නොයෙල් කළුබෝවිල, කමාන්ඩර් දේවක චන්ද්‍රසිරි, ලුතිනන් කමාන්ඩර් නලින්ද්‍ර ජයසිංහ යනාදී නාවික නිලධාරීහු ද එයාර් කොමදෝරු කිෂාන් යහම්පත්, ගෲප් කපිතාන් රවී ජයසිංහ, වින් කමාන්ඩර් ධම්මික වැලිගොඩපොල ආදි ගුවන් හමුදා නිලධාරීහු ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද බාලසූරිය, නියෝජ්‍ය පොලිස්‌පති සරත්චන්ද්‍ර ලියනගේ වැනි පොලිස්‌ නිලධාරීහු ද අප මවුබිමේ ඒකීයභාවය උදෙසා සාමය උදාකරනු පිණිස තම දිවි පරදුවට තබා සටන් කර අප මාතෘභූමිය නිදහස්‌ නිවහල් රාජ්‍යයක්‌ බවට පත්කළහ. එය සමස්‌ත ශ්‍රී ලාංකිකයන් ලද ජයග්‍රහණයක්‌ වන්නේය. එසේම එම මෙහෙවරෙහි නායකත්වය ලබාදීමට ආනන්ද පුතුන් බිහිකිරීම තුළින් ආනන්ද මාතාව තම දේශයේ අවශ්‍යතාවය මැනවින් ඉටු කළාය. එම සේනාධිපතිවරුන්ට තම නායකත්වයේ තිඹිරිගෙය වූයේ ආනන්ද මාතාවෝය. තම පාසල් ජීවිතයෙන් ලද පන්නරය ඒ සඳහා ඉවහල් වූ බව නොඅනුමානය.

ඒ වගේම එවැනි අභීත අනඳ පුතුන් බිහිකිරීමේලා අනඳ මාතාව විසින් සිදු කළා වූ මෙහෙයෙහි ඇය සමඟ අත්වැල් බැඳගත්තා වූ පිරිස්‌ මේ අවස්‌ථාවේදී සිහිපත් කිරීම ද අත්‍යවශ්‍ය වන්නේය. එකී මෙහෙවරේදී ආනන්ද නියමුවරුන් වශයෙන් අපගේ ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරුන් රටට ජාතියට වැඩදායී අනඳ පුතුන් බිහිකිරීම තමාගේම වගකීම කොට සලකමින් කටයුතු කළ බව වත්මනෙහි අපට ඔප්පු වී හමාරය. එතුමන්ලා ආනන්ද තුළ සුවිසල් වෘක්‍ෂයන් වූහ.

මෙවැනි පරිසර වටපිටාවක්‌ තුළින් පන්නරය ලැබූ ආනන්දීය තම අභිප්‍රායන් මල්ඵල ගැන්වීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට පියවර තැබූහ. එලෙස තම පාසල් මාතාව තුළින් ලබාගත් පන්නරය තුළින් ලක්‌මාතාවගේ ඒකීයභාවය හා සාමය උදාකර ගැනීමේ තිර අදිටනින් රුදුරු කොටි ත්‍රස්‌තයන් හා සටන්වැදුණු අප සෙන්පතිවරුන් මුළු ලක්‌දිව විජයග්‍රහණය කිරීමට සමත් විය. එම යුග මෙහෙවරෙහි නියෑළුණු ශ්‍රේෂ්ඨ අනඳ පුතුන් උදෙසා අප ආනන්ද මාතාවගේ ගෞරවය ප්‍රණාමය පුදකරන අද දින වත්මන් ආනන්දීයකු වශයෙන් එය මා සටහන් කරන්නේ සිහින් සතුටු කඳුළක්‌ නෙතග දරාගෙන ඉතා නිහතමානී ආඩම්බරයකිනි.

එම උතුම් මෙහෙවරෙහි වසර 123 ක්‌ පුරාවට නිරත වෙමින් සිටින්නා වූ අප පාසල් මාතාවට ඉදිරි අනාගතයේදීත් රටට ආදරය ඇති, රට, දැය, ජාතිය උරුමය සුරකින ශ්‍රේෂ්ඨ නායකයන් බිහිකිරීමට ශක්‌තිය ධෛර්යය ලැබේවායි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමිෘ

ඔබ සැමට ආනන්ද මාතාවගේ සරණයිෘ

රන්දික ජයවර්ධන
උප ප්‍රධාන ශිෂ්‍ය විධායක
ශිෂ්‍ය විධායක මණ්‌ඩලය
ආනන්ද විද්‍යාලය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v