pRvw~

ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 194 ක්‌ සහිත බෝට්‌ටුවක්‌
ඔස්‌ටේ්‍රලියාවේදී දැලේ


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 194 ක්‌ රැගත් බෝට්‌ටුවක්‌ ඕස්‌ටේ්‍රලියාවේ ක්‍රිස්‌මස්‌ දූපත අසලදී ඕස්‌ටේ්‍රලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතර කොටි සාමාජිකයන් ද සිටින බවට සැකපහළවීම නිසා දැන් දැඩි විමර්ශනයන් කෙරෙන බව ඕස්‌ටේ්‍රලියානු ආගමන විගමන නිලධාරීන් හෙළි කර තිබේ.

මෙම ද්‍රවිඩයන් පිරිස ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවට ගොස්‌ එතැනින් බෝට්‌ටුවක නැගී ඕස්‌ටේ්‍රලියාවට පැමිණ ඇත. මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් රැගෙන ඕස්‌ටේ්‍රලියාවට පැමිණි 16 වැනි බෝට්‌ටුව මෙයයි.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v