pRvw~

සර්ව පාක්‍ෂික යෝජනා ක්‍රියාත්මක වන්නේ
ජනමත විචාරණයකින් පසුවයි

ඇමැති ලක්‌ෂමන් යාපා අබේවර්ධන


තුෂාරී කළුබෝවිල

සර්ව පාක්‌ෂික නියෝජිත කමිටුව ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක්‌ ක්‍රියාත්මක කිරීමට පෙර ජනමත විචාරණයකට ලක්‌ කරන බව ජනමාධ්‍ය ඇමැති ලක්‌ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

කමිටුව ගෙන එන යෝජනා මොනවාදැයි මෙතෙක්‌ රජය නොදන්නා බැවින් ඒවා ඉදිරිපත් වීමෙන් පසුව සියලු පක්‌ෂ සමඟ සාකච්ඡා කර බහුතර සම්මුතියකින් පසුව ජනතා අනුමැතියකින් ක්‍රියාත්මක කිරීම මහින්ද චින්තන ප්‍රතිපත්තියෙන්ද දක්‌වා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මහා ආණ්‌ඩුවට නොහැකි බවත්, එය ක්‍රියාත්මක කළ යුත්තේ පළාත් සභා මගින් බවත් ඇමැතිවරයා කීය.

13 වන ව්‍යවස්‌ථා සංශෝධනය පදනම් කරගෙන පළාත් සභාවලට බලය බෙදාහැරීමේ යෝජනාවලට විරුද්ධව කරන බලපෑම්වලට ඉඩක්‌ නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අවධාරණය කර ඇතැයිද ඇමැතිවරයා (01 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v