pRvw~

ජ"පුර සරසවියේ ආගම් ප්‍රචාරයක යෙදුණු ආරක්‌ෂකයන්
දෙදෙනකු සේවයෙන් නෙරපයි


සිරිමන්ත රත්නසේකර

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ සදාචාර වීරෝධී ලෙස අන්‍යාගමීකරණ කටයුතුවල නියෑළී සිටියේ යෑයි පැවසෙන එහි ආරක්‌ෂක කටයුතුවල නියෑළී සිටින පෞද්ගලික ආරක්‌ෂක අංශයක සේවය කළ සේවිකාවක හා සේවකයකු සේවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර, ආරක්‌ෂක අංශය පියවර ගෙන ඇත.

මෙසේ විශ්වවිද්‍යාල සේවයෙන් පහ කර ඇත්තේ එහි පෞද්ගලික ආරක්‌ෂක අංශයේ සේවය කළ මවු පුතු දෙපළක්‌ බවත් ඔවුන් මාස ගණනාවක්‌ තිස්‌සේ විශ්වවිද්‍යාලයේ ඉතා රහසිගතව මෙම ක්‍රියාවෙහි නිරතවී ඇති බවට සාක්‍ෂි සහිත තොරතුරු ලැබී ඇති බවත් විශ්වවිද්‍යාලයීය ආරක්‌ෂක අංශ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

මෙම සිද්ධිය පිළිබඳව සාක්‌ෂි සහිත තොරතුරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය භික්‌ෂු සංගමය විසින් ආරක්‌ෂක අංශය වෙත ලබාදී ඇති බවත්, එම පැමිණිල්ල අනුව ඉදිරියේදී පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එම ආරක්‌ෂක නිලධාරියා "දිවයින" ට පැවැසීය.

මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්‌ෂු සංගමයේ සභාපති මහමිතව පඤ්ඤාරතන ස්‌වාමීන් වහන්සේගෙන් "දිවයින" කළ විමසුමකදී උන්වහන්සේ පැවසුවේ මෙම තැනැත්තියගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු මීට පෙර ලැබී තිබූ බවත් ඒ අනුව ඇය පිළිබඳව සෝදිසියෙන් සිට මෙම ඇගේ ක්‍රියාකාරිත්වයේ සියලු තොරතුරු සාක්‍ෂි සහිතව සපයා ගැනීමට හැකිවූ බවත්ය.

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v