pRvw~

සීමාවාසික පුහුණුව අවසන් කළ අවතැන් කඳවුරුවල
වෛද්‍යවරුන් සේවාවලින් ඉවත්වීමේ තීරණයක්‌

ඒමන්ති මාරඹේ

පසුගිය මාර්තු මාසයේදී උතුරේ අවතැන් වූවන් වෙසෙන කඳවුරුවල සේවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුයුක්‌ත කෙරුණ සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 232 දෙනා අද (03 දා) සිට එම කඳවුරුවල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

පසුගිය පෙබරවාරි මස 04 වැනිදා සිය සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කර ඇති මෙම වෛද්‍යවරුන් පිරිසට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීම සඳහා සකස්‌ කරන ලද පත්වීම් ලේඛනය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධව විරෝධය පළ කරමින් මෙම පියවර ගන්නා බව එම වෛද්‍යවරු පවසති.

මෙම වෛද්‍යවරුන් වවුනියාව, සෙට්‌ටිකුලම් හා මැණික්‌ ෆාම් යන අවතැන් වූවන් වෙසෙන කඳවුරුවල සේවයට අනුයුක්‌ත කර සිටිති. සේවා කටයුතුවලින් ඉවත් වුවද හදිසි සේවාවන් පමණක්‌ පවත්වාගෙන යන බව ඔවුහු කියා සිටිති.

මෙම සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කර ඇති වෛද්‍යවරුන් පිරිස පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා නිසි පරිදි අයෑදුම් කර තිබියදීත් එම පත්වීම් ලේඛනය අත්හිටුවීම පිළිගත නොහැකි බව එම වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. අදාළ පත්වීම් ලේඛනය ක්‍රියාත්මක කරන තෙක්‌ සිය ක්‍රියාමාර්ගය අත්නොහිටුවන බවද ඔවුහු පවසති.

මේ අතර මේ සම්බන්ධව විමසූ විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (වෛද්‍ය සේවා ෂෂ) වෛද්‍ය විමල් ජයන්ත මහතා කියා සිටියේ අදාළ පශ්චාත් සීමාවාසික පත්වීම් ලේඛනය මෙතෙක්‌ අවලංගු කර නැති අතර ලේඛනය සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා මතුව ඇති බවකි.

 

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v