pRvw~

වැවිලි සමාගම් 23 න් 19 ක්‌ හිඟ බදු ගෙවලා

ලසිත දුමින්ද

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින සමාගම් 23 න් සමාගම් 19 ක්‌ ඊයේ (02 වැනිදා) වන විට හිඟ බදු කුලී ගෙවා ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති දි. මු. ජයරත්න මහතා පැවසීය.

එA අනුව අදාළ සමාගම් කෝටි 18 ක කුලී මුදල් ගෙවා ඇති අතර තවත් රුපියල් කෝටි 6 ක පමණ මුදලක්‌ සමාගම් 4 කින් අයවිය යුතුව ඇත.

පෞද්ගලික අංශයේ වැවිලි සමාගම් තුනක්‌ හා කුරුණෑගල රජයේ වැවිලි සමාගම මෙතෙක්‌ හිඟ කුලී මුදල් ගෙවා නොමැත.

2009 ජුනි මස 30 වැනි දිනට පෙර අදාළ සමාගම් හිඟ කුලී මුදල් ගෙවන ලෙසට අමාත්‍යාංශය දැනුම් දී ඇති අතර, ඊට පෞද්ගලික වැවිලි සමාගම් හා ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ද නිසි ප්‍රතිචාර දක්‌වා ඇතැයි අමාත්‍යාංශයේ ලේකම් ඉන්ද්‍රdණි සුගතදාස මහත්මිය පැවසුවාය.

එසේම හිඟ මුදල් මෙතෙක්‌ ගෙවා නොමැති සමාගම් සම්බන්ධයෙන් පියවරක්‌ ගන්නා බවද ලේකම් ඉන්ද්‍රdණි සුගතදාස මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v