pRvw~

ඉදිරි සති දෙකෙන් පසු අඩු මිලට මාළු ගත හැකියි
ධීවර ඇමැති කියයි

ශිරාන් රණසිංහ

ඉදිරි සති දෙකෙන් පසුව එA-09 මාර්ගය ඔස්‌සේ උතුරේ අල්ලන මාළු දකුණට ගෙන එAමට සැලසුම් කර ඇති බැවින් ළඟදීම අඩු මිලට මාළු මිලදී ගැනීමට ජනතාවට ඉඩ සැලසෙන්නේ යෑයි ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා මහතා "දිවයින"ට පැවසීය.

1983 න් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ලැබුණ මත්ස්‍ය අස්‌වැන්න සියයට පහ පමණ දක්‌වා අඩු වූ බවත් 83 පෙරාතුව උතුරු ප්‍රදේශයෙන් ලැබූ මත්ස්‍ය අස්‌වැන්න ලබාගැනීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

1983 ට පෙරාතුව මුලතිව්වලින් මත්ස්‍යයින් මෙටි්‍රක්‌ ටොන් 10,540 ක්‌ද, කිලිනොච්චියෙන් මෙටි්‍රක්‌ ටොන් 5000 ක්‌ද, යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් මෙටි්‍රක්‌ ටොන් 38,000, මන්නාරමෙන් මෙටි්‍රක්‌ ටොන් 13,000 ක්‌ද වශයෙන් ලැබුණ බවද ඇමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් පැවති ත්‍රස්‌තවාදය නිසා එA මත්ස්‍ය අස්‌වැන්න මෙරටට නොලැබී ගිය බවත් හලාවත සිට හම්බන්තොට දක්‌වා වූ මුහුදෙන් රටට අවශ්‍ය මෙටි්‍රක්‌ ටොන් 250,000 ක්‌ වාර්ෂිකව ලබාදීමට සිදුවූ නිසා මාළු මිල ඉහළ ගිය බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මේ වන විට අල්ලන මත්ස්‍ය සම්පතින් සියයට 40 ක ප්‍රමාණයක්‌ විනාශ වන බැවින් නවීන තාක්‍ෂණික ක්‍රම හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

විශේෂයෙන්ම ටින් මාළු කර්මාන්ත ශාලාවක්‌ ගාල්ලේ ඉදි කිරීමට පියවර ගන්නා බවත් එA හරහා මෙරට ජනතාවට අඩු මිලට ටින් මාළු ලබාදෙනවා පමණක්‌ නොව විශාල රැකියා අවස්‌ථා ප්‍රමාණයක්‌ ද ලබාදෙන්නේ යෑයි ද ඇමැතිවරයා කීවේය.

උතුරු වසන්තය යටතේ උතුරේ සිටින ධීවර පවුල් 219 ක්‌ සඳහා අවශ්‍ය ධීවර ආම්පන්න, බෝට්‌ටු, බහුදින යාත්‍රා ලබාදෙමින් දින 180 ක කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ මේ වන විට ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

මෙරට වැඩිම මත්ස්‍ය අස්‌වැන්න ලැබුණ උතුරේ වොඡ් අයින සහ පේදුරු අයින යන ප්‍රදේශවලින් ලැබිය හැකි මත්ස්‍ය අස්‌වැන්න පිළිබඳ අධ්‍යයනය කර තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය උතුරේ ධීවර ප්‍රජාව නගාසිටුවීම සඳහා රුපියල් මිලියන 23,925 ක දැවැන්ත මුදලක්‌ වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.

ලංකා ධීවර සංස්‌ථාව මේ වන විට පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇත්තේ එහි ක්‍රියාවලිය නිසියාකාර නොමැති බැවින් යෑයි ද එනිසා එය ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට නිසි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා කීවේය.

ධීවර සංස්‌ථාවේ මේ වන විට 700 ක පමණ සේවක පිරිසක්‌ සිටිය ද ඔවුනගෙන් සියයට 65 ක්‌ම කාන්තාවන් බැවින් ධීවර සංස්‌ථාවෙන් කෙරෙන කටයුතු ඉන් ඉටු නොවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. නමුත් ධීවර ප්‍රජාව සහ ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහා ධීවර සංස්‌ථාවේ පාඩුව ද කරපින්නාගෙන තමන්ට බාර දී තිබෙන කටයුත්ත නිසි ලෙස ඉටු කරන බවද ඇමැතිවරයා ඊයේ (02 වැනිදා) ජාඇල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v