මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට බෙහෙත් නෑ වකුගඩු බද්ධ කළ රෝගීන් 800 ක් අනතුරුදායක තත්ත්වයක සිරිල් විමලසුරේන්ද්‍ර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වකුගඩු ශල්‍ය වෛද්‍ය රෝහලක් වූ මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමට භාජන වූ රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තුනක දැඩි හිඟයක් පවතී. වකුගඩු බද්ධ කරනු ලැබූ රෝගීන්ට දිනපතා ලබාදිය යුතු "මයිකොෆිනෝලේට් මොෆිටිල්" (ඵසජදචයසබදක්‌එe ඵදසෙඑeක) සහ ඊට අමතරව ප්‍රෙඩසොලොන් (ඡරුdasදකදබැ) සහ සයික්‌ලොස්‌සෝරියර් (Cහජකදිදඩස්‌ර) රෝහලේ හිඟ බව පසුගිය ඉරිදා පැවති මහනුවර වකුගඩු රෝගීන් ආරක්‍ෂා කිරීමේ සංගමයේ රැස්‌වීමකදී ප්‍රකාශ විය. වකුගඩු බද්ධ කරනු ලැබූ රෝගීන් දිනපතා ලබාදිය යුතු ප්‍රධානතම ඖෂධය වූ මයිකොෆිනොලේට් මොෆිටිල් රෝහලේ නොමැති බැවින් වකුගඩු බද්ධ කිරීමට පාත්‍ර වුණු රෝගීන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත්වී ඇතැයි වකුගඩු රෝගීන් ආරක්‍ෂා කිරීමේ සංගමයේ රැස්‌වීමේදී ප්‍රකාශ විය. මෙම ඖෂධ වර්ගය දිනකට දෙවරක් රෝගියකුට ලබාදිය යුතු බවත් එක් ඖෂධ පෙත්තක් පෞද්ගලික ඖෂධ වෙළෙඳසැල්වල අලෙවි කෙරෙන්නේ රුපියල් 295 ක් වැනි මිලකට වන බැවින් වකුගඩු රෝගීන් සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභීන් බැවින් මෙම වියදම දරන්නට අපොහොසත් බවද රැස්‌වීමේදී ප්‍රකාශ විය. මෙම ඖෂධ පෙත්තක් රුපියල් 40 ක් වැනි මිලකට රජය මගින් රෝහලක ලබාදීමට පුළුවන්කම තිබෙන බවද රැස්‌වීමේදී ප්‍රකාශ විය. ටෙන්ඩර් ක්‍රමය මගින් ඖෂධ රජයේ සෞඛ්‍ය අංශය ලබාගැනීමට පියවර ගතහොත් අඩු මිලකට ලබාගැනීමට පුළුවන්කම තිබෙන බව සංගමයේ සාමාජික අධිනීතිඥ ලාල් විඡේනායක මහතා පෙන්වා දුන්නේය. වකුගඩු බද්ධ කළ රෝගීන් 800 ක් පමණ මහනුවර වකුගඩු රෝහලේ සිටින බවත් ඖෂධ හිඟය නිසා ඔවුන්ගේ ජීවිත අනතුරුදායක බැවින් ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජය නොපමාව මැදිහත් විය යුතු බවද අධිනීතිඥ ලාල් විඡේනායක මහතා අවධාරණය කළේය. මීට අමතරව ප්‍රෙඩසොලෝන් සහ සයික්‌ලොසෝරියර් නමැති ඖෂධ හිඟය ද රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂාවට තර්ජනයක් වී තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v