pRvw~

යල කන්නයේ වී රජය මිලදි ගනී

රනිල් ධර්මසේන

මෙවර යල කන්නයේ වී මෙටි්‍රක්‌ ටොන් 70000 ක්‌ මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2030 ක මුදලක්‌ මහා භාණ්‌ඩාගාරයෙන් වෙන් කර තිබේ.

විශේෂයෙන්ම රජයේ පොහොර සහනාධාරවල ප්‍රතිලාභ ලබන මහා වාරිමාර්ග ප්‍රදේශවල සිටින ගොවීන්ගේ අස්‌වැන්නෙන් සියයට 10 ක්‌ පමණ මෙලෙස මිලදී ගන්නා බව ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

මීට අදාළව ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.

රුපියල් 28 ත් 30 ත් අතර සහතික මිලකට මෙම වී ලබා ගැනීමට නියමිත අතර ඒ අනුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මෙටි්‍රක්‌ ටොන් 15000 ක්‌ ද නැගෙනහිර පළාතෙන් මෙටි්‍රක්‌ ටොන් 20000 ක්‌ද වයඹ පළතෙන් මෙටි්‍රක්‌ටොන් 8000 ක්‌ද ඇතුළුව වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශවලින් වී ලබා ගැනේ.
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v