pRvw~

කොළඹ කසළ බැහැර කිරීමේ කටයුතු ක්‍රමවත්ව
සිදුකිරීමට නගර සභාව ක්‍රියා කළ යුතුයි

විනිසුරු ශිරාණි තිලකවර්ධන යෝජනා කරයි

සරත් ධර්මසේන

කොළඹ නගර සභා සීමාව තුළ එකතුවන කසළ බැහැර කිරීම පවරා තිබුණේ පුද්ගලික සමාගමකට. නගර සභාව ඒ සඳහා අතිවිශාල මුදලක්‌ එම සමාගමට ගෙව්වා. ඔවුන් එම කටයුත්ත නිසියාකාරව සිදු කරන්නේ නැති බවට ලැබුණු පැමිණිල්ලක්‌ මත ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා එම කොන්ත්‍රාත්තුව අවලංගු කළා. ඉන් නගර සභාවට විශාල මුදලක්‌ ඉතිරි වුණා. ඒ මුදල් යොදළ කසල බැහැර කිරීමේ කටයුත්ත නියමාකාරයෙන් කරගෙන යැමට නගර සභාව වග බලාගත යුතු යෑයි විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය ඊයේ සඳහන් කළේය.

විනිසුරුවරිය එසේ පැවසුවේ කොළොන්නාවේ පිහිටි ඉඩමකට කසළ බැහැර කරමින් සිටියදී ඇති වූ අවහිරතාවක්‌ වැළැක්‌වීමට සුදුසු නියෝගයක්‌ නිතුක්‌ කරන්නැයි ඉල්ලා කොළඹ නගර සභාව ගොනු කර තිබූ මෝසමක්‌ ඊයේ විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්‌ථාවේදීය.

කොළොන්නාවේ පොතුවිල්කුඹුර නමැති ඉඩමට කසළ බැහැර කරනවාට පළාත්වාසීන් විසින් දින කීපයකට උඩදී දැඩි ලෙස වීරෝධය පළ කළත් දැන් එම කටයුත්ත අවහිරයකින් තොරව සිදුකර ගෙන යන බව නගර සභාව වෙනුවෙන් ගෙවී සිටි නීතිඥවරිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය. පළාත්වාසී ජනතාව විරෝධය පළ කළේ සෞඛ්‍ය හේතූන් උඩ බවත් එම ඉඩමට කසළ ගෙන යන පාර හරහා ඉදිකර තිබූ බෝක්‌කුව හදිසියේ කැඩී යැම නිසා කසළ තැන තැන වැටී මඟ දෙපස අපවිත්‍ර වූ බවත් ඒ අතර මහරගම හා කෝට්‌ටේ කසළ ද එම ඉඩමට ගෙනවිත් දැමීමට පටන් ගත් බවත්, බොක්‌කුව වහාම අලුත්වැඩියා කොට මඟ දෙපස අපවිත්‍රවීම වැළැක්‌වීමට නිසි පියවර ගත් පසු තත්ත්වය මුළුමණින්ම දැන් පාලනය වී ඇති බවත් නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය.

කොළඹ නගර සභාවට කොලොන්නාවේ පිහිටි ඉඩමේ කසළ වළ දැමීමට අවසර ලැබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් අප්‍රේල් 24 දුන් නියෝගයක්‌ උඩයි. එම ඉඩමට කසළ දැමීම වළක්‌වන අය වෙතොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කිරීමට පොලිස්‌ ස්‌ථානවලට දැනුම් දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය එදින පොලිස්‌පතිවරයාට නියෝග කළේය.

කොළඹ නගර සභාව ගොනු කළ එකී මෝසම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ කැඳවූ අවස්‌ථාවේදී එහි සභාපති ශිරාණි තිලකවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ නගර සභාව තුළ එකතුවන කසළ නිසි ලෙස බැහැර කිරීම මුළුමණින්ම නගර සභාවට අයත් කාර්යයක්‌ බවයි. එම කටයුත්ත ප්‍රදේශවාසීන්ට, පරිසරයට හානියක්‌ නොවන අන්දමට කළ යුතු ආකාරය පෙන්වා දී තියෙනවා. ඒ අනුව කසළ බැහැර කරනවා නම් මහජනයා විරුද්ධ වන්නේ නැහැ. කසළ ගෙන යනවිට අපවිත්‍රවන මාර්ගය වහාම සෝදා දැමිය යුතුයි. පස්‌දමා කසළ වසා දැමිය යුතු යෑයිද විනිසුරුවරිය පෙන්වා දුන්නේය.

වැඩිදුර විභාගය ලබන 14 දාට කල් තැබිණි.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v