pRvw~

අල්ලස්‌ නඩුවකට බිය වූ සුරාබදු නිලධාරීහු
සමාව යදිමින් කාන්තාවක පසුපස යති


සමන් ගමගේ

අල්ලස්‌ නඩුවකින් බේරීම සඳහා සුරාබදු නිලධාරීන් කීපදෙනකු මේ දිනවල සමාව යදිමින් බොරැල්ල ප්‍රදේශයේ කාන්තාවක පසුපස යමින් සිටින බව මැක්‌ලම් පාර කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසරේ දිනක අස්‌ථාන චෝදනාවක්‌ එල්ල කරමින් බොරැල්ල ප්‍රදේශයේ කාන්තාවක්‌ අත්අඩංගුවට ගත් මෙම සුරාබදු නිලධාරීන් පසුව ඇය මුදා හැරීමට නම් රුපියල් ලක්‌ෂ පහක මුදලක්‌ ලබා දෙන ලෙස එම කාන්තාවගේ නැගණියට පවසා තිබේ.

අනතුරුව එම මුදල රුපියල් ලක්‌ෂ තුන දක්‌වා අඩුකර ඇති අතර එහිදී කිසිවක්‌ කර කියාගත නොහැකි වූ අත්අඩංගුවට පත් කාන්තාවගේ සොයුරිය සිය කනකර උකසට තබා රුපියල් 240000 ක මුදලක්‌ සුරාබදු නිලධාරීන්ට දී සිය වැඩිමල් සොයුරිය නිදහස්‌ කරගෙන ඇත.

එහිදී එම කාන්තාව නිදහස්‌ කරන අවස්‌ථාවේ මෙම සුරාබදු නිලධාරීන් පිරිස එක්‌ව අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාට හා තවත් පුද්ගලයකුට හොර මත්පැන් චෝදනා යටතේ නඩු පැවරීමට ද කටයුතු කර තිබේ.

පසුව මෙම සිද්ධිය සුරාබදු නිලධාරීන්aට මුදල් ලබාදුන් කාන්තාව අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල පිළිබඳ අල්ලස්‌ නිලධාරීන් මේ වන විට පරීකAෂණ ආරම්භ කර තිබේ.

එසේ පරීකAෂණ ආරම්භවීමත් සමග තමන්ට හිතවත් මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන් යවමින් ලබාගත් මුදලට දෙගුණයක්‌ දෙන බව කියමින් සිද්ධිය ගොඩින් බේරා ගැනීමට මෙම සුරාබදු නිලධාරීන් පිරිස දැඩි උත්සාහයක්‌ දරමින් සිටින බවද මැක්‌ලම් පාර සුරාබදු කාර්යාලයේ ආරංචි මාර්ග මගින් වැඩිදුරටත් අනාවරණය වේ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v