pRvw~

යුද හමුදාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරිහු
යාපනයේ සංචාරයක


යාපනය ප්‍රදේශයේ පවතින වත්මන් ආරක්‍ෂක තත්ත්වය හා අවතැන් වූ ජනතාව රැඳීසිටින සහන ගම්මානවල ජනතාවගේ සුභසාධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ යුද හමුදා මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරිහු පිරිසක්‌ ඊයේ (02) පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

යුද හමුදාපතිතුමා ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරින් පිරිස ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ මහතා විසින් පිළිගත් අතර කඳවුරු මුර පරීක්‍ෂාවෙන් පසුව 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුව විසින් සම්මාන මුරයක්‌ ද ලබාදෙන ලද.S

අනතුරුව යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස්‌ ඇමතූ යුද හමුදාපති මානුෂීය මෙහෙයුම් අතරතුර සිවිල් ජනතාව නිදහස්‌ කරගනිමින් සිදුකළ සේවය යුද හමුදාපතිතුමාගේ විශේෂ ඇගයීමකට ලක්‌විය. මෙහිදී යුද හමුදා සාමාජිකයන්ගේ පුහුණුවීම් කටයුතු පිළිබඳවද එතුමාගේ විශේෂ අවධානය යොමු විය. මේ සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ මහතා සහ 51, 52 සහ 55 සේනාංක සහ කාර්යසාධක සේනා 7 හි සේනාංකාධිපතිවරු සහභාගි වූහ.

සහන ගම්මානවල රැඳීසිටින සාමාන්‍ය ජනතාවට ලබාදී ඇති පහසුකම් පිළිබඳව සාකච්ඡා කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැනට ලබාදී තිබෙන පහසුකම්වලට අමතරව ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද නිලධාරින් දැනුවත් කළහ. යාපනය ප්‍රදේශයේ සංවර්ධනයට යුද හමුදාව ලබාදිය යුතු දායකත්වය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v