pY`@q~XWy pRvw~


නුවරඑළියේ ගොවීන්ගේ එළවළුවලට හොඳ මිලක්‌

නුවරඑළිය - ජයකොඩි රත්නායක

නුවරඑළිය සහ අවට ප්‍රදේශවල ගොවීන්ගේ එළවළු වගාවන්ට හොඳ මිලක්‌ ලැබී ඇතැයි ගොවීහු පවසති.

පිට පළාත්වලින් පැමිණෙන වෙළෙඳුන් හා තොග වශයෙන් එළවළු මිලදී ගන්නා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ගොවීන්ගේ වතුවලටම ගොස්‌ එළවළු වර්ග මිලදී ගන්නේ පහත සඳහන් අයුරිනි.

අර්තාපල් කිලෝව රු. 85 - 90, කැරට්‌ කිලෝව රු. 75, බීට්‌ රු. 70 - (කොළ කැපූ බීට්‌ රු. 55) ලීක්‌ස්‌ රුපි. 38 - 40 ගෝවා රු. 35 - 40 ආදී වශයෙනි.

පසුගිය දිනවල දිවා රාත්‍රි පැවැති ධාරානිපාත වැසි හා තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් එළවළු කොටු ජලයෙන් යටවීම නිසා ගොවීන්ට බලවත් පාඩු සිදු වීමත් සමඟම නිෂ්පාදනය ද අඩාල විය.
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v