හොල්සිම් එෆ්. ඒ. කුසලාන
පළමු අවසන් පූර්ව තරගයට සෝන්ඩර්ස් - රත්නම්
අසෝක ගුණතිලක
හොල්සිම් එෆ්. ඒ. කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා මේ වනවිට රත්නම්, පොලිස් සහ සෝන්ඩර්ස් කණ්‌ඩායම් සුදුසුකම් ලබා සිටිති.
ඉකුත් ජුනි 25 දා ඇරැඹි අදාළ අර්ධ අවසන් පූර්ව වටයේදී මාලිගාවත්ත යූත් කණ්‌ඩායම ගෝල් 7-2 කින් පරාජය කළ රත්නම් කණ්‌ඩායමද, ගුවන් හමුදා කණ්‌ඩායම ගෝල් 5-2 කින් (ටයි බ්‍රේකර්) පරාජය කළ පොලිස් කණ්‌ඩායමද (ජුනි 30 දා) සහ සිවිල් ආරක්‍ෂක සේවා නන්දිමිත්‍ර කණ්‌ඩායම ගෝල 5-3 කින් (ට්‍රයි බ්‍රේකර්) පරාජය කළ සෝන්ඩර්ස් කණ්‌ඩායමද මෙසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.
තරගාවලියේ සිව්වන අවසන් පූර්ව තරගය මෙම මස 7 දා කැලණිය පාපන්දු සංකීර්ණ පිටියේදී පැවැත්වෙන යුද හමුදා - නාවිකා හමුදා තරගයෙන් පසු තීරණය වනු ඇත.
අදාළ අවසන් පූර්ව තරග යටතේ සෝන්ඩර්ස් - රත්නම් තරගය මෙම මස 11 දා ද, පොලිසිය සහ යුද-නාවික තරගයේ ජයග්‍රාහක කණ්‌ඩායම අතර තරගය 12 දා ද පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත.
දෙදිනම තරග කොළඹ - 2 සිටි ලීග් පිටියේදී පස්‌වරු 3.00 ට ආරම්භ වන අතර අවසන් මහ තරගය අගෝස්‌තු 1දා පැවැත්වේ.
අවසන් මහ තරගය පවත්වනු ලබන ක්‍රීඩාංගණය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාපන්දු සම්මේලනය පවසයි.
Powered By -
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v