YW


ඔලිම්පික්‌ නිලවරණ නාම යෝජනා ඊයේ අවසන්
මහ ලේකම් තනතුරට තරගයක්‌·


ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුවේ සිව් වාර්ෂික නිලවරණය මෙම මස 15 දා පැවැත්වෙන අතර අදාළ තනතුරු සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ පස්‌වරුවේ අවසන් විය.

කමිටුවේ ප්‍රධාන තනතුරු අතරින් මහ ලේකම් ධුරය හැර සෙසු තනතුරු සඳහා වත්මන් නිලධාරී මණ්‌ඩලය නිතරගයෙන් යළි තේරී පත්වනු ඇතැයි ඔලිම්පික්‌ කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ මහ ලේකම් ධුරය සඳහා වත්මන් ලේකම් සහ ජාතික දුණු විදීමේ සංගමයේ සභාපති කමාන්ඩර් එච්. යූ. සිල්වා මහතා සහ ජාතික ටෙනිස්‌ සංගමයේ සභාපති මැක්‌ස්‌වෙල් ද සිල්වා මහතා තම නාම යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ජාතික ඔලිම්පික්‌ කමිටු අවසන් නිලවරණය ඉකුත් 2005 වසරේදී පවත්වන ලදී.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v