| |
|
|
|

මීරිගම විශේෂ ආර්ථික කලාපය
පිහිටුවීම සඳහා ගිවිසුම අත්සන් කරයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක වටිනාකමින් යුත් මීරිගම විශේෂ
ආර්ථික කලාපය පිහිටුවීම සඳහා වන ආයෝජන ගිවිසුමට පසුගියදා ආයෝජන
ප්‍රවර්ධන සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.
ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන
යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් තැබුණු අතර අදාළ
ගිවිසුම්වලට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ
මණ්‌ඩල සාමාජිකයන් වන ඒෂනාද සිල්වා සහ චන්න පලන්සූරිය යන
මහත්වරුන් අත්සන් තබනු ලැබිණි. චීනයේ හයිබෙන් සමාගම වෙනුවෙන් එහි
නියෝජිතයන් අත්සන් තබනු ලැබිණි.
මෙම ආර්ථික කලාපය චීන ආයෝජකයන් සඳහාම වෙන්වූවකි.
මෙම ආයෝජන ව්‍යාපෘතිය ඉතා කඩිනමින් දියත් කිරීමට චීන සමාගම
කටයුතු කරන බව ද ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත මීරිගම විශේෂ ආර්ථික
කලාපයේ ඉදිකිරීම් හයිබෙන් සමාගම විසින් ආරම්භ කරනු ඇති බව ද අදාළ
ආයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්‌ථාවෙන් පසුව අදහස්
දැක්‌වූ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
මෙම විශේෂිත ආර්ථික කලාපයේ යටිතල පහසුකම් ඉදිකිරීමේ කටයුතු
මෙහෙයවන්නේ චීනයේ හයිබෙන් හෝල්ඩින්ග්ස් සමාගමයි. මෙහිදී අදහස්
දැක්‌වූ එම සමාගමේ සභාපති හුයැන් යුපින් මහතා ප්‍රකාශ කළේ
ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව මෙම විශේෂ ආර්ථික කලාපය සඳහා
ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ බවයි. එසේම දැනටමත් තවත් චීන සමාගම්
29 ක් එහි ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇති බව ද ඔහු කීවේය.
යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ, විදුලි යතුරුපැදි, වාහන එකලස් කිරීම,
බස් රථ, ගිලන් රථ සහ කෘෂි යන්ත්‍රොaපකරණ යනාදිය නිපදවා අපනයනය
කිරීමට මෙම විශේෂ ආර්ථික කලාපයෙන් බලාපොරොත්තු වන බව ද මෙහිදී
අදහස් දැක්‌වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
ජනරාල් ඒ. එම්. සී. කුලසේකර මහතා පැවැසීය.
මේ අවස්‌ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ සහ හයිබෙන් සමාගමේ උසස්
නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. |
|
|
|