මේ රජය බලයට පත් වී වසර 5 ක්‌ ගත වී ඇතත් මෙරට
අඳ ගොවියාගේ ගැටලූ ගැන තවමත් විසඳුමක්‌ නෑ
එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස

අඳ ගොවීන් වැඩිපුරම හිටින්නේ
හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේයි


පියසේන දිසානායක

අඳගොවි සංශෝධන පනත හදිසි පනතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලක්‍ෂ හතරක්‌ පමණ වන අඳ ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කර දීම සඳහා රජය නොපමාව පියවර ගත යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහකාර ලේකම් සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොදුජන එක්‌සත් පෙරමුණ ආණ්‌ඩුව මගින් 2000 වසරේ අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත ඉදිරිපත් කර අඳ ගොවි අයිතිවාසිකම් කඩ කළ අතර එම පනත අහෝසි කරන ලෙස 2002 මාර්තු 6 වැනි දින තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබූ නිසා නැවත වසර හතයි මාස හතරකට පසු මෙම 8 වැනිදා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන්ට සිදු වූ බවත් හෙතෙම කීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (9 වැනිදා) දහවල් පැවති පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

මේ රටේ ජීවත්වන ලක්‍ෂ හතරක්‌ පමණ වන අඳ ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරලීම සඳහා කිසිදු වැඩපිළිවෙළක්‌ නොමැතිවීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටිනවා.

1958 අංක 1 දරන කුඹුරු පනත යටතේ මෙරට අඳ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත වුණා. එම පනත මගින් අඳ ගොවි ජනතාවගේ අඳ අයිතිය ඉඩම් හිමියා හා සාපේක්‍ෂව පැවැති බල තුලනය අඳගොවියාට පක්‍ෂපාතීව වර්ධනය වුණා. අඳගොවියා මියයැමෙන් පසු පවුලේ සාමාජිකයන්ට ද එA අඳ අයිතිය භුක්‌ති විඳීමේ අයිතිය මෙම පනත මගින් තහවුරු කළා.

1958 සිට 2000 දක්‌වා කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට අදාළ තවත් පනත් කෙටුම්පත් ගණනාවක්‌ ඉදිරිපත් වුණා. 1973 කෘෂිකාර්මික ඉඩම් පනත, 1979 ගොවිජන සේවා පනත, 1991 අංක 4 දරන ගොවිජන සේවා සංශෝධන පනත, මෙම සෑම පනතකින්ම අඳගොවියාගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත වුණා.

නමුත් 2006 වසරේ අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත මගින් අඳගොවියාගේ අයිතීන් සහමුලින්ම විනාශ වුණා. එදා ඉදිරිපත් කළ වී පනත ගොවිජන සංවර්ධන පනතක්‌ නොව ගොවිජන නායක පනතක්‌ ලෙස හැඳින්විය යුතුයි.

පොදුපෙරමුණ ආණ්‌ඩුව ගෙන එන ලද මෙම පනත මගින් අඳගොවියාගේ අයිතිවාසිකම් අහෝසි කරනු ලැබුවා. 2000 වසරේ ගෙන එන ලද මෙම පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් 2002 වසරේ මාර්තු මස 6 වැනි දින සභාව කල් තැබීමේ යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට මා ඉදිරිපත් කළා. 2009 ජුලි 8 වැනිදා එම යෝජනාවට දෙවැනි වරටත් වසර හතකුත් මාස 4 කට පසු මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

2002 වසරේදී මා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ එවකට කෘෂිකර්ම ඇමැතිවරයා මෙම පනත පිළිගනිමින් වත්මන් අඳගොවි පනත සම්පූර්ණයෙන් වෙනස්‌ කරන බවට පොරොන්දු වුණා. එA අනුව එක්‌සත් ජාතික පක්‍ෂ රජය මේ පනත වෙනස්‌ කරමින් සිටින අවස්‌ථාවේදී අපිට රාජ්‍ය බලය අහිමි වුණා.

2004 බලයට පැමිණි වත්මන් රජය එදා ගොවි ජනතාව ගැන මහ ඉහළින් කතා කළා. නමුත් ආණ්‌ඩුව බලයට පත්වී දැන් වසර පහකුත් මාස හතරක්‌ ගතව තිබෙනවා. එහෙත් තවමත් අඳගොවියාගේ අයිතීන් ආරක්‍ෂා කරන එA නව කුඹුරු පනත ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුවට නොහැකි වී තිබෙනවා.

මේ රටේ අක්‌කර එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ වගා කරන අඳ ගොවීන් තුන්ලක්‍ෂ හැටපන් දහසත්, හාර ලක්‍ෂයත් අතර ප්‍රමාණයක්‌ සිටිනවා. ලංකාවේ සිටින සමස්‌ත අඳගොවි ජනගහනයෙන් වැඩි පිරිසක්‌ ජීවත්වන්නේ මගේ විශ්වාසයේ හැටියට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළයි. දිස්‌ත්‍රික්‌කයේ ගොවිජන සේවා බල ප්‍රදේශ 16 ක්‌ තිබෙනවා. ලැබී තිබෙන තොරතුරු වාර්තාවලට අනුව දිස්‌ත්‍රික්‌කයේ අඳගොවීන් දාහත්දාස්‌ තුන්සිය හතක්‌ සිටිනවා.

2000 වසරේ අංක 46 දරන පනත මෙන්ම ඉන් පසුව අප කළ විවිධ ඉල්ලීම් රජය ගණන් නොගත් නිසා අහිංසක අඳගොවීන් පිටමන් කර ඉඩම් හිමියා, ඉඩම් තනි අයිතියට අත්පත් කර ගනිමින් සිටිනවා. අඳගොවියා මියයැමෙන් පසු බොහෝ දෙනෙක්‌ට එA අනුප්‍රාප්තික අයිතිය ඔහුගේ පවුලට හිමිවී නැහැ. අඳගොවි අයිතිය නැවත ස්‌ථාපනය කර දෙන ලෙස හම්බන්තොට ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල ජනතාව අපෙන් ඉල්ලීම් කර තිබෙනවා.

2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ සියලු අඩුපාඩුකම් සංශෝධනය කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව ආණ්‌ඩුව පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා ප්‍රකාශ කළා. නමුත් මේ කටයුත්ත කෙරෙනකම් මට කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකියි. එA නිසා අප ඉල්ලා සිටින්නේ හදිසි පනතක්‌ ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ක්‍රියාවෙන් එය ඔප්පුකොට අඳගොවි ජනතාවගේ දුක නිවීමට පියවර ගන්නා ලෙසයි.

පනතේ තිබෙන අඩුපාඩුකම් සංශෝධනය කිරීම පිළිබඳ කෘෂිකර්ම ඇමැතිවරයා පසුගිය 8 වැනිදා ඉදිරිපත් කළ කරුණු ඉතාම යහපත් එAවායි. එහෙත් එම කරුණු ඉදිරිපත් කිරීමෙන් පමණක්‌ ප්‍රමාණවත් නැහැ. එය ක්‍රියාත්මක වීමයි අවශ්‍යව තිබෙන්නේ. එA සඳහා රජය නොපමාව පියවර ගනු ඇතැයි අප බලා සිටිනවා.

අලුතෙන් ගෙන එන ලද කුඹුරු පනත පිළිබඳව ද තීන්දු තීරණ ගන්නා විට පහළින් ඉහළට ගලාගෙන එන අදහස්‌ උදහස්‌ මත එය සම්පාදනය විය යුතුයි. නිවැරදිව මේ පනත නිර්මාණය කර ඉදිරියට යැමට අප උත්සාහ කළ යුතුයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ අපි නව කුඹුරු පනතක්‌ නිර්මාණය කරන්නත් එA පනත තුළින් අඳගොවියා රැක ගැනීමටත් ගත හැකි සෑම පියවරක්‌ම ගැනීමට සූදානමින් සිටිනවා.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v