sAs~krNy : n`rq nQX~XAk

එකමත්එක රටක

ප්‍රංශ තානාපති "එකමක්‌ එක රටෙක"
නරඹන්න ඇවිත්

ප්‍රවීන සිනමා රංගන ශිල්පී සනත් ගුණතිලක විසින් අධ්‍යක්‌ෂණය කරන ලද ප්‍රථම සිනමා නිර්මාණය "එකමත් එක රටක" සඳහා පාදක වී ඇත්තේ විශ්ව කීර්තියට පත් ප්‍රංශ නවකතාකරුවකු වූ එම්ලි ශෝලාගේ "ෆොර් අ නයිට්‌ ඕෆ් ලව්" නමැති සම්භාව්‍ය කෙටි කතාවය. පසුගියදා ප්‍රංශ තානාපති මිෂෙල් ලුමෝ මහතා මෙම චිත්‍රපටය නැරඹූ අතර එම අවස්‌ථාවේදී චිත්‍රපට අධ්‍යක්‌ෂ සනත් ගුණතිලක, මිෂෙල් ලුමෝ, ප්‍රංශ සංස්‌කෘතික අංශයේ අධ්‍යක්‌ෂිකා ඉසබෙල් යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.

"එකමත් එක රටක" සිනමා කෘතිය ආරම්භයේ අප දකිනුයේ සුවිශාල මන්දිරයක ඇතිදැඩිවන දැරියක හා මෙහෙකාරියකගේ දරුවාගේ සම්බන්ධතාව ඔස්‌සේ දැරියගේ ආක්‍රමණශීලී චර්යා රටාව පිළිබඳ ඉඟියකි. එය තරුණ වියේ ඔවුන් නැවත සම්මුඛ වන විට ඔවුන්ගේ චරිත නිරූපණයට ඉවහල් කර ගැනේ. චිත්‍රපටය කේන්ද්‍රීය පුවත ගොඩනැඟෙන්නේ මෙහි කථානායකයා වූ විරූපි ස්‌වරූප සහිත ආබාධිත මිනිසකු (සනත් ගුණතිලක) ගේ දින චර්යාව විකාශනය කරමිනි.

එකමත් එක රටක චිත්‍රපටයේ නිරෝෂා පෙරේරා ශූර ලෙස නිරූපණය කරන චරිතයකි. එහි කථානායකයාගේ භූමිකාවට ප්‍ර්‍රභාවක්‌ සලසා ගනුවස්‌ සියුම් හා සංකීර්ණ ලෙස හසුරුවා ඇත. ජීවිතේ කිසිම දෙයක්‌ "සීරියස්‌" නොවන ප්‍රකෘති ආශාවන් නිර්භයව ඉටුකර ගන්නා වූ ගති ලක්‌ෂණ ඇයගේ පෙම්වතා සමග පවත්වනු ලබන සම්බන්ධය තුළින් විශද කෙරේ. චිත්‍රපටය අවසානයේ ඇයගේ පෙම්වතාගේ මරණය පිළිබඳ ඇය සතු හැඟීම සරල තත්ත්වයට නංවාලීම තුළින් ඇය මරණ දෙකට මග පෑදු "වෙසඟනක"ගේ තත්ත්වය නිර්වචනය වීම වළක්‌වාලීම අසීරුය. මිනිසුන්ගේ මානසික සංකීර්ණතාවන් රූප මාධ්‍යයෙන් නිරූපණය කිරීමේ අසීරු ප්‍රයත්නයට හුරුබුහුටි ලෙස ප්‍රවේශවී සිටින සිනමාකරුවා කෘතිය අවසානයේ මීට වඩා ප්‍රවේසම් වූයේ නම් පෙරදිග විඥණය අනුවද ඉහත සියලු චරිත පාත්‍රයන්ට සාධාරණයක්‌ ඉටුවන විනිශ්චයක්‌ දී කතාව අවසන් කළ හැකිව තිබිණි. තරුණියගේ ඉසුරු ලබන මිනිසුන් දෙදෙනා පොර බැදූ ආකාරයෙන්ම ගඟට වැටුණු පසු මියගොස්‌ සිටීමද අසාමාන්‍ය තත්ත්වයක්‌ වන අතර එම මරණය අපගේ කතානායකයාට පමණක්‌ උරුම කළේ නම් කෘතියේ අනුවේදනීය කතා කූඨ ප්‍ර්‍රdප්තියට ප්‍රබල ප්‍රාණයක්‌ සැපයෙන බව මගේ විශ්වාසයි. විදේශීය සංස්‌කෘතික තලයක තබා නිර්මාණය වූ අනුභූතියක්‌ මෙරට සිනමා නිර්මාණයකට හසුකරගැනීමේදී සිදුවීම් අවස්‌ථා මුළුමණින්ම මෙරට සංස්‌කෘතික ඇගයුම්වලට අනුකූලව ගලපා ගැනීම තුළින් අදාළ මානුෂීය විවරණයට නිර්ව්‍යාජ අර්ථකතයක්‌ ලබාගත නොහැකි වුවත් විශ්වසනීය ලෙස චරිත අවස්‌ථා ගොඩනැගිය යුතුය. තරුණියට මනාලයන් මුණ ගස්‌වන අවස්‌ථා යුරෝපීය ඇවතුම් පැවතුම්වලින් මුළුමනින්ම මුදානොගෙන වුවද අපගේ ජන විඥනයට ඒත්තු යන ආකාරයට නිරූපණය කළ හැකිව තිබිණි.

අවසාන විග්‍රහයේදී සඳහන් කළ යුතුව ඇත්තේ සිනමා නිර්මාපකයකු ලෙස සනත් ගුණතිලක සතු රූප විඥනය හා ශිල්පී දැනුම පිළිබඳ මතු දවසේ බලාපොරොත්තු රඳවා ගත හැකි බවයි.

රේණුකා සුදර්ශනී මල්ලිකාරච්චි

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v