ආබාධිත තරුණියකට අතවර කළ අයට සිරදඬුවම්

කුරුණෑගල මාණ්‌ඩලික - මෙත්සිරි බී. හේරත්

ආබාධිත තරුණියකට පිහියක්‌ පෙන්වා බියගන්වා දින පහක්‌ මුළුල්ලේ ඇයට අතවර කළ දෙදරු පියකුට රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ අතවරයට පත් තරුණියට වන්දි වශයෙන් ගෙවන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.

ජානක ජයරත්න නම් වූ එම විත්තිකරුට බරපතළ වැඩසහිත දෙවසරක සිරදඬුවමක්‌ ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර 07 කට අත්හිටුවීය. රුපියල් 5000 ක දඩයක්‌ ද නියම විය. එම දඩය නොගෙවන්නේ නම් එම විත්තිකරු බරපතළ වැඩසහිත තවත් මාස 06 සිරදඬුවමකට යටත් විය යුතුය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්‌. ටී. ජයනාග මහතා අධිකරණයට කියා සිටියේ මෙම පැමිණිලිකාරිය විත්තිකරු තමාට කළ අතවරය ගැන ඇගේ මවට පවසා ඇත්තේ මාස 06 ක්‌ ගතවූ පසුව බවය. දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වූ පසු ඇය මේ බව ඇගේ මවට පවසා ඇතත් ඉන් පෙර වස කදුරු කන බව කියමින් විත්තිකරු කවුදැයි කිසිවකුටත් පවසා නැතැයි ද එම නීතිඥවරයා පැවසීය.

පැමිණිලිකාරිය දිසා අධිකරණයේ නඩුවක්‌ පවරමින් උපන් දරුවා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ පහක වන්දියක්‌ ද ඉල්ලා ඇති බව පැවසූ නීතිඥවරයා විත්තිකරුගේ බිරිඳ ඔහුගෙන් වෙන්වී සිටින බව පැවසීය.

පැමිණිලිකාරියගේ දරු ගැබ ගැන තමාට සැකයක්‌ ඇතත් මෙම නඩුව ඉක්‌මනින් අවසන් කරන්නට අවශ්‍ය නිසා තම සේවාදායකයා වරද පිළිගන්නා බව කියා සිටියේය.

අතවරයට පත් දිනය පැමිණිලිකාරියට මතක ඇතත් දරුවා බිහිවුණු දිනය ඇයට අමතක බව පැවසූ නීතිඥවරයා විත්තිකරුගේ නව වියෑති ගැහැනු දරුවාත්, අනෙක්‌ දරුවාත් ගැන සලකා බලා ලිහිල් දඬුවමක්‌ විත්තිකරුට ලබාදෙන ලෙස අයෑද සිටියේය.

රජයේ අධිනීතිඥ නලින් හේවාවසම් මහතා කියා සිටියේ පැමිණිලිකාරිය අතක්‌, කකුලක්‌ අප්‍රාණික තැනැත්තියක්‌ බවය. රජයෙන් පත් කළ නීතිඥ සිරිසේන පල්ලියගුරු මහතා පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v