|

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ
මොබිටෙල් ආයතනයේ
අති නවීන ඒකාබද්ධ පාරිභෝගික සේවා මධ්‍යස්‌ථානය
කන්ද උඩරට මහනුවර දී විවෘත කෙරෙයි
සිය පාරිභෝගික භවතුන්ට මෙතෙක් ලබාදුන් සේවාවන් තව තවත් පුළුල්
කරමින් ජාතියේ ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී
ලංකා ටෙලිකොම් සහ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් ආයතනයේ
එකාබද්ධ පාරිභෝගික සේවා මධ්‍යස්‌ථානය කන්ද උඩරට මහනුවර පූජනීය
දළදා මාලිගාව ආසන්නයේ දළදා වීදියේ "කැන්ඩි සිටි සෙන්ටර්" හිදී
විවෘත කෙරිණි. මහනුවර නගරයේ සහ තදාසන්න පෙදෙස්‌වල වෙසෙන
ග්‍රාහකයන්ට සුපිරි සන්නිවේදන අත්දැකීමක් සැපයෙන අතර ශ්‍රී
ලංකා ටෙලිකොම් ආයතනයෙන් ලබාගැනීමට අවශ්‍ය වන සියලුම සේවාවන්
මෙන්ම මොබිටෙල් පාරිභෝගිකයන්ට අවශ්‍ය වන සියලුම සේවාවන් අති
නවීන තාක්‌ෂණයෙන් පිරිපුන් මෙම මධ්‍යස්‌ථානයේ දී එකම වහලක්
යටින් ලබාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම මධ්‍යස්‌ථානය විවෘත කරමින් රැස්‌ව සිටි පිරිස ඇමතූ ශ්‍රී
ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ සභාපතිනිය වන ලේෂා ද සිල්වා
චන්ද්‍රසේන මහත්මිය "ශ්‍රී ලංකාවේ කන්ද උඩරට අගනගරය වන මහනුවර
සහ ඒ අවට වෙසෙන්නන්ට වඩා උසස් සන්නිවේදන සේවාවක් සැපයීම සඳහා
අද මෙම අති නවීන මධ්‍යස්‌ථානය විවෘත කරන්නට ලැබීම ගැන අප
ආඩම්බර වෙනවා. විශේෂයෙන්ම රටට සාමය උදා වී ඇති මේ අවස්‌ථාවෙහි
වේගයෙන් සිදුවන රටේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් අවශ්‍ය වන
තොරතුරු සන්නිවේදන තාක්‌ෂණය උපරිම වශයෙන් රටට දායාද කිරීම
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ජංගම දුරකථන සැපයුම්කරු වන
මොබිටෙල් ආයතනයේ පරම වගකීම ලෙස අප දකිනවා. ඒ අනුව කන්ද උඩරට
වෙසෙන අපගේ ගනුදෙනුකරුවන්ට තොරතුරු සන්නිවේදන තාක්‌ෂණයේ නවීනතම
නිපැයුම් සහ සේවාවන් මෙම ඒකාබද්ධ පාරිභෝගික සේවා
මධ්‍යස්‌ථානයෙන් ලබාගත හැකිය." යනුවෙන් ප්‍රකාශ කළාය.
ප්‍රසන්න පෙනුමක් සහිත මෙම ස්‌ථානයට පැමිණෙන ගනුදෙනුකරුවන්
සාදරයෙන් පිළිගෙන ඔවුන්ගේ සියලු අවශ්‍යතාවන් ඉටුකර දීමට මෙහි
සුමිතුරු සේවක මඬුල්ල නිරතුරුවම සැදී පැහැදී සිටියි. මෙහි ඇති
සොඳුරු වටපිටාව නිසාම ප්‍රදර්ශනය කෙරෙන ඡෑධ ඔඪල Sඛඔ මෙගාලයින්,
ඵ3 බ්‍රොaඩ්බෑන්ඩ් වැනි සේවාවන් පිළිබඳ සොයා බලන්නට මෙන්ම
ප්‍රදර්ශනය කෙරෙන අති නවීන ජංගම දුරකථන මාදිලි වෙත මෙහි
පැමිණෙන්නන් නිරායාසයෙන්ම ආකර්ෂණය වනු ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හි ප්‍රධාන විධායක නිලධාරි
සුරේන් ඡේ. අමරසේකර මහතා පිරිස අමතමින් "කලකට ඉහත දී තාක්‌ෂණය
නගරයට පමණක් සීමා වූ දෙයක් බවට පත්වී තිබුණා. එහෙත් අද වන
විට ජංගම දුරකථන සබඳතාවක් ලබාගැනීමේ පිරිවැය අවම කොට, ශ්‍රී
ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‌ෂණය අතින් ලොව ඉදිරියෙන්ම සිටින
රටක් බවට පත් කරන්නට ජාතික ජංගම දුරකථන ජාලයට හැකිවී තිබෙනවා.
මේ පාරිභෝගික සේවා මධ්‍යස්‌ථානය, මහනුවර නගරයේ සහ අවට තදාසන්න
පෙදෙස්‌වල වෙසෙන ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ
මොබිටෙල් වෙතින් පිරිනැමෙන ඉතාම නවීන තොරතුරු තාක්‌ෂණ සේවාවන්
අත්හදා බලන්නටත් ඒවායේ ප්‍රතිලාභ බුක්‌ති විඳින්නටත් අවස්‌ථාව
උදා කරනු ඇති. රටපුරා මෙවැනි මධ්‍යස්‌ථාන ගණනාවක් පිහිටුවමින්
තොරතුරු තාක්‌ෂණය ව්‍යාප්ත කිරීමට අප සූදානමින් සිටිනවා"
යනුවෙන් ප්‍රකාශ කළේය. |