පුරාණයක්‌ නොපෙනෙන බෝතලේ පුරාණය
 
කුරුබිලිය

ගෝඨාභය රජතුමා විසින් අත්තනගල්ලේ වටදාගෙය සහ සංඝාවාසය ඉදිකරවීම පිළිබඳ ඉතිහාසය සඳහන් වන දැනට ඇති පැරැණිතම පුස්‌තකය දඹදෙණි රාජ්‍ය සමයේදී රචිත හත්ථවනගල්ල විහාරවංශය" නමැති පාලි චම්පුකාව්‍යයයි. කෝට්‌ටේ යුගයේදී කරන ලද එහි සිංහල පරිවර්තනය " එළු අත්තනගලු විහාර වංශය" වේ. ගෝඨාභය රජතුමා සඟබෝ රජුගේ සිරුර ආදාහනය කිරීමට අත්තනගල්ලට එනවිට බෝපැළයක්‌ රැගෙන ආ බවක්‌ හෝ බෝ පැළයකට අදාළ කිසිදු සිද්ධියක්‌ පිළිබඳව හෝ එම ග්‍රන්ථවල සඳහන් නොවන අතර ආදාහනෝත්සවයෙන් පසුව එම ස්‌ථානයේ ඉදිකළ වටදාගෙයි ආරක්‍ෂාවට කිසිදු ප්‍රධානියකු පත් කරන ලද බවක්‌ද සඳහන් නොවේ. ගෝඨාභය රජතුමා අත්තනගල්ලට එනවිට බෝපැළයක්‌ රැගෙන ආ පුවත සහ එය මුල්කොට බිහිවී ඇති බෝතලේ සේනානායකවරුන් පිළිබඳ පුරාවෘත්තය මුලින්ම සඳහන් වන්නේ ඩී. ඩී. රණසිංහ මහතා විසින් 1928 දී ලියා ප්‍රසිද්ධ කරන ලද "පුරාවෘත්ත" නමැති ග්‍රන්ථයේය. මහාචාර්ය අභය ආර්යසිංහ මහතා විසින් බෝතලේ සේනානායකවරුන් පිළිබඳව 2009.04.03 දින බදාදා අතිරේකයේ පළ කරන ලද කෙටි ලිපියෙන් ප්‍රකාශ වූයේ ද එම පුරාවෘත්ත ග්‍රන්ථයේ සඳහන් කතා පුවතය.

එම පුරාවෘත්තයේ සැකමුසු තැන් මතු කරමින් අප විසින් "බෙම්මුල්ලේ උඩපතලේ කතාව" (2009.05.06) ලියන ලද්දේ බෝතලේ සේනානායක පරපුර පිළිබඳව අප අසා තිබූ විකල්ප ජනප්‍රවාදයක්‌ එළිදැක්‌වීම සඳහා ය. එම ලිපියට ප්‍රතිචාර වශයෙන් කේ. එම්. එස්‌. සී. කේ. ඒ. රැකෝගම මහතා විසින් "බෝතලේ පරපුරේ නිධාන කතාව" (2009.06.10) යන මැයෙන්ද, අහුන්ගල්ලේ දේa. සු ද සොයිසා විසින් "රන්වැටේ කතාව සහ බෝතලේ පරපුරේ කතාව" (2009.07.01) යන මැයෙන් ද ලියන ලද ලිපිවලින් බෝතලේ සේaනානායකවරුන්ගේ ඉතිහාසය පිළිබඳ පුළුල් සාකච්ඡාවකට මග පෑදී ඇත.
ඉහත සඳහන් මගේ ලිපියෙන් මා ප්‍රකාශ නොකළ කරුණු මා විසින් ප්‍රකාශ කරන ලද ඒවා හැටියට රැකෝගම මහතා විසින් සිය ලිපියේ දක්‌වා තිබීම එතුමාගේ නිරීක්‍ෂණයේ දුබලතාවක්‌ නිසා සිදුවන්නට ඇතැයි සිතමි. 1884 දී ස්‌පේටර් සේනානායක මහතා උපත ලද බවක්‌ හෝ බෝතලේ වලව්වේ පොත්පත් අතර හෝ වෙනත් තැනක බෝතලේ සේනානායකවරුන් පිළිබඳව සඳහන් නොවන බවත් මගේ ලිපියේ කිසිදු තැනක සඳහන් කර නැත. එතුමා මේ අන්දමින් විකෘති කර දක්‌වා ඇත්තේ මගේ ලිපියේ සඳහන්ව තිබූ "1884 දී උපත ලද දොන් ස්‌ටීවන් සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ පියාණන්වූ දොන් ස්‌පේටර් සේනානායක මුදලිතුමාට පෙර සිටිs සේනානායකවරුන් ගැන පෙළපත් සටහනක්‌ ප්‍රසිද්ධියට පත්ව නොතිබීම සැලකිල්ලට ගත යුතු කරුණකි" යනු වැකිය විය හැකිය.

කෙසේ වෙතත් බේතලේ පරපුරේ නිධාන කතාව ලියූ රැකෝගම මහතාට දොන්a ස්‌පේටර් සේනානායක මුදලිතුමාගේ පියා හෝ පියාගේ පියා කවුදැයි හෙළිදරව් කිරීමට හැකි වී නැත. එසේම බෝතලේ සේනානායක ගෝඨාභය රජ සමයේ සිට පැවත එත්aනම් මේ වනවිට එම පරපුරට අයත් සේනානායක පවුල් අති විශාල සංඛ්‍යාවක්‌ රට පුරා පැතිරී තිබිය යුතු නොවේදැයි මා විසින් නගන ලද ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ උත්සාහයක යෙදෙන රැකෝගම මහතා එම පරපුරේ අතීත පුරුෂයන් ලෙස කුරුණෑගල රාජධානි සමයේ විසුවේ යෑයි කියන කටුගම්පල රාළ නමැත්තකුගේ දුවණියක සරණ පාවා ගෙන සිටි බෝතලේ රාළහාමි කෙනකු ගැන සහ කෝට්‌ටේ රාජධානි සමයේ පෘතුගීසි සේනාවේ ලැස්‌කිරිඤ්Æ හමුදාවේ විදානේ කෙනකු යෑයි කියන බෝතලේ සේනානායක නැමැත්තකුගෙන් පැවත එතැයි කියන බලල්ලේ සේනානායක පරපුරක්‌ ගැන දීර්ඝ විස්‌තරයක්‌ ඉදිරිපත් කර තිබිණි.

ඒ පිළිබඳව දේ සු. ද සොයිසා මහතා තම ලිපියෙන් ප්‍රකාශ කර තිබුණේ, "රැකෝaගම මහතා සඳහන් කරන තොරතුරු සේනානායක පරපුරේ ආරම්භය ගැන දොඩවන ප්‍රලාප අපට බැහැර කරන්නට සිදුවන්නේ කරුණු කාරණා සහිතවය" යනුවෙනි. එහෙත් එම කරුණු කාරණා මොනවාදැයි එතුමා සඳහන් කර තිබුණේ නැත. හේතු සාධක නොදක්‌වා රැකෝගම මහතා සඳහන් කර ඇති තොරතුරු ප්‍රලාප ලෙස බැහැර කිරීම සාධාරණ නොවේ.
කටුගම්පල රාළගේ දුවණියක්‌ සරණපාවාගෙන සිටි බෝතලේ සේනානායක රාළහාමි ගැන කතා පුවත රැකෝගම මහතා විසින් උපුටා ගනු ලැබ ඇත්තේ ඩී. ඩී. රණසිංහ මහතාගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙනි. එම සේනානායක රාළහාමි ජීවත් වී ඇත්තේ පණ්‌ඩිත පැරකුම් (ක්‍රි. ව. 1302) රජතුමාගේ කුරුණෑගල රාජධානි සමයේදී බව රැකෝගම මහතා පවසයි. එහෙත් පුරාවෘත්ත ග්‍රන්ථයේ එම කතා පුවත පටන්ගන්නා තැන සඳහන්ව ඇත්තේ වෙනත් ආකාරයකටය. "අතීත කාලයෙහි එක්‌ සමයෙක සත්කෝරළය බද කටුගම්පල ප්‍රදේශයෙහි කටුගම්පල රාළහාමි යන නමින් ප්‍රසිද්ධ වූ කෙනෙක්‌ වූයේය. මේ කාලයෙහි ලංකා රජ්‍යානුශාසන කෙරෙමින් ජයවර්ධන නගරයෙහි වැඩ වාසය කළ පරාක්‍රමබාහු මහරජතුමාට මෙම රාළහාමිගේ ප්‍රසිද්ධභාවය සැළව ඔහු තමන් වෙත ගෙන්වා තනතුරු කීපයක්‌ දෙවා වදාළේය. " (පුරාවෘත්ත 1928 34 පිටුව).

මෙයින් ප්‍රකාශ වන්නේ කටුගම්පල රාළහාමි යන අය කෝට්‌ටේ ජයවර්ධනපුර රාජධානි සමයේ ජීවත් වූ බවය. එසේම ජයවර්ධනපුරයේ පරාක්‍රමබාහු නමින් රජවරුන් හතරදෙනකු රාජ්‍යය කර ඇති බැවින් පුරාවෘත්තය ලියා ඇත්තේ කටුගම්පල රාළහාමිට තනතුරු ලබා දුන් රජු කුමන පරාක්‍රමබාහු දැයි නිශ්චිතව දැනගෙන නොවේ. එයින් පුරාවෘත්තය සැකයට භාජන වෙයි. පුරාවෘත්තය අනුව කටුගම්පල රාළට "දිසානායක මුදියන්සේ" යන තනතුරු නාමයක්‌ ද ලැබිණ. ඔහු රජුගෙන් ලැබුණ ඇතින්න පිට නැඟීS කුඹුරක්‌ මැදින් යන විටදී මාඩෝපිටියේ හිටිහාමි විසින් විඳින ලද හීයක්‌ වැදී මිය ගිය බවත් ඉන්පසුව එම ස්‌ථානය "හදිකුඹුර" නමින් ගමක්‌ වූ බවත් සඳහන් ව ඇති නමුත්, මෙකල කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ එනමින් ගමක්‌ ඇති බව දැනගන්නට නැත. ඔහුගේ මරණින් පසුව දූවරුන් සහ බෑණවරුන් වලව්ව පාලු කර දමා ගියේ කුමක්‌ නිසාදැයි ජනප්‍රවාදය නොකියයි. එසේම එක්‌ දුවක්‌ විවාහ කරගෙන සිටි "මල්වානේ රත්නායක රාළ තමන්ගේ ගමට ආපසු නොගොස්‌ තලඅඩියක වාසය කළ බවත් ඒ නිසා එම ස්‌ථානය තලහිටිමුල්ල නමින් ගමක්‌ වූ බවද සඳහන් වෙයි. තවත් දුවක්‌ විවාහ කරගෙන සිටි "දෙලන රාළහාමි" දෙලන ගමට ගියේය. අනෙක්‌ දුව විවාහ කරගෙන සිටි බෝතලේ සේනානායක රාළහාමි මාඔයෙන් එගොඩ වී සියනෑ කෝරළයේ එක්‌ ගමකට පැමිණ එහි සිටියවුන් පලවා හැර එගම අයිතිකර ගත් බවත් ඒ ගැන පසුව දඩ ගෙවන්නට සිදුවූ බැවින් එතැන් පටන් "දඩගමුව" යන නාමයෙන් ප්‍රසිද්ධ වූ බවත් පුරාවෘත්ත පොතෙහි සඳහන් වේ.
වේයන්ගොඩ නගරයට ආසන්නව පිහිටා ඇති මෙම "දඩගමුව" ගමේ පුරාණ රජ මහා විහාරයේ අධිපතිව සිටි මැටිකොටුමුල්ලේ ශ්‍රී ප්‍රේමරතන හිමියන්ගේ උපදෙස්‌ මත බෙන්තොට චන්ද්‍රපාල ලෙනෝරා නමැති කවියකු විසින් 1980 දී කවියට නඟා ප්‍රසිද්ධ කර ඇති "දඩගමු- පුරාණය" නමැති පොතේ කවි දෙකකින් යට කී පුවතට වඩා වෙනත් පුවතක්‌ ගැන කියෑවේ.

"සත් කෝරළේ කටුගම්පල නමැති ගම
මුදියන්සේ දිසානායක පබල තම
මෙහිවිත් නැවත එළිකොට වල් වැදුන ගම
ගොඩනැඟුවේය පලබර ගම්වරය මෙම
එළියක්‌ ලැබුණු මුත් මෙහි වූ අඳුර මැඬ
රජසතු බිමක්‌ අස්‌වැද්දූ කරුණ උඩ
හැඩවුණ නිසා සම්මත නීතියෙහි හඬ
මේ ගම් පියස යට විය මුදලකට දඩ"
සතුරු ආක්‍රමණයක්‌ නිසා පාළු වී තිබුණු මෙම ගම කටුගම්පල දිසානායක මුදියන්සේ විසින් රජුගේ අනුමැතියකින් තොරව එළිs පෙහෙළි කර අස්‌වැද්දූ නිසා දඩ ගෙවන්නට සිදුවූ බවත්, ඒ නිසා "දඩ ගමුව" යන නම සෑදුණු බවත් මෙයින් කියෑවෙයි. එසේම පාලි රසවාහිනියේ සඳහන් "දණ්‌ඩගාම යනු මෙම "දඩගමුව" විය හැකි බවද තවත් කවියක සඳහන් වේ. මෙම ගමේ නම ව්‍යවහාරයට පත් වූ ආකාරය පිළිබඳ ප්‍රදේශයේ තවත් ජනප්‍රවාදයක්‌ තිබේ. අවට ගමක විසූ රන්කරුවකු විසින් කරන ලද විස්‌මිත නිපදවීමක්‌ නිසා පැහැදුණු ප්‍රදේශාධිපතියකු විසින් එම රන්කරුවා ඇතකු පිට නංවා ගරු බුහුමන් දැක්‌වීමට දෙන ලද නියෝගයක්‌ නිසා යම් පිsරිසක්‌ විසින් ඔහු ඝාතනය කරන ලද බවත් එම වරද පිළිබඳව නඩු අසා දඩ ගැසූ ස්‌ථානය මෙය වූ බැවින් ඊට "දඩගමුව" යන නම ව්‍යවහාර වූ බවත් පැවසේ. මෙම ජනප්‍රවාදය අප විසින් 2007.04.04 දින බදාදා අතිරේකයට ලියන ලද "බෙම්මුල්ල නම හැදුණේ යක්‍ෂ ජනාවාසයක්‌ නිසාද?" යන හිසින් වූ ලිපියේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් බෝතලේ සේනානායක රාළහාමි කෙනෙක්‌ මෙම ගමට පැමිණ එහි පදිංචිකරුවන් පළවා හැර ගම අල්ලා ගත් බවට ජන ප්‍රවාදයක්‌ ප්‍රදේශයේ නොපවතී. එමෙන්ම සේනානායක නමින් පරපුරක්‌ මෙම ගමේ වාසය කරන්නේ ද නැත. කටුගම්පල රාළහාමිගේ බෑණාවරුන් දෙදෙනෙක්‌ම පදිංචියට ගිය බව කියන දෙලන සහ තලහිටිමුල්ල ගම් පිහිටා ඇත්තේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේය. දණ්‌ඩගමුව පිහිටියෙද එහීමය. ජනප්‍රවාදයේ සඳහන් බෝතලේ සේනානායක රාළහාමිට කටුගම්පල වාසය කිරීමට නොහැකිවූයේ නම් ඔහු තම මුල්ගම වන බෝතලේට පදිංචියට නොගියේ කුමක්‌ නිසාද? මෙම කතාපුවත කටින් කට පැතිර යාමේදී දඩගමුව හා දණ්‌ඩගමුව යන ගම්දෙක අතර පටලැවිල්ලක්‌ සිදුවීද? කෝට්‌ටේ, සීතාවක රාජධානි යුගවල "රළ" යන අභිධානය මිස "රාළහාමි" යන නාමය රදලවරුන්ට ව්‍යවහාරවී නැත. එය ඉතා මෑත ඉංග්‍රීසි පාලන කාලයේ ඇතිවුවකි. මෙම කරුණු අනුව නිගමනය කළ හැක්‌කේ ඩී. ඩී. රණසිංහ මහතා 1928 දී මෙම කට කතාව ලේඛන ගත කරන විට එවක ප්‍රදේශයේ ප්‍රසිද්ධව පැවති ප්‍රභූ පවුල වූ බෝතලේ සේනානායකවරුන් ගැන සිතා කටුගම්පල රාළ ගේ බෑණ බෝතලේ සේනානායක ලෙස ලියා ඇති බවය.

දෙවැනි බෝතලේ සේනානායකවරයා ගැන සඳහන්කරනු රැකේගම මහතා, කෝට්‌ටේ යුගයේදී උඩරට ප්‍රදේශ ස්‌වකීය පාලන තන්ත්‍රයට නතුකර ගැනීමට උත්සාහ කළ පෘතුගීසීහු කූරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ රැකේගම බලකොටුව යටත් කිරීමට පැමිණි පෘතුගීසි හමුදාවට අයත් ලැස්‌කිරිඤ්Æ හමුදාවේ විදානේවරයකු ලෙස කටයුතු කළ බෝතලේ සේනානායක නැමැත්තකු පිළිබඳ රැකේගම විස්‌ති පොතේ සඳහන්ව ඇති බව පවසයි. රාජාවලිය වැනි සමකාලීන ඉතිහාස ග්‍රන්ථවල සඳහන් නොවන මෙම පුවත සනාථ කිරීම සඳහා සාක්‌ෂියක්‌ වශයෙන් "කෝට්‌ටේ යුගයේ දී කුරුණෑගල, රැකෝගම, මුණ්‌ඩ කොණ්‌ඩ පොල, නාථගනෙ, විජිතපුර, ගල්ගමුව ආදී රටමැද පිහිටි සිංහල බලකොටු පෘතුගිසීන් විසින් අල්ලාගත් පසු සීතාවක රාජසිංහ හෙවත් 1 වැනි රාජසිංහ රජු මෙම බලකොටු මුදා ගැනීමට සිංහල සේනා මෙහෙයවී යයි. පුරාවෘත්ත කතා ග්‍රහනයේ ලියෑවී ඇත" යනුවෙන් ද රැකෝගම මහතා සඳහන් කරයි. මෙපරිදි රැකෝගම මහතා සෑම කරුණක්‌ම සනාථ කිරීමට මුලාශ්‍රයකරගෙන ඇත්තේ රණසිංහ මහතාගේ පුරාවෘත්ත ග්‍රන්ථයයි. එහි කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය හා සම්බන්ධ බොහෝ සටහන් ඇති බව සත්‍යයකි. "පුරාවෘත්ත" පොත සකස්‌කරණ හෙලයේදී රණසිංහ මහතා පදිංචි වී සිටි ස්‌ථානයේ ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ "යාපහුව - මාහෝ" (මහව) යනුවෙනි. රැකෝගම, බලගොල්ලගම, බලල්ල ආදී ගම්මාන පිහිටියේත් මහව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේය. රණසිංහ මහතා "පුරාවෘත්ත" පොතට කරැපු ලබාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පැවැති යටකී විත්ති පොත් හා කටකතා ඇසුරිනි ඒ නිසා රැකෝගම විසින් පොත්වල එන තොරතුරු සනාථ කිරීමට රණසිංහ මහතාගේ "පුරාවෘත්ත ග්‍රන්ථය මූලාශ්‍රයක්‌ ලෙස සැලකිය හැකි නොවේ.

මෙම විත්තිපොත් පැරණි ඒවා නම් බෝතලේ සහ බලල්ලේ සේනානායක වරුන් පැවත එන්නේ එකම පරපුරකින් බව එම පොත් කියවූ, ඒවා අයත් පවුල්වල උදවිය මුල සිටම දැන සිටිය යුතුයි. එම තොරතුරු අසල් වැසි බලල්ලේ සේනානායකවරුන්ට නොකියා සිටීමට හේතුවක්‌ ද නැත. එසේම බලල්ලේ පදිංචි වූයේ යයි කියන ලැස්‌කිරිඤ්Æ සේනානායක රාළ නියම (ඔරිජිනල්) සේනානායකවරයකු වූයේ නම් තමා විසින් කුරුණෑගල මහව ප්‍රදේශයේ වැදගත් පවුලකින් විවාහයක්‌ කරගෙන දරුමල්ලන් ද ලබා යහතින් ජීවත් වන බව තම පවුලේ අයට සිටීමට හෝ තම දරුවන්ගේ මඟුල් තුලා වලදී සිය පාර්ශවයේ තම නෑ දැයන්ට ආරාධනා නොකර සිටීමට හෝ සාධාරණ හේතුවක්‌ නොපෙනේ. එසේ දැනුම්දී තිබුණේ නම් බෝතලේ උදවියට ද බලල්ලේ තම ඥතීන් සිටින බව රහසක්‌ විය නොහැකිය.

මෙයින් මතුවන සැකය නම් රැකෝගම පරංගි සටන් සිදු වූ යුගයේ දී (සීතාවක රාජසිංහ සමය) බෝතලේ සේනානායක නමින් පරපුරක්‌ ඇතත් වශයෙන්ම සිටියේදී යන්නය. බෝතලේ ප්‍රථම ධනවතා මෙන්ම දැනට පවතින වලව්ව ගොඩනැන්වූ පුරෝගාමියාවූ දොන් ස්‌පේටර් සේනානායක මුදලි තුමාට පියාගෙන් උරුම වූයේ වී පැල් 2 ක වපසරිය ඇත කුඹුරක්‌ සහ ගොඩ ඉඩම් අක්‌කර 7 ක්‌ පමණක්‌ බව දේශබ්න්දු ඇෆ්. ආර්. සේනානායක චරිතය ලියූ ජයසේන දහනායක මහතා එම පොතේ පවසයි (117 පිටුව) ස්‌පේටර් සේනානායක මහතා උපත ලබන්න. ඇත්තේ 1850 දසකයේ දී විය යුතුය. 1760 ගණන් වලදී සියනෑ හාපිටිගම් කෝරළවල ගම්වලට ලියා ඇති ලන්දේසි නෝම්බු අනුව මීට වඩා විශාල ප්‍රමාණයක්‌ කුඹුරු හා ගොඩ ඉඩම් හිමි සාමාන්‍ය ගැමියන් පිළිබඳ තොරතුරු සුලභය. මේ අනුව ස්‌පේටර් සේනානායක මහතා බොහෝ උත්සාහයෙන් මිනිරන් වෙළදාම කර මුදල් උපයා ධනවතුන් වීමෙන් පසුව පමණක්‌ බෝතලේ පවුල ගැන ප්‍රසිද්ධියක්‌ ඇති වන්නට ඇත. සේනානායක නාමය ගෝඨාභය රජුගේ කාලයේ සිට පැවතෙන බවට පුරාවෘත්තය බිහි වන්නේත් මීට සමගාමීව විය හැකිය කටුගම්පල රාළගේ දුව විවාහ කරගත් පුද්ගලයා බෝතලේ සේනානායක රාළහාමි කෙනෙකු රැසත් බලල්ලේ සේනානායකවරුන් පැවත එන්නේ හිටිහාමි නමිsන් පසුව පෙනී සිටි බෝතලේ සේනානායක රළ නැමැති ලැස්‌කිරිඤ්ඤා විදානේ කෙනෙකුගෙන් බවට විත්ති පොත් ලියෑවෙන්නෙත් ඉන් අනතුරුව විය හැකිය.

වසර එක්‌ දහස්‌ නවසිය පනහ වනවිට බලල්ලේ සේනානායක පරපුරේ ලොව පතල පුද්ගලයාව සිටි බව කියන එස්‌. බී. සේනානායක මහතා (සෙනෙවිරත්න බංඩා සේනානායක) ගොවිජන සේවා කොමසාරිස්‌ තනතුරේ සේවය කරමින් සිටියදී 1967 සිට එතුමා එම තනතුරින් ඉවත්ව යන නරුම මා ද එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්‌ව සිටි හෙයින් එතුමා ගැන අප දන්නා බොහෝ තොරතුරු රැකෝගම මහතා නොදන්නවා ඇත. එතුමා ලංකා සිවිල් සේවයට පත්වූයේ 1948 දීය. එතුමා පිළිබඳව "ලොව පතල" යන විශේෂත්වය යෙදීම සම්බන්ධයෙන් කිවයුතු විශේෂ කාරණයක්‌ ඇතත් එය මෙහි නොලියන්නේ එතුමා මගේ ප්‍රධානියකු ලෙස ඇති ගෞරවය නිසාය. සිවිල් සේවය යනු එවක වරකට හත් අට දෙනෙකුට හෝ ඊටත් අඩු පිරිසකට ලැබිය හැකි වරප්‍රසාදයක්‌ බැවින් මහව වැනි වන්නියේ පිටිසර ගමකින් සේනානායක මහතා වැනි සිංහල බෞද්ධයකු සමත් වී එම පළාතට සක්‌විති රජෙකු පහළ වූවාක්‌ මෙන් වන්නට ඇත. යාපහුවේ නායක හාමුදුරුවන් මගින් බලල්ලේ හා බෝතලේ ඥාතිත්වය පිළිබඳ පුරාථනය ඩී. එස්‌. සේනානායක අගමැතිතුමාට දැණ ගන්නට සලස්‌වන ලද්දේ එතුමාගේ අවධානය තරුණ සිවිල් නිලධාරීයා කෙසේ වෙතත් ඩී. එස්‌. අගමැතිතුමා 195 දී මිය යන තරුණ ඉන්පසු ඩඩ්ලි සේනානායක අගමැති කාලයේ දීමත් එතුමාට සිවිල් සේවය තුළ ලැබෙන සාමාන්‍ය තනතුරු මිස විශේෂ තත්ත්වයක්‌ හිමිවුයේ නැත. නම් නිසා ඩී. එස්‌. සේනානායක මහතා එම නෑ සබඳකම් පිළිබඳ කුමන ප්‍රතිචාරයක්‌ දැක්‌වුයේ දැයි නිශ්චිතව කිව නොහැකිය. ගොවිකුල ප්‍රභූවරුන්ට පමණක්‌ ලැබුණු පෘතුගීසි දොන් (Dධභ) යන අභිධානය ඊනියා පරංගි හමුදාවේ ලැස්‌කිරිඤ්ඤා සේනානායකගේ පරපුරට ලැබී නොතිබීම නිසා ඔහුගේ කුල අනන්‍යතාවය සැකයට ලක්‌විය හැකිව තිබිණ. අනික්‌ අතින් තමන්ගේ පරම්පරා ඉතිහාසය ගැන ද සැබෑ තතු දැන සිටි ඩී. එස්‌. සේනානායක මහතාට බලල්ලෙන් කඩාපාත්වුණු අවස්‌ථාව එතුමාගේ ප්‍රනාමයට ද හේතුවන්නට ඇත.

එස්‌. බී. සේනානායක මහතා විශ්වවිද්‍යාලයෙදී හඳුනාගත් "චිත්‍රා ප්‍රනාන්දු" නැමැති යුවතියක සිය පවුල් පරම්පරාවට නොගැලපීම නිසා එම විවාහයෙන් පවුල දෙදරායැමට ඉඩ තිබූ අවස්‌ථාවක ඩී. එස්‌. සේනානායක අගමැතිතුමා එම දෙමවුපියන් කැඳවා එය සමථයකට පත් කොට විවාහයට ඉඩ සලසා දුන් පුවතක්‌ රැකෝගම මහතා සඳහන්කර තිබිණ. එස්‌. බී. සේනානායක මහතා විවාහ වී සිටියේ දෙමළ කාන්තාවක සමග බව සමකාලීන රාජ්‍ය නිළධාරීන් මැනැවින් දැන සිටියහ. එතුමාගේ නිවසේදී ඇය අප විසින් ද දැක ඇත. එබැවින් රැකෝගම මහතා පවසන මෙම සිද්ධියේ යම් සත්‍යයක්‌ ඇත්නම් ඒ "චිත්‍රා ප්‍රනාන්දු" නැමැති යුවතිය ජාතියෙන් දෙමළ වනනී නම් පමණකි.

බලල්ලේ සේනානායකවරුන් තමන්ගේම පරපුරේ උදවිය ලෙස සලකා ඩී. එස්‌. සේනානායක අග්‍රාමාත්‍යතුමා එම අයට විශේෂ අනුග්‍රහ දැක්‌වූයේ නම් තම නායකත්වයෙන් පැවති දේශපාලන ව්‍යාපාරයට ඔවුන් හවුල්කර ගනිමින් ඔවුන්ගේ කෙනෙකු මැතිවරණයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට යෑවිය හැකිව තිබිණ. එහෙත් 1947 මැතිවරණයේදී බලලල ග්‍රාමය අයත් වූ නිකවැරටිය ආසනයට අලියා ලකුණින් තරගයට ඉදිරිපත් කර ඇත්තේ කවිසේන හේරත් මහතා වන අතර එම නාමය යෝජනා කර තිබුණේ රාජකරුණා අබේසිංහ ගුණරත්න වාසල මුදියන්සේලාගේ කලු බණ්‌ඩා නැමැත්තෙකි. ස්‌ථිර කර ඇත්තේ අධිකාරි මුදියන්සේලාගේ පුංචිරාල ගේ මුදලිහාමි නැමැත්තෙකි. 1977 දී බලයට පත් එක්‌සත් ජාතික පක්‌ෂ රජයේ ඊ. එල්. සේනානායක මහතා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධුරයට පත්වූ අවස්‌ථාවේ ඇස්‌. බී. සේනානායක මහතාගේ පාලනය යටතේ පැවැති ආයතනයක අර්බුදකාරි ප්‍රශ්නයක්‌ සම්බන්ධයෙන් කැඳවන ලද රැස්‌වීමට මුහුණ දිය නොහැකිව දැඩි මානසික පීඩනයකින් ගිලන්ව සිය නිවසේ නිදන කාමරයේ ඇඳමත වැතිරී සිටි අවස්‌ථාවේ එතෙක්‌ ඔහු වටා සිටි හිතවතුන් ඔහුගේ සුවදුක්‌ බැලීමට නොගිය අතර ඔහුගේ නිවසට ගොස්‌ ඔහු රෝහල් සාත්තු නිවාසයකට රැගෙන යැමට පවුලේ අයට සහාය වූයේ මාත් එවකට ගොවිජන ප්‍රාදේශීය නිලධාරියකුව සිටි නෙළුන්දෙනියේ රූපසිංහ මහතාත් පමණකි. ඊට පෙර කාලයේදී හෝ ඉන් පසුව හෝ බෝතලේ සේනානායකවරුන් ඔහු සමග සමීප ඇසුරක්‌ පැවැත්වූ බව හෝ ඔහුට එම පවුලෙන් ප්‍රබල රැකවරණයක්‌ හා සහයෝගයක්‌ ඇති බව රාජ්‍ය නිලධාරින් අතර සිටි කසු කුසු කල්ලිවල උකුසු ඇස්‌වලට පවා හසුවී නොතිබිණි. සත්‍ය වශයෙන්ම එවැනි තත්ත්වයක්‌ තිබුණේ නම් ඊ. එල්. සේනානායක මහතා ඔහු කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරනු නොඅනුමානය. මෙම සියලු කරුණු සලකා බලන විට කටුගම්පල රාළහාමිගේ දුව විවාහ කරගත් බෝතලේ සේනානායක රාළහාමි සහ බලල්ල සේනානායක පරපුරේ නිර්මාතෘ බව කියන හිටිහාමි නොහොත් බෝතලේ සේනානායක ලැස්‌කිරිඤaඤ විදානේ නාමික වශයෙන් මිස ඥතිත්වයෙන් බෝතලේ සේනානායක වරුන්ට සම්බන්ධ බවට අතීත සාක්‌ෂි නැත. අවුරුදු 400 කට පෙර බෝතලේ සේනානායක නමින් පරපුරක්‌ සිටි බවට ද රණසිංහ මහතා ලියූ පුරා වෘත්තය හැරෙන්නට අන්කිසි සාක්‌ෂියක්‌ නොමැත. මෙම තොරතුරු සනාථ කර ගැනීම සඳහා ලන්දේසීන් විසින් බෝතලේ ගමට ලියන ලද ඉඩම් හා පවුල් තෝම්බුවක්‌ තිබේ දැයි සොයා බලන ලද නමුත් එවැන්නක්‌ ලියෑවී නැති බවද දැන ගන්නට ලැබිණි.

දේ. සු ද සොයිසා මහතාගේ ලිපියේ සඳහන් රන් වැටේ කතාව ගැන ප්‍රතිචාර දැක්‌වීම රැකෝගම මහතාගේ වගකීමකි. මගේ ලිපියේ සඳහන් කරුණු ගැන ලියා ඇති විවේචන ගැන ප්‍රතිචාර දැක්‌වීම මගේ යුතුකමය.
(1) මා බෝධිවංශය කියවා ඇත. එහි සඳහන් අෂ්ට ඵල හා දෙතිස්‌ ඵල බෝධීන් වහන්සේලා පිළිබඳ පුවත හාස්‌කමක්‌ නොවන්නේ පල දරන වෘක්‌ෂයකින් වෙන්කරගත් ශාඛාවක්‌ රෝපණය කළ විට එම ශාඛාවේම වුවද පල හට ගැනීම ප්‍රත්‍යක්‌ෂ සත්‍යයක්‌ නිසාය. එහෙත් ශාකයක්‌ තිබූ තැනින් සෙලවිය නොහැකි තරම් ගැඹුරට එක රැයකින් මුල් අදිතැයි මම විශ්වාස නොකරමි.
(2) වීරවර්ධන මහතාට නොතේරුණාට ගෝඨාභය රජු බෝතලේ බෝධියට විශේෂ ආරක්‌ෂාවක්‌ ලබා දුන්නේ එය ආශ්චර්යමත් බෝධියක්‌ වූ නිසා බව සොයිසා මහතා කියයි. ගෝඨාභය රජතුමා අත්තනගල්ලට එනවිට බෝ පැලයක්‌ රැගෙන ආ බවත් කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක සඳහන්ව නැත. එසේම ශ්‍රීමහා බෝධියේ ශාඛාවක්‌ හෝ ඵල රුහ බෝධියක්‌ බෝතලේ ඇති බවට බෝධි වංශය ඇතුළු මූලාශ්‍ර වල සඳහන් වන්නේද නැත. ඒ නිසා මනඃකල්පිත බෝධියක ආශ්චර්යය මෙනෙහි කොට සොයිසා මහතා ස්‌වයං වින්දනයක්‌ ලැබීම මට තේරුම් ගත නොහැකි බව ඇත්තකි.
(3) දොන් ස්‌පේටර් සේනානායක මුදලි තුමාට පෙර සිටි සේනානයක වරුන් ගැන පෙළපත් සටහනක්‌ ඉදිරිපත් නොවීම පිළිබඳව මා කළ විමසුමට පිළිතුරක්‌ ලෙස සොයිසා මහතා සඳහන් කර ඇත්තේ එය එතරම් ගණන් ගැනිය යුතු ප්‍රකාශයක්‌ නොවන බවය. පරපුරක ඉතිහාසය ගැන විමසීමේදී පරම්පරා සටහනක්‌ ගැන ප්‍රශ්න කිරීම ගණන් ගත යුතු නැතැයි කියන්නේ ඊට දිය හැකි පිළිතුරක්‌ නැති නිසාය. පරම්පරා සටහන් නොලියෑවෙන්නට හේතු වූයේ සේනානායකවරු පෘතුගීසින්ට කත් නොඇදු ජන ප්‍රධානීන් වීම බව සොයිසා මහතා කියා ඇත්තේ පෘතුගීසි පාලන කාලයේ ජීවත් වූ බෝතලේ සේනානායකවරයකු ගේ නමක්‌ හෝ දැන ගෙනද? 2005 ජනපතිවරණය අවසානයේදී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‌ෂ මහතා සිය මී මුත්තකු වන වනිග චින්තාමනී මොහොට්‌ටි රාජපක්‌ෂ ගේ සිට වත්මන් පරපුර දක්‌වා පරම්පරා එකොළසක දීර්ඝ පෙළපත් සටහනක්‌ ඉදිරිපත් කර ඇත්තේ පරංගීන්ට කත් ඇද්ද නිසා නොව පෙළපතක්‌ තිබුණු නිසාය.

දොන් ස්‌පෙටර් සේනානායක මුදලි තුමාගේ පියා දොන් බර්තලමියුස්‌ සේනානායක බව සොයිසා මහතා පවසයි. දේශබන්දු ඇෆ්. ආර්. සේනානායක චරිතය ලියූ ජයසේන දහනායක මහතාට හෝ ඩී. එස්‌. සේනානායක චරිතය පළ කළ සංස්‌කෘතික අමාත්‍යාංශයට හෝ සොයා ගැනීමට නොහැකි වූ මෙම නම සොයිසා මහතා විසින් සොයා ගනු ලැබීම ආශ්චර්යයකි. එහෙත් එය ඇත්තක්‌ ලෙස පිළිගන්නේ කෙසේද?

ගෝඨාභය රජතුමා විසින් සේනානායකවරුන්ට පවරන ලදැයි කියන නින්දගම් වලට සිදුවූයේ කුමක්‌දැයි නැගෙන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සොයිසා මහතා කියන්නේ තමාගේ ආගම දහම අත් නොහැර රාජ නියමයන්ට පැවරුණු බෝතලේ බෝධිය, අත්තනගලු විහාරය පෝෂණය කිරීම රැකීම ඔවුනට අයත්ව තිබීම නිසා ආගම දහම පාවා නොදී කටයුතු කළ බවත් ඒ නිසා ඔවුන්ට රජ සමයේ පැවරුණු වගකීම් ද නිලතල බලතල හා දේපළ ද අහිමි වූ බවත්ය. සොයිසා මහතා එළු අත්තනගලු වංශය කියවා තිබේ නම් බෝතලේ බෝධිය කෙසේ වෙතත් අත්තනගලු විහාරය රැකුණු හා පෝෂණය වූ ආකාරය කදිමට දැනගත හැකිව තිබිණි. එම විහාර වංශයේ සඳහන් වන්නේ ගෝඨාභය රජතුමාගෙන් පසු කාලයක ප්‍රදේශවාසී සොරුන් විසින් එහි පස්‌මහල් ප්‍රාසාදය බිඳ හෙළා වහළයට සෙවිලිකර තිබූ රන් ගෑ තඹ උළු පවා පැහැරගත් බවය. විහාරයේ තිබූ සියලු වස්‌තුව කොල්ලකා ගත් බවය. වරින්වර අනුරාධපුරයේ රජවරුන් විසින් එය ප්‍රතිසංස්‌කරණය කළ නමුත් දඹදෙණියේ වත්හිමි විජයබාහු රජු රජ වන විටත් එය නටබුන්ව තිබුණු බවය. කෝට්‌ටේ සමයේදී පෘතුගීසීන් විසින් එය කඩා බිඳ වස්‌තු පැහැර ගන්නා විටත් එහි ආරක්‌ෂාවට කිසිදු සේනානායක වරයකු ඉදිරිපත්වූ බවක්‌ ඉතිහාසයේ සඳහන් නොවේ.

බෝතලේ පරපුරේ ඉතිහාසය සොයන්නකු කියවිය යුතු වැදගත්ම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය ලෙස සොයිසා මහතා හඳුන්වා දී ඇත්තේ ජයසේන දහනායක මහතා විසින් 1976 දී පළ කරන ලද දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක චරිත කතාවය. පිටු 208 කින් සමන්විත එහි ජන්ම භූමිය හා පරපුර නමැති පිටු 5 1/2 කින් යුතු පරිච්ඡේදයේ දැක්‌වෙන්නේ ඉතිහාසය නොව ඩී. ඩී. රණසිංහ මහතා විසින් ලියන ලද පුරාවෘත්ත කතාවමය. තනි පිටුවකින් ලිවිය හැකි එම කතාව අනවශ්‍ය වර්ණනා හා අතින් දැමූ වැල්වටාරම්වලින් දිග් ගස්‌සා තිබීම විශේෂත්වයකි.
සොයිසා මහතා නැවත මතුකර දක්‌වන්නේද එම කතාවය. වෙනසකට ඇත්තේ එය සේනානායක පවුලට ලියන ලද ප්‍රශස්‌තියක ස්‌වරූපයෙන් ලියා තිබීමය. දොන් ස්‌පේටර් සේනානායක මහතාගේ සිට එම පවුලේ තොරතුරු පුන පුනා නොකීවාට මේ රටේ පොත්පත් කියවූ කවුරුත් දනිති. එසේම ඇෆ්. ආර්. සේනානායක සහ ඩී. එස්‌. සේනානායක දේශප්‍රේමීන්ගේ දැහිතකාමී සේවය හා කැපවීමද අපි ඉහළින්ම අගය කරමු. ඩඩ්ලි සේනානායක අගමැති තුමාගේ ජාතික මෙහෙවර ගැනද අපි දනිමු. එහෙත් අප සාකච්ඡාවට භාජන කළේ ඒවා නොව ඩී. ඩී. රණසිංහ මහතා ලියූ ජන ප්‍රවාදයේ සත්‍යතාවක්‌ තිබේද යන කාරණය ගැනය. ඒ අතින් බලන විට බෝතලේ අතීත සාමාජිකයන් ගැන විමසා බැලීම සඳහා රැකෝගම මහතා විසින් දරන ලද උත්සාහය අගය කළ යුතුය. එතුමා නිවැරදිව මාතෘකාවට පිවිසී ඇත.

එබඳු විමර්ශනයක නොයෙදෙන සොයිසා මහතා ඩී. ඩී. රණසිංහ මහතාගේ ජන ප්‍රවාදය ද තවදුරටත් විකෘති කරයි.

ගෝඨාභය රජතුමත් බෝතලේ බෝධිය පිහිටි ස්‌ථානයේ ගෝඨාභයාරාමයද තනවා මෙම ස්‌ථානය ශ්‍රී මහ බෝධිය සමග පැමිණි පිරිසෙන් ඇරඹුණු බෝධිභාර කුලයෙන් පැවත එන මහියංගන ප්‍රදේශයෙන් පැමිණි තරුණ නායකයාට එම ස්‌ථාන දෙකත් අවට බිම් සියල්ලත් පැමිණි පිරිසත් පවරා අනුරාධපුරයෙන් සුදුසු කුල කුමරියක්‌ ද ගෙන්වා සරණ පාවා දී එහිම පදිංචි කරවා ඇත. යනුවෙන් අලුත් කතාවක්‌ නිර්මාණය කර ඇත. ගෝඨාභය රජු බෝතලේ විහාරයක්‌ ඉදිකළ බවත් ඩී. ඩී. රණසිංහ මහතාගේ පුරාවෘත්තයේ වත් සඳහන් නොවේ. මහනුවර යුගයේ ලියන ලදැයි සැලකෙන රජමහා විහාර නාම ලේඛනය වන විහාර අස්‌නෙහි හෝ බෝතලේ විහාරයක්‌ ගැන සඳහන් නොවේ. ගෝඨාභයාරාමය ලෙස නම්කර ඇත්තේ මෑත යුගයක ඉදිකරන ලද විහාරයකි. ශ්‍රී මහා බෝධිය සමග පැමිණි ක්‌ෂත්‍රිය කුමාරවරුන් අට දෙනාගෙන් බෝධිභාර කුලය නමින් වෙනම කුල පරම්පරාවක්‌ බිහිවු බවට පශ්චාත් කාලීන සාක්‌ෂි නැත. රටපුරා විහාරස්‌ථානවලට සම්බන්ධ බෝධීන් වහන්සේලා ආරක්‌ෂා කර ගැනීම එම විහාරස්‌ථාන වල භික්‌ෂුන් වහන්සේලා සහ බෞද්ධ මහජනතාව විසින් භාරගෙන ඉටු කරන ලද බැවින් එම කුමාර වරුන්ගේ පරම්පරාවලට ඉටු කිරීමට කාර්ය භාරයක්‌ නොවීය. ඒ නිසා කුල අනන්‍යතාවයක්‌ ද බිහි නොවීය. ගෝඨාභය රජතුමා බෝතලේම බෝ පැලයක්‌ ගෙන ආ බව ඉතිහාසයෙන් සනාථ නොවන බැවින් සේනානායකවරයකු පදිංචි කරවීම හා ඔහු බෝධිභාර කුලයේ කෙනෙකු වූ බව සනාථ නොවේ. ඒ අනුව එම මනඃකල්පිත කුමාරයා මහියංගනයෙන් පැමිණි බවද හුදු ප්‍රබන්ධයකි.

මෙම ප්‍රබන්ධය ගොඩ නගා ඇත්තේ දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක චරිතයේ සඳහන් කර ඇති ඩඩ්ලි සේනානායක අගමැති තුමා විසින් ජයසේන දහනායක මහතාට පවසන ලදැයි කියන කතාව අනුව විය හැකිය. මම රුහුණු රටෙන් රජ රටටත් එහෙත් මායා රටටත් ගිය පරපුරක කෙනෙක්‌ වෙමි" යනු එම මූලික කතාවය. අපේ පරපුරේ කතාව මම පසුව කියන්නම්" යයි එතුමා කී නමුත් එම තොරතුරු අසා දැන ගැනීමට තමාට අවස්‌ථාවක්‌ නොලැබුණු බව ජයසේන දහනායක මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනුව බෝතලේ සේනානායකවරුන් දුටුගැමුණු එළාර යුද්ධය හා සම්බන්ධ කිරීමද තවත් හිතලුවක්‌ මිස ඉතිහාසයෙන් අනාවරණය වන සත්‍යයක්‌ නොවේ.


විජයපාල වීරවර්ධන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v