ඇත් පැටවුන්ට අවශ්‍යතාක්‌ මවු සෙනෙහස ලබාදෙන්න
ජනාධිපති ඇමැති ලොකුගේට දන්වයි

සිරිල් විමලසුරේන්ද්‍ර

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට පින්නවල ඇත් පැටවුන් දෙදෙනා ඊයේ (05 දා) පෙරවරුවේ පූජා කළේය.

ඇත් පැටවුන් දෙදෙනා පූජා කිරීමේ සන්නස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට සහ අස්‌ගිරි පාර්ශ්වයේa අති පූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට මහා විහාරයන්හිදී බැහැ දකිමින් මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගැන්වීය. මංජුසාවල තැන්පත් කරන ලද සන්නස්‌ චිරාගත සම්ප්‍රදායානුකූලව උභය මහා නාහිමිවරුන් වෙත පිළිගන්වන ලදී.

සිංදු නමැති ඇත් පැටවා මල්වතු පාර්ශ්වයේ මහ නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේටද, රාජු නමැති ඇත් පැටවා අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක ස්‌වාමීන් වහන්සේටද පූජා කරන ලදී.

මල්වතු හා අස්‌ගිරි නාහිමිවරුන් වෙත පූජා කෙරුණු ඇත් පැටවුන් දෙදෙනාට මවු ඇතින්නියන්ගේ සෙනෙහස අවශ්‍යතාක්‌ ලබාදීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතා වෙත මෙහිදී උපදෙස්‌ දුන්නේය.

සන්නස පිළිගන්වමින් අදහස්‌ දැක්‌වූ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ ගමන් කිරීම සඳහා පූජා කරන ලද ඇත් පැටවුන් දෙදෙනා පුණ්‍යවන්ත සතුන් දෙදෙනකු බවත්, එවැනි ආගමික පෙරහැරක්‌ සඳහා ඇත් පැටවුන් දෙදෙනකු පූජා කළ අවස්‌ථාවේ විරෝධතාව පළකරන්නේ මේ රටේ වෙනත් අහිංසක සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඬක්‌ නොනගන රාජ්‍ය නොවන සංවිධාන බවත් පෙන්වා දුන්හ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මහා හිමිපාණෝ සෙත් පැතීය.

අස්‌ගිsරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සෙත් පැතීය.

අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ඇත් පැටවා පූජා කිරීමේ සන්නස පිළිගැන්වීම අවසානයේදී මාධ්‍යට අදහස්‌ දක්‌වමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසුවේ "සිදුවිය යුතු කාර්යයක්‌ ඒ ආකාරයෙන් සිදුවීය" යනුවෙනි.

මෙම අවස්‌ථාවට මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, අමාත්‍ය ගාමිණී ලොකුගේ, අමාත්‍ය කෙහෙලිය රඹුක්‌වැල්ල, අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු සහභාගි වූහ.

පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද සහ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද යන ස්‌වාමීන්වහන්සේ අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග වූහ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v