sAs~krNy : n`rq nQX~XAk

මව් බිම අමතක නොකළ ප්‍රංශයේ වෙසෙන ලක්‌ දූ පුතුන් ගෙන්
පිදෙන ශ්‍රී ජුනියර් ස්‌ටාර් 09 වැනිදා ජෝන් ද සිල්වා හිදි


කල්යාණි පි. නිශ්ශංක

ප්‍රංශයේ පැරිස්‌ නුවර පදිංචි ශ්‍රී ලාංකික දරු දැරියන් තම ගී ප්‍රසංගය පසුගියදා පනාගොඩ යුදහමුදා ක්‍රීඩාගාරයේදී බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අවස්‌ථාවකි. එම ප්‍රසංගය මහත් උද්දාමයෙන් නැරඹූ ආබාධිත රණවිරුවන් පිරිසක්‌aද ඡායාරූපයේ වෙති. මෙම ප්‍රසංගයේ සම්බන්ධීකරණය කර්නල් ඩී. කේ. වී. පියසේන මහතා විසින් සිදු කරන ලදී.
ඡායාරූප -ඇන්ටන් ප්‍රනාන්දු

දේශයට අභිමානවත් සේවයක්‌ ඉටු කළ ජාතියේ මුරදේවතාවන් වූ රණ විරුවන්ට සහ යුද්ධයෙන් අවතැන්වු අසරණ දූ පුතුන් වෙනුවෙන් පිදෙන ශ්‍රී ජුනියර් ස්‌ටාර් ප්‍රසංගය අගෝස්‌තු මස 09 වැනි ඉරිදා සවස 4.00 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රංශයේ වෙසෙන රොහාන් පොන්සේකා සහ බිරිඳ දුලානි පොන්සේකා විසින් ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රසංගයට ප්‍රංශයේ ජන්ම ලාභය ලද ශ්‍රී ලාංකික දු පුතුන් 18 දෙනෙකුගෙන් සැදුම් ලත් සංගීත කණ්‌ඩායමක්‌ විසින් අපේ සිංහල ගීත ගායනා කරමින් එම ගීතවලට සංගීතය සපයමින් ප්‍රසංගය අලංකාරවත් කරනු ඇත.

මේ දූ දරුවන්ට අමතරව ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රවීන ශිල්පීන් රැසක්‌ද මෙම ප්‍රසංගයේ දී ගායනා කීමට බලාපොරොත්තු වෙයි. පන්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ජගත් වික්‍රමසිංහ, රනිල් මල්ලවාරච්චි, ලක්‌ෂ්මන් විෙ-සේකර, සුරේන්ද්‍ර පෙරේරා, සී. එල්. පොන්සේකා, මරියසෙල් ගුණතිලක, ලිලන්ති කරුණානායක, චාන්දනී හෙට්‌ටිආරච්චි, අමිලා නදීෂානි, ශ්‍රී කාන්ති පෙරේරා, රොඩ්නි වර්ණකුල, නෙලු අධිකාරි, කපිල පුගලආරච්චි, සමිතා මුදුන්කොටුව, රොහාන් ෆොන්සේකා, ළමා ගායක හිමාෂ දසනායක සහ සුධීෂ් සෝමාල් එදිරිවීර මෙම ප්‍රසංගයේ ගී ගයනු ඇත.

දැනට ප්‍රංශයේ විසුවද එවකට ගුවන් විදුලි සංස්‌ථාවේ සහ ජාතික රූපවාහිනියේ, සංගීත ශිල්පියකු ලෙස සේවය කළ රොහාන් ෆොන්සේකාගේ සංකල්පයක්‌ අනුව ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රසංගයේ ඇති සුවිශේෂත්වය වනුයේ ප්‍රථම වතාවට විදෙස්‌ රටක සංගීතය හැදැරූ දරුවන්ගෙන් සැදුම්ලත් සංගීත කණ්‌ඩායමක්‌ විසින් මෙම ප්‍රසංගය සංගීතවත් කිරීමයි.

නර්තනය මෙහෙයවීම ප්‍රංශයේ වෙසෙන කමලා බෙල්ලන්තොට විසිනි. වාදනයෙන් දිමිත්‍රි ෆොන්සේකා, රංග ලිවේරා, නුවන් ගමආරච්චි, ඩෙනිස්‌ කලමුල්ල, අනුෂ්කා ෆොන්සේකා, සුරංග නිශ්ශංක, සහිත සමරසූරිය, ඩිලානි පෙරේරා, චතුනි කුමාරගේ, වත්සලා ගල්හේනගේ යන දූ දරු පිරිස මෙම ප්‍රසංගය සංගීතවත් කරන අතර ගීත ගායනය නිලුෂි නිශ්ශංක, ඇන්ඩි්‍රයා සිල්වා, ශේලාකා ප්‍රනාන්දු, මර්නි ප්‍රනාන්දු, ශෙහොනා ප්‍රනාන්දු, මෙලිසා සිල්වා, රචිනි පීරිස්‌ සහ කතනය මෙලිසා වික්‍රමාරච්චි ඔෂද කිරිදිආරච්චිගේ මේ ප්‍රසංගයේ ගී ගයනු ඇත.

ජූලි මස 31 වැනි දින පනාගොඩ යුධ හමුදා කඳවුරේදී රණවිරුවන් වෙනුවෙන් මෙම ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වීමට බලාපොරොත්තුවන ප්‍රසංගයේ සියලුම ආදායම රණවිරුවන් සහ සරණාගතයන් වෙනුවෙන් ප්‍රදානය කිරීමට රොහාන් ෆොන්සේකා බලාපොරොත්තු වෙයි.

මෙම ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ ප්‍රංශයේ වෙසෙන අපේ රටේ දෙමව්පියන් ට දාව එරට දී උපත ලබා ජීවත්වන දරු දැරියන් තම මාතෘ භූමියේ අභිමානය කිසි ලෙසකින් වන තම හදවත් වලින් ඈත්වී නොමැති බව ලොවට හඬ ගා කියන්නට දරණ වෑයමක්‌ ලෙසද මෙම දැවැන්ත ප්‍රසංගය සඳහන් කළ හැකිවේ. එය නැරඹීමට එක්‌වන්නැයි ආරාදනා කේරේ.

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v