ප්‍රජාතන්ත්‍රවාදයේ අරුණලූ වැටෙන උතුර

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

අද (8 දා) උතුරට සුවිශේෂී දිනයකි. දශක තුනකට අධික කාලයක්‌ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් තුවක්‌කු කඳෙන් නිහඬ කළ ප්‍රජාතන්ත්‍රවාදයේ අරුණලු යළි උතුරට උදාවෙමින් තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කශේරුකාව නොතිබෙන්නටත් රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම නොවන්නටත් උතුරේ පමණක්‌ නොව දකුණේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම උදාවන දිනය වැඩි ඈතක නොවන්නට ඉඩ තිබිණි. ත්‍රස්‌තවාදය යුද්ධයෙන් පරාජය කළ නොහැකි යෑයි කියූ මෙරට පමණක්‌ නොව, ජාත්‍යන්තර මතවාද ද බිඳ දමමින් පසුගිය මැයි 18 වැනිදා ලක්‌ දෙරණේ ත්‍රස්‌තවාදය සහමුලින්ම මුලිනුපුටා දැමීමට රණවිරවෝ සමත් වූහ.

එල්.ටී.ටී.ඊ.ය ලැබූ යුදමය පරාජයෙන් නිදහස ලැබුවේ උතුර - නැගෙනහිර ජනතාව පමණක්‌ම නොවේ. දකුණේ සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ජනතාවට ද සැබෑ නිදහස උදා වූයේ 1948 පෙබරවාරි 4 වැනිදා නොව 2009 මැයි 18 වැනිදා ය.

දශක තුනකට අධික කාලයක්‌ එල්.ටී.ටී.ඊ.යේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ජීවත් වූ උතුර - නැගෙනහිර ජනතාව අද ප්‍රජාතන්ත්‍රවාදී රටක සැබෑ නිදහස භුක්‌ති විඳිමින් සිටිති. 2008 වසරේ මාර්තු 10 වැනිදා පැවැති මඩකලපුව මහ නගර සභා මැතිවරණයත් සමඟ එල්.ටී.ටී.ඊ.ය තුවක්‌කු හඬින් නිහඬ කළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යළි උතුරට ලැබෙමින් පවතී. 2008 වසරේ මැයි 10 වැනිදා මඩකලපුව, ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්‌ත්‍රික්‌කවලින් සැදුම්ලත් නැගෙනහිර පළාත් සභා ඡන්දය පැවැත්වූයේ අවුරුදු 19 කට පසුවය.

ත්‍රස්‌තවාදය අවසන් වීමෙන් පසු උතුර ගොඩනැඟීමේ වසන්තය ඇරැඹී ඇත. උතුරේ ජනතාවට අවශ්‍ය වෙනම රාජ්‍යක්‌ හෝ ඊළමක්‌ නොවන බව පසුගියදා අප යාපනය ප්‍රදේශයේ කළ සංචාරයේදී දැක ගත හැකි විය. අද ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ

රැකියාවක්‌ කරගෙන, තම දූ දරුවන්ට අධ්‍යාපනයක්‌ ලබා දී දකුණේ සිංහල ජනතාවත්, නැගෙනහිර මුස්‌ලිම් ඇතුළු සියලු ජන කොටස්‌ සමගින් සහෝදරත්වයෙන් විසීමය.

2005 නොවැම්බර් 17 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ 05 වැනි ජනාධිපතිවරණයේදී යාපනය දිස්‌ත්‍රික්‌කයේ 7,01,000 ක ලියාපදිංචි ඡන්දවලින් ප්‍රකාශ වූයේ 01% ක්‌ වැනි ඡන්ද ප්‍රමාණයකි. කිලිනොච්චි ඡන්ද බල ප්‍රදේශයෙන් පාවිච්චි කෙරුණේ එක්‌ ඡන්දයක්‌ පමණි. එසේ ඡන්දය පාවිච්චි කළ පුද්ගලයාගේ අත කපා දැමීමට තරම් මිනීමරු එල්.ටී.ටී.ඊ. සංවිධානය කෲර විය.

2009 අගෝස්‌තු 08 වැනිදා යාපනය මහ නගර සභාවේ හා වවුනියාව මහ නගර සභාවේ ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්දය පැවැත්වේ. අගෝස්‌තු 08 වැනිදා තවත් සුවිශේෂී සිද්ධියක්‌ වනු ඇත. එල්.ටී.ටී.ඊයෙන් රට මුදා ගැනීමේ සටනේ අභීත සෙන්පතියකු වූ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ප්‍රමුඛ ආරක්‍ෂක රණවිරු සෙන්පතීන් අටදෙනකු බිම් බෝම්බයකට ගොදුරු වූයේ කයිට්‌ස්‌, අරියාලෙයි ප්‍රදේශයේදී 1992 අගෝස්‌තු 08 වැනිදා ය. ඔවුන් අද ජීවත්ව සිටියා නම් එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම ගැන කොතරම් සතුටු වනු ඇත්ද?

යාපනය මහ නගර සභාව සඳහා අවසන් වරට මැතිවරණයක්‌ පැවැත්වූයේ 1998 ජනවාරි 29 වැනිදා ය. යාපනය ඇතුළු උතුරේ පළාත් පාලන ආයතන 17 ක්‌ සඳහා එදින මැතිවරණය පැවැත්විණි. යාපනය මහ නගර සභාවේ හා වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සිය බලය හිමිකර ගනිද්දී වලිකාමම් දකුණ, වලිකාමම් නිරිත වේලානි, කයිට්‌ස්‌, ඩෙල්ෆ්ට්‌, වඩමරාච්චි, නල්ලූර්, වලිකාමම් දකුණ, පේදුරුතුඩුව යන පළාත් පාලන ආයතන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය (EඡDඡ)) විසින් ද චාවකච්ෙච්රි නගර සභාව, පච්ඩලෙයිපල්ලි, චාවකච්ෙච්රි ප්‍රාදේශීය සභාව ප්ලොට්‌ සංවිධානය විසින්ද වැල්වැටිතුරෙයි නගර සභාව ඔEඛධ සංවිධානය විසින් ද දිනා ගත්තේය.

යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීධුර 23 න් 09 කම බලය ද්‍රඑවිපෙ හිමිවිය. එහි ප්‍රතිඵල මෙසේ දැක්‌වේ.

ද්‍රඑවිපෙ - ඡන්ද 3540 - මන්ත්‍රීධුර 09 යි.

ප්ලොට්‌ - ඡන්ද 3182 - මන්ත්‍රීධුර 06 යි.

ඊ.ජ.ප්‍ර පක්‍ෂය (EඡDඡ) ඡන්ද 2963 - මන්ත්‍රී ධුර 06 යි.

EඡRඛF ඡන්ද 943 - මන්ත්‍රීධුර 02 යි.

ටෙලෝ සංවිධානය - 162

වලංගු ඡන්ද 10,628

නරක්‌ වූ ඡන්ද 907

පාවිච්චි කළ ඡන්ද - 11,535

යාපනයේ නගරාධිපතිවරයකු වූ ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලද්දේ 1975 ජුලි 27 වැනිදාය. ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතා නමින් නම් කර තිබූ ක්‍රීඩාංගණය කාලයක්‌ පුරා වල්බිහි වී තිබී යළිත් පිළිසකර කොට 1998 ජනවාරි 29 වැනිදා පැවැති යාපනය මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පත් වූ සරෝජනී යෝගේස්‌වරන් මහත්මියගේ ඇරැයුම මත එවක යාපනය ආඥාපතිවරයා වූ බ්‍රිගේඩියර් සුසන්ත මෙන්ඩිස්‌ මහතා අතින් විවෘත විය. එම ක්‍රීඩාංගණයේ නාමය "ඇල්ප්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණය" යන්න ඉවත් කර එස්‌. ඡේ. වී. චෙල්වනායගම් ක්‍රීඩාංගණය නමින් ප්‍රකාශ කරන ලෙස එල්.ටී.ටී.ඊ. විසින් කළ යෝජනාව ඉවත දැමූ නගරාධිපතිනි සරෝජනී යෝගේස්‌වරන් මහත්මියට සිදුවූයේ ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙවීමටය. 1998 මැයි 17 වැනිදා යාපනය, නල්ලූර්හි පිහිටි නගරාධිපතිනියගේ නිවසේ සිටියදී එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයෙන් ඇය මරුමුවට පත් වූ අතර, ඇය සමඟ කතා බහක යෙදී සිටි ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ යාපනය නාගරික මන්ත්‍රීවරයකු වූ පරවසිංහම් මහතා ද එහිදී වෙඩි වැදී බරපතල තුවාල ලැබීය. 1989 ජුලි 13 වැනිදා සරෝජනී යෝගේස්‌වරන් මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ යෝගේෂ්වරන් මහතා කොළඹදී එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනය විය.

1994 මාර්තු 01 වැනිදා අවසන් වරට වවුනියාව මහ නගර සභාව සඳහා පළාත් පාලන මැතිවරණයක්‌ පැවැත්විණි. එහි ප්‍රතිඵල මෙසේ දැක්‌වේ.

ප්ලොට්‌ සංවිධානය -

ඡන්ද 4179 - ප්‍රතිශතය 59.89%

(මන්ත්‍රීධුර 07 යි.)

එ.ජාප. - ඡන්ද 1649 - ප්‍රතිශතය 23.63%

(මන්ත්‍රීධුර 02 යි.)

ටෙලෝ සංවිධානය -

ඡන්ද 713 - ප්‍රතිශතය 10.22%

(මන්ත්‍රීධුර - 01 යි.)

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය

ඡන්ද 437 - ප්‍රතිශතය 6.26%

(මන්ත්‍රීධුර 01 යි)

වලංගු ඡන්ද 6978 - ප්‍රතිශතය 93.66%

නරක්‌ වූ ඡන්ද - 472 - ප්‍රතිශතය 6.34%

මුළු ඡන්ද සංඛ්‍යාව 7450 - ප්‍රතිශතය 59.11%

මන්ත්‍රීවරුන් පත් වූ ආකාරය

ප්ලොට්‌ සංවිධානය (07 යි)

වී බාලචJද්‍රන් - මනාප 1439

කේ චJද්‍රකුලසිංහම් - මනාප 1195

ටී. ලිංගනාදන් - මනාප 1164

එස්‌. ෂන්මුගදාස්‌ - මනාප 1005

වී. විජයකුමාර - මනාප 1034

එස්‌. කිරුපරාඩු - මනාප 919

එස්‌. ගෝපාල් ක්‍රිෂ්ණරාජා - මනාප 802

එජාප (මන්ත්‍රී ධුර 02 යි)

එච්. එන්. බෙනඩික්‌ට්‌ - මනාප 807

එම්. ෂන්මුගදාසන් - මනාප 723

ටෙලෝ සංවිධානය (මන්ත්‍රීධුර 01 යි)

සී. ඇම්. ඇන්ටනි - මනාප 352

1983 මැයි 18 වැනිදා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 18 ක්‌ සඳහා අතුරු මැතිවරණ 18 ක්‌ ද, යාපනය මහ නගර සභාවේ පළාත් පාලන මැතිවරණය හා උතුරේ තවත් පළාත් පාලන ආයතන කීපයක්‌ ද, දකුණේ පළාත් පාලන ආයතන කීපයක්‌ සඳහා ද මැතිවරණ පැවැත්විණි.

1982 ඔක්‌තෝබර් 20 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරණයේදී 51% ක ප්‍රතිශතයක්‌ නොලැබූ හා 1982 දෙසැ. 22 දා පැවැති ජනමත විචාරණයේදී එජාපය පරාජය වූ ආසන 18 ක්‌ සඳහා එසේ අතුරු මැතිවරණ පැවැත්වීය.

යාපනය මහ නගර සභාවේ එදින (18 මැයි 1983) පැවැති පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල මෙසේය.

ද්‍රඑවිපෙ - ඡන්ද 8594

එජාප - ඡන්ද 83

සමස්‌ත ලංකා ද්‍රවිඩ සංගමය - ඡන්ද 270

වලංගු ඡන්ද 9996

ද්‍රඑවිපෙ මන්ත්‍රී ධුර 23 ක්‌ හිමිවිය. නගරාධිපතිවරයා ලෙස සින්නතම්බි තාගරාසා මහතාත්, උප නගරාධිපති ලෙස මොහොම්මදු මීරා සායිබු මහතාත් පත්විය.

වසර 11 කට පසු යාපනය මහ නගර සභාවේ පැවැත්වෙන මැතිවරණයේදී ජනතාවට නිදහසේ සිය මතය ප්‍රකාශ කළ හැකි බවට විශ්වාසයක්‌ පවතින අතර, 2009 ජුනි 18 - 25 දක්‌වා නාම යෝජනා භාර ගත් අතර, යාපනය සඳහා ඡන්දදායක දායිකාවන් 1,00,417 ක්‌ද, වවුනියාව මහ නගර සභාවේ 24,626 ක්‌ ද ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති.

යාපනය මහ නගර සභාවට මන්ත්‍රීවරුන් 23 ක්‌ තෝරා ගැනීමට පිළිගත් දේශපාලන පක්‍ෂ 05 කින්ද, ස්‌වාධීන කණ්‌ඩායම් 03 කින් ද නාම යෝජනා භාරදුන් අතර, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හා එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමක නාම යෝජනා ප්‍රතික්‍ෂේප විය. මේ අනුව පිළිගත් දේශපාලන පක්‍ෂ 04 කින් ස්‌වාධීන කණ්‌ඩායම් දෙකකින් 174 දෙනකු තරග කරති.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එජාප, ද්‍රඑවිපෙ හා ඉලංගෙයි තමිල් අර්සු කච්චි "නිවස" ලකුණින් කොටි රූකඩ ලෙස ක්‍රියා කළ දෙමළ ජාතික සන්ධානය තරග කරයි. ඩග්ලස්‌ දේවානන්ද මහතාගේ EඡDඡ සංවිධානයද, ටෙලෝ හා ඊරෝස්‌ සංවිධානය එජනිස බුලත් කොළය යටතේ තරග වදිති. යාපනය සහකාර මැතිවරණ කොමසාරිස්‌ පී. කුගනාදන් මහතා මේ නාමයෝජනා භාර ගත්තේය.

වවුනියාව මහ නගර සභාව සඳහා මන්ත්‍රීවරුන් 11 දෙනකු තෝරා ගැනීමට පිළිගත් දේශපාලන පක්‍ෂ 07 කින් ස්‌වාධීන කණ්‌ඩායම් 03 කින් නාම යෝජනා වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස්‌ ඒ. එස්‌. කරුණානිධි මහතා වෙත ඉදිරිපත් කරන ලදුව, ද්‍රඑවිපෙ නාම යෝජනා පත්‍රය පමණක්‌ ප්‍රතික්‍ෂේප විය. එජනිස, එජාප, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ශ්‍රී ලං. ප්‍රගතිශිලී පෙරමුණ, ඉලංගෙයි තමිල් අර්සු කච්චි යන පක්‍ෂ තරග වදී.

මෙතෙක්‌ කල් එල්.ටී.ටී.ඊ කුවක්‌කුවට බියෙන් සිය දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙන යැමට බිය වූ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂවලට බියෙන්, සැකයෙන් තොරව සිය දේශපාලන ප්‍රචාරණ කටයුතු කිරීමට දැන් ඉඩකඩ ලැබී ඇති බැව් ඔප්පු වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, එජාප ඇතුළු සියලු පක්‍ෂ එළිපිටම සිය කටයුතු කරගෙන යැමට අද උතුරේ මඟ පෑදී ඇති නිසාය. 1981 යාපනය සංවර්ධන සභා ඡන්දයේදී එවක පාලක එජාපය විසින් සිදු කළ ඡන්ද පෙට්‌ටි පැහැර ගැනීම්, යාපනය පුස්‌තකාලයට ගිනි තැබීම වැනි දේශපාලන ප්‍රචණ්‌ඩත්වයෙන් ඇළලී ගිය උතුරේ ජනතාවට, ප්‍රජාතන්ත්‍රවාදය තම විශ්වාසය ගිලිහී උතුරේ ජනතාවට යළි දේශපාලනයේ භීෂණකාරී හොල්මන් අත්දැකීමට ඉඩ නොදීමට සියලු දේශපාලන පක්‍ෂ වගකීමෙන් කටයුතු කළ යුතුය.

උතුරේ ජනතාව කවරකුට ඡන්ද දුන්නත්, ඡන්දයේ සිය මතය පළ කිරීමේ නිදහස්‌ අයිතිය ආරක්‍ෂා කිරීමට තදින් බැඳී සිටින බැව් පවසන රජය මෙන්ම සෙසු දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් එම සද්කාර්ය සාක්‍ෂාත් කළ යුතුය. මෙදෙස උතුරේ හා දකුණේ ජනතාව පමණක්‌ නොව, විදෙස්‌ගතව සිටින එල්.ටී.ටී.ඊ. රූකඩ මෙන්ම අන්තර් ජාතික ප්‍රජාව ද ඕනෑකමින් බලා සිටිති.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v