දුරකථනයකින් කථා කරමින් දුම්රිය මාර්ගයේ
ගමන්ගත් තරුණිය දුම්රියට බිලිවෙයි


රාගම අතිරේක - රිචඩ් ජී. සිල්වා

ජංගම දුරකථනයකින් කතාකරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ සුරූපී තරුණියක්‌ ඊයේ (07 දා) උදෑසන රාගම පේරලන්ද ප්‍රදේශයේදී කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක හැපී එම ස්‌ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇත.

හලාවත දුම්රිය මාර්ගයේ, පේරලන්ද සහ ක¹න දුම්රිය ස්‌ථානයන් අතරදී සිදුවී ඇති මෙම ෙ€දවාචකයෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක සේවයට යමින් සිටි රාගම බත්ගම්මුල්ලේ අංක 407 නිවසේ විසූ ඊ. ප්‍රශන්ති චන්ද්‍රසේකර නමැති 21 හැවිරිදි සුරූපී තරුණියකි. මෙහි පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණ සාක්‌ෂි විභාගය ඊයේ (07 දා) රාගම ශික්‌ෂණ මහ රෝහලේදී පැවැති අතර රාගම පොලිසියේ පො. කො. 61621 ජයසිංහ මහතා පරීක්‍ෂණ පැවැත්වීය.

රාගම හා ක¹න දුම්රිය ස්‌ථානයන් අතරදී ජංගම දුරකථන වලින් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ කිහිප දෙනෙකුට මීට පෙර අවස්‌ථා කිහිපයකදීම දුම්රියේ හැපී ජීවිතක්‍ෂයට පත්ව තිබිණි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v