නිර්වාණය හා බෞද්ධ කලාව

පසුගිය සතියෙන්

සුප්‍රසිද්ධ භාරතීය ගුප්ත කලාව නියෝජනය කරන සාරානාත් ප්‍රතිමාව පිළිබඳ ඒ. එල්. භෂාම් මෙසේ ප්‍රකාශ කරයි. "තේජස්‌වී ගුණයෙන් යුත් පිරිපුන් මෙම ප්‍රතිමාව ඇඟිලිවලින් දම්සක්‌ මුද්‍රව සංකේතවත් කරයි. ප්‍රතිමාවේ අඩක්‌ වැසුණු දෙනෙතින් හා මන්දස්‌මිතියෙන් බුදුන්වහන්සේගේ මූලික පණිවුඩය පැහැදිලිවත් සිත්කාවදින ලෙසත් ප්‍රකාශ වන්නේය. තවද මෙයින් අවධාරණය කරන්නේ ලෝකය ජරා, දුක්‌ඛ, මරණ යන ලක්‌ෂණවලින් පිරී තිබෙන බවටත් ඒවායින් මිදී ජරාවෙන් හා දුකින් සිත නොමඬන ලෞකික සැප අත්‍යන්ත චිත්ත ප්‍රසාදයට පත් කළ හැකි උත්තරීතර තත්ත්වයක්‌ කරා පැමිණිය හැකි බව යෑයිද තවදුරටත් සඳහන් කරයි. එසේම අනුරාධපුර සමාධි පිළිමය බැතිමතාගේ සිත් සතන් තුළ විරාගී හැඟීම් හා එඩිතර බවේ සංකේත දනවන සුළුය. වරක්‌ ශ්‍රී ලංකාවට පැමිණි භාරත රාජ්‍ය නායක ශ්‍රී නේරු මහතා සමාධි පිළිමය වෙත ගොස්‌ අඩහෝරාවක්‌ පමණ භාවනාවේ යෙදී සිට මුළු බුදුදහම මේ ශාන්ත මුව මඬලේ ගැබ් වී ඇතැයි කියා තිබේ. මේ මගින් පෙනෙන කරුණක්‌ නම් බෞද්ධ කලාව පුද්ගලයා තුළ ශුද්ධා ජනනය කරමින් නිර්වාණ මාර්ගය වෙත යොමු කිරීමට දක්‌වා ඇති දායකත්වයයි.

කඹුරුපිටියේ වනරතන හිsමියන් දක්‌වන ආකාරයට බුදුපිළිමයේ ප්‍රධාන මුද්‍රd සයකි. එනම් සමාධි මුද්‍රව, අභය මුද්‍රdව, වරද මුද්‍රව භූමිස්‌පර්ශ මුද්‍රව, ව්‍යාඛ්‍යාන මුද්‍රdව, ධර්මචක්‍ර මුද්‍රdව වශයෙනි. අනුපූර්ව බෞද්ධ මාර්ගයේ දී ශ්‍රද්ධා වර්ධනයට මේවා කෙතරම් උපකාරීවේදැයි මින් එක්‌ මුද්‍රdවක්‌ ඇසුරින් විමසා බැලිය හැකිය. බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන මූලික ප්‍රතිපත්ති තුන ශීල, සමාධි, ප්‍රඥ වශයෙන් දැක්‌වේ. සීලය සමාධිය වැඩීමට වහල්ව සිටි ප්‍රඥව දියුණු වූ විට මාර්ගවල ඵලාධිගමය වේ. බුදුවරයකු ලබන සර්වඥතා ඥානය ප්‍රඥවේ දියුණුම අවස්‌ථාව වේ. මේ අනුව සලකන විට සමාධිය බුද්ධ ප්‍රතිමාවක විශේෂ ලක්‌ෂණයකි. එයට ප්‍රධාන හේතුව නම් නික්‌ලේශී ආධ්‍යාත්මික උත්තරීතර ගුණය එයින් පිළිබිඹු කළ හැකි වීමයි. මෙම මුදාdවේ ලක්‌ෂණය මෙසේ දැක්‌විය හැකිය. වීරාසනයෙන් අසුන්ගත් ප්‍රතිමාවේ සන්සුන් ඉරියව්වෙන් යුතුව අත්ලපිට අත්ල පිහිටිය යුතුය. නාසිකාග්‍රයට හෙළු දෘෂ්ටියෙන් යුක්‌ත සෘජු ශරීරයෙන් සමන්විත විය යුතුවේ. පැරණි යෝගීන්ගේ ආසන ක්‍රමයක්‌ වන මෙය බෞද්ධයන් විසින් ද විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන ලද්දකි. මෙහි ලක්‌ෂණ වශයෙන් වැඩිදුරටත් දැක්‌වෙන්නේ මුහුණ නික්‌ලේශී ප්‍රීතිමත්භාවයකුත් දෘෂ්ටියේ සුගැඹුරු ලක්‌ෂණයකුත් ඇතුළත් විය යතු බවයි. අනුරාධපුර සමයේ විසූ කලාකරුවා හිඳි පිළිමවල මෙම මුද්‍රd ලක්‌ෂණ වනිත කිරීමට විශේෂ ලැදියාවක්‌ දැක්‌වූයේය. එහි ප්‍රතිඵල වශයෙන් ආදිම හිඳි පිළිම රැසක්‌ම සමාධි මුද්‍රdවෙන් යුක්‌ත විය.

බෞද්ධ නිර්වාණ පරමාර්ථය සදාචාරාත්මක ගුණයෙන් පරිපූර්ණය. එය සදාචාරාත්මක පදනමක පිහිටා ඇත. නිර්වාණගාමී මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සීලය මත පදනම් වේ.

මෙලොව ගත කරන සදාචාරාත්මක ජීවිතය අනුක්‍රමයෙන් නිර්වාණය වෙත යොමුවන බවයි. "ඉතිඛො ආනන්ද කුසලානි සීලානි අනුපුබ්බේන අග්ගාය පරෙන්ති" යනුවෙන් එය පැහැදිලි වේ. මේ අනුව බලන විට බෞද්ධ කලාංගයක්‌ වන චිත්‍ර කලාව මගින් ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කොට ඇත්තේද මේ කරුණ බව පෙනේ. බුදුදහම ව්‍යාප්තව ගිය සෑම රටකම බෞද්ධ චිත්‍ර කලාව දැකගත හැකිය. මෙම චිත්‍රයන්ට උදාහරණයක්‌ ලෙස සුප්‍රසිද්ධ අජන්තා චිත්‍ර දැකිය හැකිය. එම චිත්‍ර ශිල්පියාගේ අරමුණ පිළිබඳ අදහස්‌ දක්‌වන මාහාචාර්ය එච්. ටී. බස්‌නායක මහතා මෙසේ පවසයි. "අජන්තා ශිල්පියා බුද්ධිමය වශයෙන් දියුණුවී අත්දැකීම්වලින් පරිපූර්ණත්වයට පත් පුද්ගලයකු බවට පත්වී තර්කානුකූල සෞන්දර්යාත්මක දෘෂ්ටියක්‌ ඔහු තුළ පහළ වී තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.

සෞන්දර්යයට හා ලෞකික නැඹුරුවට වැඩියෙන් අවධානය යොමු කරමින් ආගමිකත්වයෙන් හා අධ්‍යාත්මිකභාවය රැකෙන පරිදි කලා කෘති නිම කිරීමට සමත්වූ බව පෙනේ. යනුවෙන් ප්‍රකාශ කරයි. මේ බව ශ්‍රී ලංකේය බෞද්ධ චිත්‍රකලාවේ ද දක්‌නට ලැබෙන්නේ මෙරට ශිල්පියා යොදාගත් ජාතක කතා, බෝසත් සිරිත ආදී වස්‌තු විෂයයන් පරීක්‍ෂා කිරීමෙනි.

ශ්‍රද්ධාව හා ප්‍ර්‍රඥව ජනනය කරමින් බෞද්ධ නිර්වාණ සංකල්පය ඉස්‌මතු කිරීමට දැරූ උත්සාහය පිළිබඳ අවශේෂ කලාංග කීපයක්‌ මගින් ද විමසා බැලිය හැකිය. මෙම නිර්මාණය අතර පුන්කලසට සුවිශේෂ ස්‌ථානයක්‌ හිමිවේ. භගවා නාමයෙන් බුදුන් හඳුන්වනු ලබන්නේ මේ ඇලීම නමැති බැඳීම් භග්න කළ තැනැත්තා යන අරුතිනි. බෞද්ධ ප්‍රතිපදාවේ උදාවන පරම භාග්‍ය මෙසේ ඇලීම ගලවා ලබන පරම විමුක්‌ති සුවය නමැති නිවනයි. සිතේ ගිනිනිවෙන්නේ මෛත්‍රිය නමැති සිසිලෙනි. එම නිසා සිතේ ගිනි සපුරා නිවාගෙන නිවන් දුටු සිත අනන්තාපරිමාණ මෛත්‍රී ජලාශයකි. මෙසේ මෛත්‍රී නමැති සිසිල් දියෙන් සිත පිරීයැම පරම භාග්‍යයකි.

සාමාන්‍යයෙන් භාග්‍යය සංකේතවත් කරන බෞද්ධ කලා නිර්මාණයක්‌ වන පුන්කලස සිසිල් දියෙන් පිරි බඳුනකි. මේ පුන්කලසෙහි මල් ආදිය රුවා සලකුණු කෙරෙන්නේ එය පිරී ඇති බවකි. මුල් යුගයේදී බෞද්ධ මන්දිරයන්ට ඇතුල්වන දොරටු දෙපස තබා තිබුණේ සැබෑ ලෙසම දියෙන් පිරි පුන් කලස්‌ය. එම දිය භාවිත කෙරුණේ බෞද්ධ මන්දිරයන්ට ඇතුල්වන පියගැට මුල සඳකඩපහන මත දී පා සෝදා පිරිසිදු වීම සඳහායි. පසු කලෙක කැටයම් කළ සඳකඩපහන පෙදස මූර්තිමත් කළ පුන්කලසේ සඳකඩපහන් මැද කොටන

ලද මහා නෙළුම් මල ද දොරටුව මුදුනේ මකර තොරණ ද බෞද්ධ මන්දිරයකට ඇතුළුවන බෞද්ධයන් කේසාන්තයේ පටන් පාදාන්තය දක්‌වා දෝවනය කොට පිරිසිදු කිරීම සංකේතවත් කළ බව මෙන්ම සකල ක්‌ලේශ ප්‍රහීනත්වයද සංකේතවත් කළා විය හැකිය. කොරවක්‌ගල පූජනීය ගොඩනැගිලිවල දොරටුවල පඩිපෙළ දෙපස ගඩොලින් කරන ලද කොරවක්‌ බැම්මක්‌ වශයෙන්

මුලින්ම පැවතිණි. මෙය ක්‍රමවත්ව සංවර්ධනය වී ලියවැලක්‌ හා එහි මුලට මකර කටක්‌ද එක්‌විය. මෙහි එන ලියවැල ඉතා සුන්දර වූවකි. එහෙත් එය මකර කටින් විහිදී යන ආකාරයට දැක්‌වීමෙන් අදහස්‌ කරන්නට ඇත්තේ සුන්දර වියතුන් වුවද විනාශය ජන්මකොට ඇති බවයි. බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍යතාව මින් ප්‍රකට කළා වියහැක. මකරු කාලය සංකේතවත් කරනවා විය හැක. කාලය විසින් සුන්දර වස්‌තු කාදමන බව සංකේතවත් කළා විය හැකිය. මුරගල සංකේතවත් කරන්නේ එහි නාමාර්ථයේ හැටියට නම් ආරක්‌ෂාවයි. ද්වාර ප්‍රවිශ්ෂයට ප්‍රථම එම ආරක්‌ෂා ශෛලියට නිර්මාණය දක්‌නට ලැබේ. බුදුරදුන් මඡ්Cධිම නිකායේ ගහපති වග්ගයේ සේඛ පටිපදාවේදී වදාළේ "ඉන්ද්‍රියෙසු ගුප්ත ද්වාර"යනුවෙනි. එනම් ඉන්ද්‍රිය ආරම්මණයන්ගෙන් වඩා මුර කරගත යුතුය. දියුණු කර ගත් සිත මඟින් ලාමක අරමුණු නැතහොත් කෙලෙස්‌ සතුරන් වනසන අපාගත වීම වළක්‌වා ගත යුතුය. ඇතැම්විට ආරක්‌ෂාව සඳහා ස්‌ථාපිත බෞද්ධ මුරගල් සංකේත මගින් මෙබඳු ඉන්ද්‍රීය සුරක්‍ෂිතභාවයක්‌ නිරූපණය කරනවා විය හැකිය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දී මෙබඳු අදහසක්‌ දැකිය හැකිය. "චCඛුනා සංවරො" ආදී ධම්මපදයේ සඳහන් ගාථාවෙන් ද අර්ථවත් වන්නේ මෙබඳු අදහසකි.

මේ ආකාරයට අනුපූර්ව ප්‍රතිපදාව වූ නිර්වාණ මාර්ගය වෙත ජනතාව යොමු කිරීමටත් ශ්‍රද්ධාව හා ප්‍රඥව ජනනය කරමින් නිර්වාණ සංකල්පය පිළිබඳ අවදියක්‌ ඇති කිරීමටත් එම සංකල්පය හා එහි ස්‌වභාවය හා ඊට අදාළ කරුණු මැනවින් විග්‍රහ වීමත් බෞද්ධ කලාවෙන් සිදුවී ඇති බව පැහැදිලිය.

පාදක සටහන

1. මහින්ද හිමි දීගල්ලේ, නිර්වාණය හා සදාචාරය පිට 34

2. පෙරේරා ටෙනිසන් සංස්‌කරණය නිවන් මග, බෞද්ධ කලා ශිල්ප අංකය පිට 1.

3. පෙරේරා ටෙනිසන් සංස්‌කරණය නිවන් මග, බෞද්ධ සංස්‌කෘති අංකය, පිට 73

4. ගුරුගේ ආනන්ද, දඹදිව බෞද්ධ කලාව පිට 55

5. පෙරේරා ටෙනිසන් සංස්‌කරණය නිවන් මග, බෞද්ධ කලා ශිල්ප අංකය පිට 7

6. වික්‍රම ගමගේ චන්ද්‍ර, ශ්‍රී ලංකාවේ පැරණි ගොඩනැගිලි දොරටු පිට 19

7. දීඝනිකාය මහා පරිනිබ්බාන සූත්‍රය පිට 65

8. බුදුගුණාලංකාරය

8. රතනසාර හිමි තිරණගම, බෞද්ධ ස්‌ථූප පිට 2

11. Rowland Bengamin The Art and Architecture of India P 129

12. සම්භාෂා, 10 වන කලාපය පිට 555

13. අංගුත්තර නිකාය ඪෂ

14. විද්‍යාලංකාර 05 වන කලාපය පිට 59


තැරෑලේ ධම්මරතන හිමි
B.A. (Hons/ Kelaniya)
M. A. (Benaras) Phd (Delhi)
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v