පැරැණි ලක්‌දිව අධිකරණ සම්ප්‍රදාය

පැරැණි ලංකාවේ අධිකරණ පිළිබඳ තොරතුරු හෙළි කෙරෙන අභිලේඛන අල්පය. එAවා අතර වේවැල්කැටිය ලිපිය, සිතුල් පව්ව ලිපිය, බදුලු ටැම් ලිපිය හා පනාකඩුව තඹ සන්නස ආදිය වේ. තවද අනෙකුත් ශිලා ලේඛනවලින් ද අධිකරණ කටයුතු සම්බන්ධ යම් යම් තොරතුරු ලබාගැනීමට හැකිය. මුල පටන් ක්‍රමානුකූලව අධිකරණ ස්‌වභාවය අධ්‍යයනය කිරීමට ලැබී ඇති ශිලා ලේඛන නොවන වංශ කථා ආදී මුලාශ්‍ර ද ගත්විට අධිකරණය පිළිබඳ හොඳ අවබෝධයක්‌ ලබාගත හැකිය.

රටේ පාලකයා මෙන්ම අධිකරණ පද්ධතියේ ද ප්‍රධානියා රජු විය. මුළු රටටම බලපාන ආඥවන් රජු රාජ සභාවේ සිට නිකුත් කළ බව පෙනේ. මෙම රාජ සභාවේ සංයුතිය දැනගැනීමට පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජුගේ රාජසභා ලිපිය හොඳ මූලාශ්‍රයකි.

රජු / සිංහාසනය

මාපා

ඈපාවරු

සෙනවිරදුන් මාණ්‌ඩලිකයන්

ප්‍රධානියෝ චෞරාසිවරු

අධිකරණ සභාවන්

කායස්‌ථානපොත්වරුන් කඩගොෂ්ඨියේ ඇත්තවුන්

(එA එA නිලධාරීන් ස්‌ථානගතවීම)

"සිහසිනරා කිරුළු මිණි රසින් පළ සේසත් කිසි තවරමින් වැඩහින්දැ තමා සොවුරු ඈපා මායා යුවරජ ඈ රජගණා ප්‍රමුඛයෙන්...." යනුවෙන් 1 වැනි විජයබාහු (1055-1110) රජුගේ පනාකඩුව තඹ සන්නසෙහි සඳහන් කෙරෙන්නේ රජු නියෝග නිකුත් කිරීමේදී රාජ සභාවේ සංයුතිය සැකසුනු ආකාරයයි.‍

මේ අයුරින් රටේ මධ්‍යය අධිකරණය නියෝග ලබාදෙන විට රටේ සෙසු පාලන අධිකාරීන් ද සිටි බව පෙනේ. තවද රාජ සභාවේ සංයුතිය දෙස බලන විට රටට අවශ්‍ය නීතිරීති සකසන විට රජු පමණක්‌ නොව සෙසු නිලයන් ද සහසම්බන්ධ වූ බවද පෙනේ. මධ්‍යය අධිකරණය ආඥ නිකුත් කිරීමෙන් පසුව දැනගත යුතු ප්‍රත්‍යයන්ත ප්‍රදේශ අධිකරණ නිලධාරීන්ට එම ආඥව දැනුම් දෙන්නට ඇතැයි සිතිය හැකිය. එවැනි අවස්‌ථාවලදී අදාළ ප්‍රදේශයෙහි ශිලාලේඛන පිහිටුවා ඇත.

සෘජුවම අධිකරණ ක්‍රියාදාමය හා සම්බන්ධ නොවුණ ද අත්තානි කණු ද පැරැණි ලංකාවේ අධිකරණ නියෝග රට පුරා ගලාගිය ආකාරය පැහැදිලි කරයි. ක්‍රි. ව. 10 වැනි සියවසට අයත් කිරිබත් වෙහර ලිපියේ "වදාළෙයින් අවුත්" යනුවෙන් ද ඊරිපින්නියැම ටැම් ලිපියේ ".......... ආප්මෙතුවාක්‌ දන මො වදාළෙන් අවුත්...." යනුවෙන් ද බදුලු ටැම් ලිපියේ රජුගේ නියමය අනුව රාජ සභා නිලධාරීන් අත්තානි කණු සිටවූ බව කියයි. වේවැල්කැටිය ලිපියේ "වජාළ එක්‌තැන් සවියෙන් ආ රප් සභායේ හින්ද්නා...." යනුවෙන් ද ප්‍රකාශ වන්නේ මධ්‍යයම අධිකරණ නියමයන් එA එA ප්‍රදේශවලට එA එA නිලධාරීන් රැගෙන ගිය බවයි. එA සඳහා අදාළ නිලධාරීන් ද එක්‌රැස්‌ කොට අධිකරණ නියෝග දැනුම් දී තිබේ.

රාජ ආඥව පැණවීමේදී රජු සෙසු නිලධාරීන් ඉදිරියේ ආඥ පැණවූ අතරම බොහෝ අවස්‌ථාවල පෙර සිරිත් නොයික්‌ම වූ බව පෙනේ. පනාකඩුව තඹ සන්නස ආදී බොහෝ අභිලේඛනයන්වලින් එA බව දැකිය හැකිය. ඉහත දැක්‌වූ ආකාරයට රජුගේ ප්‍රධානත්වයෙන් මධ්‍යය අධිකරණයක්‌ වූ අතරම රටේ දුරබැහැර ප්‍රදේශවල සිටි ප්‍රාදේශීය අධිකරණ නිලධාරීන් එA එA ප්‍රදේශවල අධිකරණ කටයුතු ඉටුකොට තිබේ. පොළොන්නරු යුගයේ අධිකරණ කටයුතු පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය ග්‍රන්ථයට තොරතුරු සපයන සෙනරත් පරණවිතාන සූරීන් සෙල් ලිපි හා වෙනත් සාහිත්‍යය මූලාශ්‍ර උපුටා දක්‌වමින් එකල විනිසුරුවන් පිළිබඳවත්, උසාවි පිළිබඳවත් දීර්ඝ විස්‌තරයක්‌ සපයයි. එA අනුව එකල ද වර්තමානයේ මෙන් අගවිනිසුරුවරයකු හා සෙසු විනිසුරුවන් ද ජූරි සභාවකින් ද අධිකරණ පද්ධතිය සමන්විත විය.

වේවැල්කැටිය ශිලාලේඛනයේ "දසගම" යනුවෙන් සඳහන් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල අධිකරණ බලය සභාවක්‌ මගින් උසුලා ඇති බවයි. එම ලිපිය මගින් දසගම් නායකයන්ට අධිකරණ බලය පවරා තිබේ. බදුලු ටැම් ලිපියේ ද ගම් ලද්දන් ගැත්තන්, චන්දසීන් එකතුව විචාරා දඩගත යුතු බව කියයි. මෙම කරුණු අනුව රජුගේ නියමයන් ගම්සභා මගින් ක්‍රියාත්මක කෙරුණු අතර එAවා ද පරීක්‍ෂා කිරීමට රාජ්‍යය නිලධාරීන් විටින් විට පැමිණ තිබේ.

දසගම් ආයතනයක නඩු විසඳීමෙන් එA නඩු තීන්දු තීරණ ලියා තැබිය යුතුය. සාක්‍ෂි ලියා තැබීමෙන් පසුව දඬුවම් ලබාදිය යුතුය. පසුව අභියාචනා ඇති වුවහොත් මුලින් ගත් තීන්දු තීරණ පරීක්‍ෂා කිරීමට මෙම ලියා තැබීම් උපකාරී විය. බදුලු ටැම් ලිපියේ එවැනි අභියාචනයක්‌ ගැන කියෑවෙයි. වෙළෙඳපොළ බලධාරීන් පූර්ව සිරිත් උද්ධරණය කොට අධික බදු ගන්නා බව රජුට දන්වා තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන පනාකඩුව තඹ සන්නසෙහි සඳහන් "පටවා" යන්නෙන් අභියාචනාවට ඉඩ නොතබා දෙනු ලබන නඩු තීරණය වශයෙන් අර්ථ ගන්වා තිබේ. 5 වැනි කසුප්ගේ පුවරු ලිපියේ රජ කුලයේ සම්දරුවන් ගත් දඩවලට උද්ධරණයක්‌ වූයේ නම් දඩ ගැනීමට බලය ඇති නිලධාරීන් හිඳ නඩු විචාරා එම දඩ අත්හිටුවීමට ක්‍රියා කළ යුතු බව කියයි.

පුරාණ මූලාශ්‍රවලට අනුව පුරාණ දඬුවම් පහත පරිදි සංග්‍රහ කළ හැකිය. එනම්,

ෆ මරණ දඬුවම

ෆ දඩ ගැනීම්

ෆ සිරගත කිරීම්

ෆ ගෘහය රාජ සන්තක කිරීම

ෆ ගිනියම් කළ යකඩ පාවහන් මත සිටවීම

ෆ හං සලකුණු කිරීම

ෆ අවවාද කිරීම්

ආදී වශයෙන්ය. වේවැල්කැටිය ලිපියේ දැක්‌වෙන පරිදි මනුෂ්‍ය ඝාතනය හා මීමුන්, එළුවන්, ගෙරිගොන් ඝාතනය ද මරණ දණ්‌ඩනයට ලක්‌ කළ හැකි වරදක්‌ බව දක්‌වා තිබේ.

මීමුන් ගෙරිගොන් එළුවන් මැරුවන් මරා පටිවනු කොටි ඉසා....." යනුවෙන් ඉහත ලිපියේ දැක්‌වෙන්නේ මරණ දඬුවම ලබාදිය හැකි අපරාධයන්ය. මරණ දඬුවම ලබාදෙන ආකාර කීපයක්‌ සාහිත්‍යය පොතපතෙහි දක්‌වා තිබේ.

ෆ හිස ගසා දැමීම

ෆ උළ හිඳවීම

ෆ එල්ලා මැරීම

ෆ ගිනි තබා දැමීම

ෆ දියෙහි ගිල්ලවීම

වේවැල්කැටිය ලිපියේ මරණ දඬුවම ලබාදීම එල්ලා මැරීමෙන් කළ යුතු බව කියයි. වළගම්බා රජුට අගෞරව කළ කපිසීය ඇමැතියාගේ ගෙල සිඳීමෙන් මරා දමා තිබේ. ජෙට්‌ඨතිස්‌ස රාජ්‍යය සමයේදී දිවැස්‌හුල හිඳුවා සිදු කළ මරණ දඬුවමක්‌ ගැන කියවෙයි. ධාතුසේනගේ රාජ්‍යය සමයේදී රජුගේ සොයුරිය හා රජුගේ දියණිය අතර ඇතිවූ ගැටුමක්‌ හේතුවෙන් රජුගේ සොයුරිය ගිනිතබා මරණ දඬුවමට යටත් කොට ඇත. පොළොන්නරු සමයේ විජයබාහු රජුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඉන්දියාවට පලා ගිය ජත්‍රනායක දම්ගෙයි අධිපති හා සිටුනායක යන දෙදෙනා නැවත ලංකාවට පැමිණ රුහුණු මලල හා දක්‌ණ දේශවල කැරළි ගැසූහ. එA අවස්‌ථාවේ එම කැරළි මැඬලූ රජු සතුරන් උළ හිඳුවා මරා තිබේ.

මිනිසකු නොමරා තුවාල කළ විට වරදකරුට රන් කලං 50 ක දඩයක්‌ නියම කළ බව වේවැල්කැටිය ලිපියේ දැක්‌වේ. මෙම දඩය ගෙවීමට වැරැදිකරු අපොහොසත් වූ විට ඔහුගේ නිවස රාජසන්තක කෙරේ.

"මීමුන්, ගෙරිගොන්, එළුවන් මැරුවන් මරා පටිවනු කොටි ඉසා නොමරා සොරාගෙන ගිය නියත කොටි ඔවුන් ඔවුන් කිසිලැ සන් ලකුන් ඔබා ගර්භා කොටි ඉසා...." යනුවෙන් වේවැල්කැටිය ලිපියේ දැක්‌වෙන්නේ මී මුන්, ගෙරිගොන් හා එළුවන් සොරාගත් විට කිසිලිවල සත් ලකුණු තබා සොරුන් බව ප්‍රසිද්ධ කළ යුතු බවයි.

රාජ ආඥව පැහැර හරින්නට රත් කළ ලෝහ සපත්තුවක්‌ මත සිටවා තැබිය යුතු බව වේවැල්කැටිය ලිපියේ දක්‌වා තිබේ. කොණ්‌ඩවට්‌ටවාන් ලිපියේ රාජ ආඥව පැහැර හරින්නට අකක්‌ දඩ ගැසිය යුතු බව කියයි. මෙම සෙල්ලිපි දෙකෙහි එකම වරදට දඬුවම් දෙකක්‌ දක්‌වා තිබුණේ කාලානුරූපව දඬුවම් සංශෝධනය වූ බැවිනි.

"බසින් පටවා කරන දැහැවිල්ල" හෙවත් අවවාද කිරීම් සිදුකරන්නට ඇත්තේ සුළු වැරැදි සම්බන්ධයෙන් විය යුතුය. මිහින්තලය පුවරු ලිපියෙහි විහාර සේවකයන්ට අවවාද කිරීමේදී සංඝ සම්මුතියෙන් අවවාද කරන ලෙස දන්වයි. මෙය සෘජු අධිකරණ කටයුත්තක්‌ නොවුණ ද එයින් එකල වැරැදිකරුවන්ට අවවාද කළ ආකාරය කුමක්‌දැයි සිතාගත හැකිය. එනම්, අධිකරණ නිලධාරීන්ගේ එකඟතාවෙන් වැරැදිකරුවන්ට අවවාද කරන්නට ඇත. වැරැදිකරුවන් වැව් සෑරීම් ආදී ප්‍රජා සේවයෙහි ද යොදවා තිබේ.

වරදෙහි ස්‌වභාවය අනුව දඬුවම ද සුළු හෝ බරපතල වේ. පොහෝ දින වෙළ¹ම් කිරීම තහනම්ය. එය කඩ කළ අය ගෙන් මහියංගන විහාරයේ පහන් පූජාවට තෙල් පතක්‌ (1/4) දිය යුතු බව බදුලු ටැම් ලිපියෙහි සඳහන් වේ. එය ද උල්ලංඝනය වේ නම් පෙර සිරිත් පරිදි දඩයගෙන පහන් පූජාව සඳහා තෙල් ලබාගැනීම කළ යුතු බව එහි තවදුරටත් ප්‍රකාශ කරයි. අපරාධවලට උපකාර කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදකරුවන්ට රන් කලං 50 ක දඩයක්‌ ලබාදිය යුතු බව වේවැල්කැටිය ලිපියේ සඳහන් වේ.

බදුලු ලිපියේ සඳහන් වන ඇතැම් නීතිරීති සෘජුවම වෙළෙ¹ම සම්බන්ධ නීතිරීති වශයෙන් හඳුනා දිය හැකිය. වෙළඳපොළට රැගෙන එන බඩු පෙරමඟට ගොස්‌ නොගැනීම, හොර තරාදි භාවිත නොකළ යුතු බව, බදු අයකරන නිලධාරීන්ට නොපෙන්වා විකුණන බඩුවලට දෙගුණයක්‌ බදු ගත යුතු බවද එහි සඳහන් වේ. මෙවැනි වරදවලට දෙනු ලබන දඬුවම් පැහැදිලි නැත. එහෙත් එකල එය සමාජ භාවිතයෙන් දැන සිටින්නට ඇත.

රංජිත් ගොඩකුඹුර

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v