sAs~krNy : n`rq nQX~XAk

ටෙනී සතුටු සිනා මැද "තැන්ක්‌ යු බර්ටි" අරඹයි



හාස්‍ය රසය පිරුණු සිය රංගන හැකියාවන් තුළින් රසික සිත් සතන් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ සිය කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය ලෙස "තැන්ක්‌ යූ බර්ටි" අප හමුවට රැගෙන රැගෙන එයි.

නොම්මර එකයි, පෙරළිකාරයෝ, වරදට දඬුවම් සහ කොළොම්පූර් යන චිත්‍රපටයන්ට කතාව, දෙබස්‌ හා තිර රචනයන් එක්‌කළ ටෙනිසන් ඒ තුළින් ලත් ආභාශයන් තම ප්‍රථම චිත්‍රපටය උදෙසා මනා පිටිවහලක්‌ කර ගත් බව අප සමග පැවැසුවේ හද පිරි සතුටකින්.

සිංහල සිනමාව දෙස දෙනෙත් යොමද්දී ඔහු නොමැති හාස්‍ය චිත්‍රපටයක්‌ මතකයට නැගීමත් අසීරුය.

ඒ තරමටම ඔහු අප සිත්සතන් තුළ තැන්පත් වී හමාරය. කොතරම් චිත්‍රපට ප්‍රමාණයකට සිය රංගන හැකියාවන් එක්‌ කළත් හේ මෙරටදී සම්මානයට පාත්‍ර නොවී සිටීම කණගාටුවට කරුණකි. පසුගියදා ඕස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර, බ්‍රිස්‌බේන් ශාලාව්දී ජීවිතයේ ප්‍රථම වරට ඔහු සම්මානයෙන් පිදුම් ලබා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හාස්‍ය රංගන ශිල්පියාට හිමි සම්මානයෙන් පුද ලද ඔහු මවු බිමට සැපත්වීමෙන් අනතුරුව තම කුළුඳුල් සිනමා නිර්මාණය වෙනුවෙන් මීගමුව "ඇවෙන්ඩාර් ගාඩ්න්" හෝටලයේ පැවැත්වූ මුහුරත් උළෙලෙදී අප සමග ලෙන්ගතුව දොඩමළු වන්නට අමතක කළේ නැත.

එහිදී අදහස්‌ දැක්‌වූ ටෙනිසන් කුරේ රංගන ශිල්පියා,

"තෑන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය සැබැවින්ම මට විශේෂ අවස්‌ථාවක්‌. එයට හේතුව අපේ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහත්aa මාත් වසර 4 කට පසුව චිත්‍රපටයකට එක්‌වී එකට රංගනයෙහි යෙදීම බවත් සිහිපත් කළ යුතුයි. ඊට අමතරව මෙම චිත්‍රපටය උදෙසා මා සමග එදා සිටම එකට සිටි සහෝදර රංගන ශිල්පීන්ගේ දායකත්වයත් හිමි වී තිබීම මා ලද විශාල භාග්‍යක්‌ කොට සැලසිය හැකියි."

"තෑන්ක්‌ යූ බර්ටි" ට සම්බන්ධ වූ සියලුම කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැති ඒ මුහුරත් උළෙල සැබැවින්ම විචිත්‍ර වූවක්‌ බව සඳහන් කළ යුතුයි.

රස ගඟුලක්‌, සිනා සාගරයක්‌ වන "තැන්ක්‌ යූ බර්ටි" ගලුකූ එන්ටටේට්‌මන්ට්‌ ඉදිරිපත් කරන අතර, කතාව, දෙබස්‌, තිර රචනය, සහ අධ්‍යක්‍ෂණය අප කතා නායක ටෙනිසන් කුරේ ගෙනි. රංගනයෙන් බන්දු සමරසිංහ සමග ටෙනිසන් කුරේ ප්‍රධාන චරිත තුළිනුත්, දිල්හානි ඒකනායක, ආනන්ද වික්‍රමගේ, මහේන්ද්‍ර පෙරේරා, නිලන්ති ඩයස්‌, අනුෂා දමයන්ති, ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, මානෙල් වානගුරු, විමල් කුමාර් ද කොස්‌තා, රොනී ලීච්, ආරියසේන ගමගේ, සමන්ති ලැනරෝල්, සුසිලා කෝට්‌ටගේ, සුසිලා කූරගම, ජීවන් හඳුන්නෙත්ති, රජිත හිරාන් (පිංපොං), ප්‍රේමදාස විතානගේ, මහින්ද පතිරගේ, ලාල් කුමාර, දොන්ගයි, ටෙඩී විද්‍යාලංකාර, සැනට්‌ දික්‌කුඹුර, සිසිර කුමාරතුංග යන රංගන ශිල්ප ශිල්පිනියන් තැන්ක්‌ යූ බර්ටි වෙනුවෙන් රංගනයෙහි යෙදෙයි.

නිෂ්පාදනයෙන් ජගත් එම් යාපාත්, කළමනාකරණයෙන් ලලිත් තෝමස්‌ සහ නිමල්සිsරි රොෂාන්, සහාය අධ්‍යක්‍ෂණය ඩොනල් ජයන්තයන්ද, කලා අධ්‍යක්‍ෂණය සුමිත් හිරාන් ප්‍රනාන්දු, අංග රචනය ඉන්දික උදාර ලංකාත්, සංස්‌කරණය එම්. එස්‌. අලිමාන්, සංගීතය සෝමපාල රත්නායකයන්ද ගීත රචනයෙන් චන්ද්‍රදාස ප්‍රනාන්දුද, නැටුම් අධ්‍යක්‍ෂණය ශාන් පෙරේරාත්, සටන් අධ්‍යක්‍ෂණය වසන්ත කුමාරවිලත්, නිශ්චල ඡායාරූප කරණයෙන් මහේෂ් නිශාන්තත්, ගීත ගායනයෙන් උරේෂා රවිහාරී, සංගීත් වික්‍රමසිංහ සහ සංගීත් විඡේසූරියත් එක්‌වේ. "තැන්ක්‌ යූ බර්ටි" නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නයන් ගෙනි.

සැබැවින්ම සිනහව පිරුණු සොඳුරු ලොවකට අප රැගෙන යන ටෙනිසන් කුරේ නම් ප්‍රවීණ රංගන ශිල්පියාගේ පළමු සිනමා ප්‍රයත්නය ඔහු රංගයෙහි යෙදුණු බොහොමයක්‌ චිත්‍රපට මෙන් අදායම් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශනයේ හිනිපෙත්තටම ළඟා වීමට අවස්‌ථාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ටෙනී ... ඔබට ... ජය!

සටහන - සුජීව තත්සර
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v