මගේ මුල්ම රංගනයෙන්
ජීවිතයේ මා බලාපොරොත්තු වූ
වෙනස මට ලැබුණා...
- දිලානි මධුරසිංහ

ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි 7.30 ට විකාශය වන "අසංස්‌කෘතික මිනිසුන්ගේ සංස්‌කෘතික කතාව" යන තේමා පාඨය කොටගත් "අහංකාර නගරේ" ටෙලිනාට්‍යයේ "අයේෂා" එහෙමත් නැත්නම් මර්වින්ගෙත් විශාඛාගේත් එකම දියණිය පසුගිය දිනක මීවිත අප සමග කතා බහට එක්‌ වූවා. ඇය පුංචි තිරයට අයේෂා වුවත් සැබෑ ජීවිතේ දී නමින් දිලානි මධුරසිංහයි.

දිලානි, අයේෂා ඔබ හඳුනාගන්නේ කෙසේද?

අයේෂාගේ අම්මත් තාත්තත් දෙන්නම විවාහ ජීවිතයෙන් වෙන්වෙලා තමයි ජීවත් වෙන්නේ. අයේෂා ජීවත් වෙන්නේ ඇගේ සැමියත් සමග අම්මා ලඟ. අයේෂගේ මල්ලි මිගාර ඉන්නේ තාත්තාගේ රැකවරණය යටතේ. එකම අම්මගෙ තාත්තගෙ දරුවෝ දෙන්නෙක්‌ වුණාට මිගාරගේත් අයේෂාගෙත් සිතුම් පැතුම් එකිනෙකට වෙනස්‌. අයේෂාගේ අම්මා විශාඛා කියන්නේ බටහිර පැලැන්තියට හැඬ ගැසුණු කාන්තාවක්‌. ඒ නිසා අයේෂත් අනුගමනය කරන්නේ ඇගේ ගති ලක්‌ණ ක්‍රියාකලාපමයි.

අහංකාර නගරයේ ජීවත් වෙන්න කලින් ඔබ රඟපෑ ටෙලිනාට්‍ය මෙනාවාද?

2006 වසරේදී ශ්‍රීයානි අමරසේන මහත්මියගේ "සුපිරි තරුව" ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රංගනයට පිවිසුණේ. ඊට පස්‌සේ බන්දුල විතානගේගේ දෙකොන ගිණි. ශ්‍රියානි අමරසේනගේ පොරමඬල, විසුරුණු රේණු, ලාබයි ඇපල්, ස්‌වර්ණවාහිනී නිෂ්පාදනයක්‌ වුණු පිණි කුණාටු, ටිකිරි රත්නායකගේ දූ කුමරියෝ, සළඹ, සක්‌විත්තෝ ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා.

මේ අතරින් ඔබ වැඩිදෙනා හඳුනාගත් චරිතය මොකක්‌ද?

ස්‌වර්ණවාහිනී ආයතනයේ නිෂ්පාදනයක්‌ වුණු "පිණි කුණාටු" ටෙලිනාට්‍යයේ දිව්‍යා.

ඊට හේතුව?

ඇත්තටම අදටත් මාව බොහෝ දෙනෙක්‌ හඳුනන්නේ දිව්‍යා නමින්. සමස්‌ථයක්‌ විදිහට ගත්තොත් දිව්‍යා කියන්නේ නපුරු කළු චරිතයක්‌ වුණත් ප්‍රේíකයන්ට මේ චරිතය ගොඩක්‌ සමීප වුණා. ඒ වගේම දිව්‍යා චරිතය තුළ ගොඩක්‌ කරන්න දේවල් තිබුණා.

ඇයි දිලානි රඟපාන්න හිතුවේ?

ඒක අහම්බෙන් සිද්ධ වුණු දෙයක්‌. මගේ මිතුරියක්‌ දවසක්‌ මට කිව්වා ශ්‍රියානි අමරසේන මහත්මියගේ අලුත් ටෙලිනාට්‍යයකට උස සාමාන්‍යයෙන් මහත පෙනුමක්‌ තියෙන නිළියක්‌ හොයනවා කියලා. ඒ තොරතුර ඇහුවට පස්‌සේ මගේ පෙනුමත් ඒ වගේ නිසා පුංචි ආසාවක්‌ ඇතිවුණා. ඊට පසේ ශ්‍රියානි මහත්මිය සොයාගෙන ගිහින් ඒ චරිතයට මටත් අවස්‌ථාවක්‌ දෙන්න කිව්වා. ඒ ඔස්‌සේ තමයි මුලින්ම සුපිරි තරුව ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ඊට පස්‌සේ දිගටම රඟපාන්න හිතුණා. ජීවිතේ වෙනසක්‌ තමයි මම මෙයින් බලාපොරොත්තු වුණේ.

දිලානිගේ පාසල් කාලය මොනවගේද?

මම පාසල් ගියේ කුරුණෑගල ජනාධිපති විද්‍යාලයට. පාසලේදී අධ්‍යාපන කටයුතුවලට අමතරව මලල ක්‍රීඩා වලට තමයි වැඩිපුරම සහභාගි වුණේ. සාමාන්‍ය පෙලට නර්ථනය හැදැරුවා ඇරෙන්න රංගනය ගැන පාසලෙදි නම් ඉගෙන ගත්තේ නැහැ.

රංගනය ගැන අත්දැකීමක්‌ නොමැතිව කැමාරාවක්‌ ඉදිරියේ රඟපෑම අභියෝගයක්‌ වුණේ නැද්ද?

මුලින්ම චකිතයක්‌ දැණුනා. මොකද කියනවනම් ලැබුණේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක්‌ වගේම පෙම්වතියකගේ චරිතයක්‌. ඒත් හැකියාවයි වාසනාවයි තිබුණ නිසා මේ ගමන මට යන්න පුළුවන් වුණා.

මේ දිනවල අයේෂට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සමාජයේ ලොකු පිළිගැනීමක්‌ තියෙනවා. මිනිස්‌සු චරිතය ගැන අගේ කරනවා. ගොඩක්‌ සතුටුයි ඉතිං.

දිගටම රඟපාන්නද බලාපොරොත්තුව?

චරිත තෝරාබේරාගෙන කරන්නෙ නැති නිසා රඟපාන්න සුදුසු චරිත ලැබුණොත් දිගටම කේෂත්‍රයේ රැඳී ඉන්නවා.

පවුලේ එකම ගැහැනු දරුවා රංගනයට යොමු වීම ගැන දෙමාපියන්ගේ අදහස වුණේ?

තාත්තා තමයි ගොඩක්‌ම කැමැති වුණේ මම රඟපානවට. ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළේ දැන් විශ්‍රාමිකයි. අම්මගෙන් විරුද්ධත්වයක්‌ ආවේ නැහැ. ඒත් අයියාලා දෙන්නනම් ඒ තරම් කැමැති වුණේ නැහැ කේෂත්‍රයේ තියෙන යම් යම් හේතුනිසා.

අද ඉන්න තත්ත්වය ගැන මොක ද හිතෙන්නේ?

ගොඩක්‌ සතුටුයි. එදා වගේ නෙමෙයි අද මම බිරිඳක්‌. ඒ නිසා සැමියගේ වැඩ සහ ගෙදර දොර වැඩකටයුතුත් බලාගෙන රඟපාන්න බලාපොරොත්තු වෙනවා.

විවාහය බාධාවක්‌ නෙමෙයිද රංගනයට?

මගේ මහත්තයා සුනිල් බටගොඩ, වතු අධිකාරිවරයෙක්‌. අපි විවාහ වෙන කාලේ කේෂත්‍රය තුළ මම මේ තරම් ජනප්‍රිය චරිතයක්‌ නෙමෙයි. සුනිල්ගේ එතරම් කැමැත්තක්‌ නැහැ මම රඟපානවට. ඒත් එයාගේ ගෞරවය රැකෙන විදිහට මම කටයුතු කරන නිසා රඟපාන්න එපා කියලා බලකිරීමක්‌ නැහැ.

විශාල තරගකාරීත්වයක්‌ ඇති මොහොතක කේෂත්‍රයට පැමිණි ඔබ අද සිනමාවටත් සම්බන්ධ වෙලා?

මුලින්ම සම්බන්ධ වුණේ සිරිතුංග පෙරේරාගේ "කන්‍යාවි" චිත්‍රපටයට . ඊට පස්‌සේ මෑතකදී චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. සමහරු කේෂත්‍රයට එන ඉක්‌මණින්ම නොපෙනී යන මොහොතක මට මේ තරම් දුරක්‌ එන්න ලැබීම ගැන සතුටුයි. මේ මාවතට එන්න අනෝජා වීරසිංහ මහත්මියගේ "අභින" රංගන පාඨමාලාවත් මට ලොකු අත්වැලක්‌ වුණා.

අනාගත බලාපොරොත්තු මොනවගේද?

පාසල් කාලෙදි අනාගතේ බැංකු නිලධාරිණියක්‌ වෙන්න සිහින මැවූ මම අද වෙනමම පැත්තකට යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක දෛව්‍ය වෙන්න ඇති. දැන් ඉතිං මගේ බලාපොරොත්තුව කලාව පැත්තෙන් රටට සේවයක්‌ කරන අතරේ පවුල් ජීවිතයත් ඊට වඩා හොඳින් ආරක්‌ෂාව කරගෙන ජීවත් වෙන්න.

ලක්‌මිණී අතුකෝරල
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v