මේ දවස්‌වල අපි

ඇන්ටන්ගේ "සකි සඳ මඩල" ළඟදීම




රංගන ශිල්පියෙකු ලෙසට කටයුතු කරන බෙහෝ විට වේදිකාව හා නිතර රැදී සිටීමට කැමැති කලාකරුවෙකු ලෙසට ඇන්ටන් ජූඩ් හඳුන්වා දෙන්න පුළුවන්. 1978 සිට 2008 දක්‌වා වූ දීර්ඝ කාල පරාසයකදී ඔහු වේදිකාව හා ගණුදෙනු කොට වසර 30ක්‌ පිරීම නිමිත්තෙන් "සකි සඳ මඬල" නමින් අලුත් වේදිකා නාට්‍යයක්‌ අධ්‍යíණය කිරීමට සැළසුම් කොට තිබෙනවා. ඒ නිසාවෙන් මේ දිනවල ජුඩ් ඇතුළු පිරිස "සකි සඳ මඬල" වේදිකා නට්‍යයේ පෙර පුහුණු වීම්වලයි යෙදී සිටින්නේ.

මෙහි නාට්‍යය රචනා කර ඇත්තේ ප්‍රියන්ත සෙනෙවිරත්න විසිනි. ගීතමය නාට්‍යයක්‌ ලෙසට එළිදක්‌වන්න සූදානම් කර ඇති "සකි සඳ මඬල" වේදිකානාටය සඳහා ජූඩ්ගේ ගීත ඇල්බමයේ ගීත කිහිපයකුත් මුසු කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. කලා ජීවිතේ එක්‌ සන්ධිස්‌ථානයක්‌ ලෙසට මෙම අවස්‌ථාව හඳුන්වන ජූඩ්ගේ බලාපොරොත්තුව "සකි සඳ මඬල" නාට්‍යය ඉක්‌මණින් ප්‍රේíයන් හමුවේ රඟදැක්‌වීමයි.


 



ජගත්ට වේදිකාවෙන් නැවුම්අත්දැකීමක්‌
 



පසුගිය කාල වකවානුව පුරා විකාශය වුණු මෙගා ටෙලිනාට්‍ය ගණනාවක එක දිගට ප්‍රධාන චරිත කිහිපයක්‌ම රඟපෑ ජගත් චමිල මේ දවස්‌වල රූපවාහිනී තිරයේ දකින්න නැහැ. මේ සඳහා හේතු විමසාගෙන යන අවස්‌ථාවේදී අපට දැනගන්නට ලැබුණේ ජගත් සුවිශේෂී නිර්මාණයකට සම්බන්ධ වී සිටින බවයි.

ඒ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිටින ඉන්දික ෆඩිනෑන්ඩුගේ අධ්‍යíණයෙන් යුත් කුෂාන් ඩයස්‌ගේ නිශ්පාදනයෙන් යුත් "කලම්බෝ කලම්බෝ" වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක්‌ සමගින් ජගත් මේ දිනවල වේදිකාවට ගොඩවන බවයි. අලුත්ම අත්දැකීමක්‌ සමග වෙනස්‌ම ආරක සම්ප්‍රේෂණ නිර්මාණයක්‌ මතින් පර්යේෂණාත්මකව වේදිකාවට ගොඩවදින මෙම නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීම ගැන ජගත් මේදිනවල සිටින්නේ ඉතාමත් සතුටින්. නුදුරු දිනයන් හී දී රියර් අද්මිලාර් සරත් වීරසේකරගේ "ගාමණී" චිත්‍රපටයටද සම්බන්ද වීමට බලාපොරොත්තුවෙන් සිටින ජගත්, සුදත් රෝහණගේ "ස්‌වයං ජාත" ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලටද සම්බන්ධ වීමට නියමිතයි.


- ශෂී

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v