සෝල්හයිම්  කොටි හා කේපී

තමිල් සෙල්වන් ඇතුළු කොටි කණ්‌ඩායමට එරික්‌ සෝල්හයිම් නෝර්වේ පාර්ලිමේන්තුව පෙන්වද්දී. කවයකින් වට කර ඇති තැනැත්තා කවුරුන්ද?

* ප්‍රභාකරන් මියගිය බව නොදැන මැයි 20 වැනිදාත් ආයුධ නැවක්‌ එවලා

* පොංගු තමිල් සංවිධානය කළවුන් ද්‍රවිඩ සන්ධාන අපේක්‍ෂකයන් වේ

* කේ.පී. සමග සබඳකම් පැවැත්වූ ව්‍යාපාරික දේශපාලන - එන්.ජී.ඕ. ප්‍රධානීන් හෙළිවේ

* කොටි ජාත්‍යන්තර අරමුදලේ ඩොලර් බිලියන තුනක්‌

* බී.බී.සී. සේවාව ත්‍රස්‌තවාදීන්ගේ මානව හිමිකම් ගැන හඬ නගයි

* බැංකු ගිණුම් 1582 ක්‌

* හිටපු ඇමරිකානු තානාපති බ්ලේක්‌ කොටි බේරා ගැනීමට උත්සාහ කරයි

* නෝවීජියානු ඔත්තු සේවාව මෙන්ම එරික්‌ සෝල්හයිම් ද කේ.පී. සිටින තැන දැන සිටියා.

* වවුනියාවේ ඊරෝස්‌ සම්බන්ධ ප්‍රභා කණ්‌ඩායම හා දුෂාන්තන්ගේ ශ්‍රී ටෙලෝ කණ්‌ඩායමෙන් අබිරහස්‌ මෙහෙයුම්

* ඇමරිකානු රාජ්‍ය නිලධාරීහු හා ඊළාම් සංවිධාන 16 ක්‌ සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වති

"දුවන්නට තැනක්‌ නැත. සැඟවෙන්නට තැනක්‌ නොමැත. ඉතිරිව සිටින ත්‍රස්‌තවාදීහු මීළඟ වාරය එන බව අපේක්‍ෂා කළ යුතුයි."

- එරියල් ශැරොන් ඊශ්‍රායලයේ හිටපු අගමැති

"ශ්‍රී ලංකා බලධාරීන් විසින් කේ.පී. ව අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය අසා ලොව පුරා සිටින ඊළාම් ද්‍රවිඩයන් කම්පනයට හා සන්තාපයට පත් වුණා." රාම් කොටි විධායක කමිටුව වෙනුවෙන්.

කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා මෙන්ම වත්මන් කොටි නායකයා යෑයි හඳුන්වා ගත් කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී. කිසි විටෙක ශ්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන්ට අසුවනු ඇතැයි ඊළාම්වාදීන් මෙන්ම මෙරට සිටින බටහිර තානාපතිවරුන් ද බ්‍රිතාන්‍ය එම්.අයි. 6, ඇමරිකානු සී.අයි.එA., ඉන්දීය රෝ ඔත්තු සේවාව හා නෝවීජියානු බුද්ධි සේවාව ද කිසිවිටෙකත් අදහස්‌ කළේ නැත. එහෙත් අතිශයින්ම විශ්වාසවන්ත වූ කණ්‌ඩායමක්‌ යටතේ ඊශ්‍රායල් මොසාඩ් ක්‍රමයේ රහසිගත මෙහෙයුමක්‌ පසුගිය 4 වැනිදා දියත් විය. මේ රහස්‌ මෙහෙයුම ගැන දැන සිටියේ ආරක්‍ෂක ලේකම් ඇතුළු කීප දෙනකු පමණකි.

පසුගිය මැයි 19 වැනිදා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි නායකත්වය සමූල ඝාතනයවීමෙන් පසු සොයාගත් රහස්‌ ලිපිවලින් කේ.පී. ගේ ස්‌ථානගතවීම් ගැන අනාවරණය විය. එA අනුව දෙමසක්‌ තිස්‌සේ රහස්‌ මෙහෙයුමක්‌ සඳහා මිත්‍රශීලී රටවල් කීපයක සහයෙන් සැලසුමක්‌ සකස්‌ විය. මේ සඳහා දැඩි කැපවීමකින් යුත් නිර්භීත කණ්‌ඩායමක්‌ ඉදිරිපත් විය. මෙහිදී අත්අඩංගුවේ සිටින කොටි පිරිසක්‌ ද තොරතුරු සැපයූහ.

තුර්කි රජය විශේෂ බළකා කණ්‌ඩායමක්‌ ලවා කිනියාවේ සිටි පී.කේ.කේ. කුර්දි නායක අබ්දුල්ලා ඔචලාන්ව අල්ලා ගැනීමට දියත් කළ රහස්‌ මෙහෙයුමට සමානව කේ.පී. ඇල්ලීමේ මෙහෙයුම ද දියත් විය. අබ්දුල්ලා ඔචලාන් ද අසුවූයේ තුර්කි විශේෂ බළකාය විසින් අත්අඩංගුවේ පසුවූ කුර්දි හමුදා නායකයකු ලවා ඔචලාන්ගේ චන්ද්‍රිකා දුරකථනයට දුරකථන ඇමතුමක්‌ දීමෙනි. කේ. පී. ද අසුවූයේ එලෙසය. මෙයට කලකට පෙර මැලේසියානු ජංගම දුරකථන විශේෂඥයන් කීප දෙනෙක්‌ රජයේ ඉහළ පෙළේ බලධාරීන් හමුවූ අතර එහිදී ප්‍රභාකරන් හා පත්මනාදන් අතර පවතින චන්ද්‍රිකා දුරකථන සම්බන්ධතාව අසුකර ගැනීම සඳහා සහය වන්නැයි ඉල්ලීමක්‌ කෙරිණි. මේ වාතාවරණය මැද කේ.පී. ව මැලේසියාවේ ක්‌වාලාලාම්පුරයේ පර්සටි ටියුන් හෝටලයේදී අසුවී මෙරටට ගෙනඑනු ලැබීය.

පසුගිය අගෝස්‌තු 5 වැනිදා සවස්‌ යාමයේ කේ.පී. අල්ලාගන්නා ලදුව කොළඹට ගෙනවිත් ඇතැයි "දිවයින" මගින් මුලින්ම අනාවරණය කරනු ලැබීය. එහෙත් කොටි හිතවාදී ඇතැම් මාධ්‍ය පාර්ශ්වයන් පැවසුවේ එකී පුවත සාවද්‍ය බවත් කේ.පී. ව මෙරටට ගෙනවිත් නැති බවත්ය.

එසේ වුවත් කොටි ජාත්‍යන්තර බුද්ධි සේවාව මෙහෙයවන බව කියන අසර්සාන්ට වත් එ ගැන වාර්තා වූයේ නැත.

අගෝස්‌තු 6 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් කේ.පී. අල්ලාගත් බව පැවසීමත් සමගම ජාත්‍යන්තර කොටි ජාලය විශ්මයට පත්විය. කොළඹ එන්.ජී.ඕ. ජාලය ද එකවරම කම්පනයට පත් වූහ.

කේ.පී. අසුවීමෙන් සිව් දිනකට පසු රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ කමිටුවේ ප්‍රධානියා යෑයි පවසන ඇමරිකානු කොටි එජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් මැලේසියානු රජය වෙත විද්යුත් සංදේශයක්‌ යවමින් ශ්‍රී ලංකා රජය විසින් කේ.පී. අල්ලාගත් අන්දම හෙළි කරන්නැයි ඉල්ලා සිටියේය. "මැලේසියානු රජය සතුව තොරතුරු නැතිනම් මේ සිද්ධිය ගැන පරීක්‍ෂණයක්‌ කරන්නැයි අපි ඉල්ලා සිටින්නෙමු" යෑයි රුද්‍රකුමාරන් විසින් එම සංදේශයේ දන්වා තිබිණි.

මෙදිනම කොටි විධායක සභාව වෙනුවෙන් යෑයි කියාගත් රාම් නමැත්තෙක්‌ නෝර්වේ ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව වෙත සංදේශයක්‌ යවමින් හඬා වැලපී ඇත. "තුවක්‌කු නිහඬ කර අපේ නිදහස හිමිකර ගැනීම සඳහා දේශපාලන ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවන අවස්‌ථාවේ ශ්‍රී ලංකා රජය විසින් කේ.පී. ව අත්අඩංගුවට ගෙන තිබේ. මෙය මුළු ද්‍රවිඩ ප්‍රජාව සහ කොටි සංවිධානය කම්පනයට හා දැඩි කනගාටුවට පත් කළ ක්‍රියාදාමයකි. මේ නිසා අප ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනේනේ සෙල්වරාසා පත්මනාදන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසයි. යනුවෙන් රාම් විසින් එකී සංදේශයෙන් ඉල්ලා තිබිණි.

ශ්‍රී ලංකා හමුදාවත්, රජයත්, බහුතර ජනතාවත් කම්පනයට පත් කරන බව පසුගිය ජනවාරි මාසයේදී තර්ජනය කළේ ප්‍රභාකරන්ගේ උපදේශක බාලකුමාර්ය. ප්‍රභාකරන්ගේ නිල කවියා වූ පුතුවායි රත්නතුරෙයි ද වහසි බස්‌ දොඩමින් තවම ආරක්‍ෂක හමුදාවට කම්පනය දැනුණේ නැතැයි කියා සිටියේය. එහෙත් අද ප්‍රථම වරට විදේශගත කොටි ත්‍රස්‌තයන්ට කම්පනය දැනී ඇත.

රාම් නමැත්තාගේ මෙම ප්‍රකාශයෙන් පසු කොටි සංවිධානයේ නව නායකයා ලෙස ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු පත් නොකරන ලෙසත් එවැන්නකු පත් කළහොත් ශ්‍රී ලංකා රජය ඔහුව පැහැර ගැනීමට ඉඩ ඇති බවත් ඊළාම්වාදීහු කියා සිටියහ.

මේ අතර කේ. පී. ව අසුවූයේ කෙලෙස ද හා ඔහුව පාවා දුන්නේ කවුරුන් ද යන්න ගැන කැනඩා කොටි ජාලය විසින් විමර්ශනය කරන බව හෙළි විය. කේ.පී. නමැත්තා අසුවීමට දින කීපයකට පෙර බ්‍රිතාන්‍යයේ චැනල්-ෆොa රූපවාහිනියේ කණ්‌ඩායමක්‌ ක්‌වාලාලාම්පුරයේ පස්‌ට්‌ ටියුක්‌ හෝටලයට පැමිණි බව මැලේසියානු බුද්ධි අංශයට වාර්තා විය. චැනල් ෆොa රූපවාහිනියේ කණ්‌ඩායමක්‌ වවුනියාවට පැමිණ කොටි ආධාරකරුවන් හමුවීමට ගත් උත්සාහය අනාවරණය වීමත් සමගම ඔවුන්ව මෙරටින් පිටුවහල් කෙරිණි. මැලේසියානු බුද්ධි සේවාව චැනල් ෆොa රූපවාහිනි කණ්‌ඩායමේ ක්‌වාලාලාම්පූර් සංචාරය නිරීක්‍ෂණයේ යෙදී සිටි බව එම කණ්‌ඩායමට වාර්තා වූයේ නැත. මේ වන විට හෝටලයේ නතර වී සිටි පිරිස කවුරුන්දැයි විමර්ශනය කළ මැලේසියානු බුද්ධි සේවාවට කේ.පී. නමැත්තා එහි සිටි බව සනාථ විය.

එසේම බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ද්‍රවිඩයන් දෙදෙනෙක්‌ කෙලින්ම එම හෝටලයට පැමිණි බවද අනාවරණය විය. කේ.පී. මැලේසියාවේ සිට ක්‍රියාත්මක වන බව මැලේසියානු බුද්ධි සේවාවට තවදුරටත් තහවුරු වූයේ කැනඩා රහස්‌ පොලිසිය විසින් එ වන විට එවා තිබූ රහස්‌ වාර්තාවක්‌ නිසාය. මේ රහස්‌ වාර්තාවෙන් කියෑවුණේ කැනඩාවේ සිට ඩොලර් මිලියන 1.9 ක මුදලක්‌ ක්‌වාලාලාම්පුරයේ බුමිපුත්‍ර කොමර්ස්‌ බැංකුවේ ගිණුමකට එවා ඇති බවයි. මේ මුදල් එවා තිබුණේ අවි ආයුධ සඳහා මුදල් ගෙවීමට යෑයි ද සනාථ විය.

කැනඩාවේ ටොරොන්ටෝ ඩොමිනියන්, නෝවාසතෝෂියා බැංකුව සී.අයි.බී.සී. බැංකුව හා කැනඩා බැංකුව යන බැංකුවලින් මැලේසියානු හා සිංගප්පූරු බැංකුවලට මෙලෙස මුදල් එවා තිබිණි.

මෙවන් තත්ත්වයක්‌ මත කේ.පී. අසුවීම ගැන වඩාත්ම කම්පනයට පත්වූයේ ඔහු සමග සබඳකම් පැවැත්වූ මෙරට ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් හා ඔවුන්ගේ නියෝජිතයන්, ව්‍යාපාරිකයන්, ආරක්‍ෂක හමුදා නිලධාරීන් හා ඇතැම් දේශපාලකයන්ය.

මෙකී සබඳතා රැසක්‌ කේ.පී. විසින් මේ වන විට අනාවරණය කර තිබේ. මොහු අසුවීමට සති කීපයකට පෙර කොටින් සතුව තිබූ ස්‌ලින් නමැති සැහැල්ලු ගුවන් යානා මිලයට ගත් ආකාරය ගැන චෙක්‌ බුද්ධි සේවාව විසින් මෙරට ආරක්‍ෂක බලධාරීන් වෙත රහස්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

කොටි සංවිධානය චෙක්‌ නිෂ්පාදිත ස්‌ලින් යානා ලබාගෙන තිබුණේ ඉන්දුනීසියාවෙනි. මුලින්ම බංගලාදේශයේ සමාගමක්‌ විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ගෙන්වනු ලැබූ මෙම ස්‌ලින් යානා ඉන්දුනීසියාවට විකුණා ඇත. එහිදී කොටස්‌ කර කොටි නැවකින් මෙරටට ප්‍රවාහනය කර තිබේ.

මෙහිදී එකී යානා එකලස්‌ කර ඇත්තේ ඉන්දුනීසියානු කාර්මික ශිල්පීන් යෑයි අනාවරණය විය. මේ සිද්ධීන් හෙළි වූයේ කටුනායකදී ගුවන් ප්‍රහාර එල්ලවී කඩාවැටුණු ස්‌ලින් යානාවේ එන්ජිමේ අනුක්‍රමික අංකය චෙක්‌ බුද්ධි සේවාව විසින් පරීක්‍ෂාවට ලක්‌ කිරීමෙනි. මෙම බංගලාදේශ සමාගම කුමක්‌දැයි දැන් සනාථ වී ඇත.

මෙම ස්‌ලිං ගුවන් යානා ඉන්දුනීසියාවේ සිට මුලතිව් ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත්තේ කොටි නැව් කප්පිත්තකු වූ සුජිත් ගුණපාලන්ය. සුජිත් ගුණපාලන්ට මෙරටින් තායිලන්තයට යැම සඳහා ගමන් බලපත්‍රය ලබාගැනීමට නිර්දේශ කර ඇත්තේ විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයකුය.

සුජිත් ගුණපාලන් තේවරාසා සෂිදරන් හා සදීපන් අර්සේවනම් නමැති ආයුධ ප්‍රවාහකයන් තිදෙනා කේ.පී. ගේ සහයකයන් වේ. 2003 මැයි 13 වැනිදා තායි මැරයින් පොලිසිය විසින් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙරට රහස්‌ පොලිස්‌ නිලධාරියකු බැංකොක්‌ නුවරට පැමිණි අතර පැය 2 ක්‌ තිස්‌සේ කළ විමර්ශනවලදී ඉහත කී දේශපාලනඥයා ගැන ද සනාථ විය.

එහෙත් එවකට පැවති ශ්‍රී ලංකා රජය කේ.පී. හා ඔහුගේ සහයකයන් තිදෙනා සම්බන්ධ අවි ජාවාරම ගැන තැකීමක්‌ කළේ නැත. එවකට පැවැතියේ මෙරට හමුදා ප්‍රධානීන්ටවත් නොදන්වා ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුම අත්සන් කළ වික්‍රමසිංහ රජයයි.

ග්ලොක්‌ පිස්‌තෝල 10 ක්‌ හා ගෙක්‌ලර් ඇන්ඩ් කොච් පිස්‌තෝල 3 ක්‌ සමග උණ්‌ඩ 45000 ක්‌ ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සුජිත් ගුණපාලන් ඇතුළු තිදෙනාට වසර පහක සිර දඬුවමක්‌ නියම විය.

කේ.පී. ට බංගලාදේශ සමාගම් මගින් ඕනෑම දෙයක්‌ ඇනවුම් කර ගැනීමේ හැකියාව තිබූ බව සනාථ වූයේ සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ටොන් 40 ක්‌ බංගලාදේශයේ ඩැකා නුවර කාල්ටන් ටේ්‍රඩින් සමාගම ලවා ගෙන්වාගෙන ඇතැයි අනාවරණය වීමෙනි. මෙහිදී එවකට සිටි බංගලාදේශ ආරක්‍ෂක ලේකම්ගේ අත්සන පවා ව්‍යාජ ලෙස යොදාගෙන තිබිණි.

මේ අතර කොටි සංවිධානය විසින් කොළඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටල් ව්‍යාපාර, මහල් නිවාස සංකීර්ණ හා වෙනත් ව්‍යාපාර ගැනද තොරතුරු රැසක්‌ කේ.පී. විසින් හෙළි කර ඇත. මෙලෙස කේ.පී. රහස්‌ වමාරන නිසා ඔහුගේ කොළඹ ජාලය අනාවරණය වනු ඇතැයි කොළඹ කොටි හිතවාදීහු බියට පත්වී සිටිති. මෙහිදී බ්‍රිතාන්‍ය බී.බී.සී. සිංහල සේවාවේ සිටින කොටි රූකඩ කේ.පී. ව අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්‌ යෑයි පෙන්නුම් කිරීමට උත්සාහ දරා ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය පවත්වාගෙන යැම සඳහා අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සපයමින් විනාශකාරී මෙහෙයුමක යෙදුනු කේ.පී. අල්ලා ගැනීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක්‌ යෑයි මුලින්ම පැවසුවේ ඇමරිකානු කොටි ඒජන්ත රුද්‍රකුමාරන් හා කොටි සංවිධානයේ විධායක සභිකයකු යෑයි කියන රාම්ය.

කේ.පී. මෙරට ආරක්‍ෂක බලධාරීන්ට අසුවීමේ සිද්ධිය තවමත් අවසන් වී නැත. කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායමක්‌ කේ.පී. රඳවාගෙන සිටින්නේ කොතැනකදැයි දැනගැනීමට දැඩි උත්සාහයක්‌ ගන්නා බව වාර්තා වී ඇත.

මෙය සනාථ වන්නේ පසුගිය 11 වැනිදා නෝර්වේ කොටි එAජන්ත බාලසිංහම් යෝගරාජා කර ඇති ප්‍රකාශයකිනි. "කේ.පී. ව හඳුනා නොගත් ස්‌ථානයක රඳවා ඇත. ලෝක ප්‍රජාව කේ.පී. සිටින තැන කියන්නැයි ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතුය. කේ.පී. අල්ලාගත් පමණින් ඊළාම් අරගලය අවසන් වන්නේ නැහැ." යෑයි නෝර්වේ කොටි එAජන්ත විසින් පවසා ඇත.

මේ අතර කේ.පී. ගෙන් ඉහළ ආරක්‍ෂක බලධාරීන් කීප දෙනකු ද ප්‍රශ්න කරනු ලැබීය. මෙහිදී කේ.පී. වෙව්ලා ගියේය. ආරක්‍ෂක ලේකම් ද ඔහුගෙන් කරුණු කීපයක්‌ විමසනු ලැබීය. තමාව අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවලට හැකිවනු ඇතැයි කිසිවිටෙක සිතුවේ නැතැයි ඔහු කියා සිටියේය. මෙහිදී කොපමණ මුදලක්‌ කොටි ජාත්‍යන්තර ජාලයේ තිබෙන්නේ දැයි විමසනු ලැබීය. ඩොලර් බිලියන 2 ත් 3 ත් අතර මුදල් සම්භාරයක්‌ ඇතැයි කේ.පී. විසින් අනාවරණය කෙරිණි.

කේ.පී. ගේ බැංකු ගිණුමක්‌ මැලේසියාවේ ක්‌වාලාලාම්පූර්හි බුමිපුත්‍ර බැංකුවේ ඇතැයි ද අනාවරණය විය. කැනඩාවේ සිට මෙම බැංකුවට ඩොලර් මිලියන 1.9 ක මුදලක්‌ බැර කර ඇතැයි තවදුරටත් හෙළි විය. කේ.පී. ගේ මෙම බැංකු ගිණුම් ගැන විමර්ශනය කිරීමේදී ගිණුම් 1562 ක්‌ ඇතැයි ද සනාථ විය.

කේ.පී. වෙත කැනඩාවේ සිට මුදල් යෑවුනේ ටොරොන්ටෝ ඩොමිනියන් බෑන්ක්‌ ඔෆ් නෝවා ස්‌කෝෂියා, සී.අයි.බී.සී. සහ නැෂනල් බෑන්ක්‌ ඔෆ් කැනඩා යන බැංකුවලිනි.

අවි ආයුධවලට මුදල් ගෙවීම සඳහා කේ.පී. විසින් ස්‌විට්‌සර්ලන්තයේ මුදල් තැන්පත් කර තිබූ සුරීච් බැංකුව ගැන ද දැන් හෙළිවී ඇත. මේ සතියේ ආරක්‍ෂක කරළිය තුළ මෙවැනි තොරතුරු හෙළිවෙද්දී කේ.පී. ගේ කටයුතු සඳහා ප්‍රබල බුද්ධි අංශ තුනක්‌ සම්බන්ධ වී ඇතැයි වාර්තා විය. එ ඇමරිකානු සී.අයි.එ. සංවිධානය, නෝවීජියානු ඔත්තු සේවාව සහ බ්‍රිතාන්‍ය එෆ්.අයි.එ. බුද්ධි සේවාවයි. මේ බුද්ධි සේවාවන් කේ.පී. ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බවට නෝරාඩ් අරමුදල් ලබාගන්නවුන්ද ප්‍රචාරයක්‌ දියත් කළේය. "කේ.පී. සිටින තැන නෝවීජියානු බුද්ධි සේවාව හා එරික්‌ සෝල්හයිම් ද දැන සිටියා. බ්‍රිතාන්‍ය විදේශ ඇමැති මිලිබෑන්ඩ් ද එ බව දන්නවා. මෙපමණ කලක්‌ කේ.පී. විවිධ රටවල සංචාරය කරද්දී එම බුද්ධි සේවා ඔහු ගැන නොදැන සිටියේ යෑයි විශ්වාස කළ හැකිද?" යෑයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රී ලංකාවේ නෝවීජියානු තානාපති මැලේසියාවට ගොස්‌ කේ.පී. හමුවූ විට නෝවීජියානු බුද්ධි සේවාව එ ගැන දන්නේ නැතැයි කිවහැකිද?" යෑයි එම ආරංචි මාර්ග පළ කළේය. කේ.පී. මෙහෙයුම පැය කීපයකට සීමා විය.

ස්‌වයං පාලනය ලබාගැනීම සඳහා ඊළාම් අරගලය තවදුරටත් දියත් කරන බවට වහසි බස්‌ දෙඩූ කේ.පී. අසුවීම ගැන දැඩි ලෙස කම්පනයට පත් වුණේ මෙරට එන්.ජී.ඕ. එජන්තවරුන් සහ මඩ වෙබ් අඩවි පවත්වාගෙන යන දීනයන් සහ ඔවුන්ගේ ගැත්තන්ය. මේ අතර ප්ලොට්‌ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් වවුනියාවේදී යථාර්ථය හෙළි කළේය. කොටින් වෙනුවෙන් පොංගු තමිල් උත්සව සංවිධානය කළ වුන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයන් වූ බව හෙතෙම අනාවරණය කළේය.

එසේම ඊරෝස්‌ සංවිධානයේ ප්‍රභා කණ්‌ඩායමත් ශ්‍රී දුෂාන්තන් නමැත්තා මෙහෙයවන ශ්‍රී ටෙලෝ කණ්‌ඩායමත් තර්ජනාත්මක මෙහෙයුම් දියත් කළ බවද සිද්ධාර්ථන් කියා සිටියේය.

එහෙත් කොටි බලවත්ව සිටියදී වවුනියාවේ සිට කොටි හඬ නැඟූවන් මේ තොරතුරු හෙළි කළේ නැත. දුෂාන්තන් වවුනියාවේ සිට බම්බලපිටිය දක්‌වා විටින් විට පැමිණේ. ඔහු නෝර්වේ ගියවිට නතර වී සිටින්නේ කා සමග දැයි දැන් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ද දැන් අවතැන් වූවන්ගේ කඳවුරුවල සිටින කොටින් මුදාගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදී සිටියි. ද්‍රවිඩයන් සමග බලය බෙදාගැනීමක්‌ නොකළහොත් ආපසු ත්‍රස්‌තවාදය ඇතිවන බව බ්ලේක්‌ විසින් පවසා ඇත. එහෙත් රොබට්‌ බ්ලේක්‌ට මෙරට කටයුතු ගැන හඬ නැගීමට හිමිකමක්‌ තිබේද?.

මේ අතර මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී ෙ-ම්ස්‌ මුරේ, ඇමරිකාවේ ඊළාම් සංවිධාන 16 ක නියෝජිතයන් ගෙන්වා රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මේ ඇමරිකානු බලධාරීහු මේ සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටි ආධාරකරුවන් සමග නොවේද? බ්ලේක්‌ට හා මුරේට මෙරට කටයුතුවලට මැදිහත්වීමට හිමිකමක්‌ තිබේද?.

මේ සතියේදී තවත් අපූරු සිද්ධියක්‌ වාර්තා විය. එ මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස පුහුණුවූ කොටි ත්‍රස්‌තවාදියකුට කොළඹ ප්‍රධාන පාසලකට ඇතුළත්වීමට ඉඩ ලැබීමයි. අධිකරණ බලධාරියකුගේ ඉල්ලීමක්‌ මත මෙය සිදුවී ඇත. ඊශ්‍රායලයේ විශේෂ බළකායේ හිටපු ප්‍රධානී එහුද් බරක්‌ මෙසේ පවසා තිබිණි. ත්‍රස්‌තවාදයට පුහුණුවූ අය බලා සිටින්නේ අවස්‌ථාව එනතුරු යෑයි අපි තේරුම්ගත යුතුය. එහෙත් අපේ අය මේ බව තේරුම් ගෙන නැත. අධ්‍යාපන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද?

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v