ටීගෝ 1000 වැනි  සංඥ කුලූන විවෘත කරයි

ටීගෝ ආයතනය සිය සංඥ අතර දහස්‌ වැනි කුළුණ ගලපාත ඉදිකර ඇති බව සාඩම්බරයෙන් දැනුම් දෙයි. අපේ 500 වැනි කුලූන ඉදි කිරීමේ ප්‍රීතිය අපි භූක්‌ති වින්දේ මීට මාස 8 කට පමණ සුළු කාලයකට පෙරයි. එය ලංකාවේ විශාලතම ඨ S ඵ ව්‍යාපෘතියක්‌ බවට පත්වුණා. එනිසා දහස්‌ වන කුළුණ ඉදි කොට අද වැනි දිනක විවෘත කිරීමට හැකිවීම ඓතිහාසික කාරණයක්‌. එමෙන්ම ගලපාත දී ඉදි කෙරුණු දහස්‌ වැනි කුලූන අපට සුවිශේෂ වන්නේ ඉදිරියේදී ඉදිවීමට නියමිත දක්‌ෂිණ මහා මාර්ගය ආවරණය වීමද මෙම ගලපාත කුළුණින්ම සිදු වෙන නිසයි යනුවෙන් ටීගෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද්‍ර රත්නායක මහතා පැවසීය.

නිසැකවම මෙම අවස්‌ථාව ටීගෝ ආයතනයේ විශේෂ ජයග්‍රහණයක්‌ වන අතර එනිසාම රට පුරා සෑම පෙදෙසකම සෑම කෙනෙක්‌ම නිරවුල්ව සම්බන්ධ කිරීමට ටීගෝ ජාලයට තවදුරටත් හැකි වී තිබේ.

මෙසේ දහස්‌ වැනි ටීගෝ කුලූන විවෘත කිරීමේ මෙම ඓතිහාසික දිනය සැමරීමේදී විදුලි සංදේශ අධ්‍යක්‌ෂක ජෙනරාල් වන ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා අප අතර සිටීම අපට ඉමහත් ගෞරවයකි. වසර දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ ටීගෝ ජාලයේ සාර්ථක ව්‍යාප්තියට එතුමා දැක්‌වූ සහය පිළිබඳ අපි එතුමාට කෘතඥ විය යුතුයි යන්න ද රත්නායක මහතා පැවසීය.

මෙම සුවිශේෂී සංධිස්‌ථානයෙන් තහවුරු කරන්නේ ටීගෝ පාරිභෝගිකයන් කෙරේ අප තුළ ඇති නොමඳ ඇපකැප වීමයි. අදවන විට අප 80% ක ජනගහණයක්‌ සහ 70% භූගෝලීය කලාපයක්‌ ආවරණය කර තිබේ යන්න ද රත්නායක මහතා තවදුරටත් පැවසීය.

වසර දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ මිලියන 2 ක සක්‍රීය පාරිභෝගිකයන් රැසක්‌ සමග ටීගෝ දිනෙන් දින වැඩිවන පාරිභෝගික අවශ්‍යතා සපුරමින් පවතී. එමෙන්ම මෙම ටීගෝ ජාලයේ ව්‍යාප්තිය සමගම විශේෂ අමතර සේවා සැපයීම ද ටීගෝ නොනවත්වා සිදු කරමින් පවතී. එමගින් පාරිභෝගිකයන් වැය කරන මුදලට ඉතා වටිනා සේවයක්‌ ලබා දීමට ටීගෝ සමත් වී තිබේ.

ජංගම දුරකථන ජාලයේ පුරෝගාමියකු වශයෙන් ටීගෝ ආයතනය නොනැවතී සිය පාරිභෝගිකයන්ට සුහද කාර්යක්‌ෂම වැයකරන මුදලට සරිලන මනා සේවයක්‌ සපයමින් සිටින අතර ඉදිරියේදී වඩ වඩාත් උසස්‌ සේවයක්‌ ලබා දීමට සැලසුම් කරමින් සිටී යනුවෙන් දුමින්ද්‍ර රත්නායක මහතා අවසානයේ පැවසීය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v