අලි පැටවු, අලි හා කොටි
මහාචාර්ය නලින් ද සිල්වා

මල්වතු අස්‌ගිරි මහා නාහිමිවරුන්ට අලි පැටවුන් දෙදෙනකු පූජාකිරීම ඉමහත් කතාබහට ලක්‌විණි. එA කතා කළ අය අතර අලි පැටවුන් ගැන අනුකම්පාවක්‌ දැක්‌වූ අයට අමතරව අලි අයිතිවාසිකම් ගැන කතා කළ අය ද වූහ. වෙනදා සිංහල විරෝධී ස්‌ථාවරයකින් මානව අයිතිවාසිකම් ගැන කතා කළ ඇතැමුන්ට මෙවර බෞද්ධ විරෝධීව අලි අයිතිවාසිකම් ගැන කතා කිරීමේ අවස්‌ථාව ද හිමිවිණි. ඇතැම්හු විනයවර්ධන සහාකාරයන් අනුගමනය කරමින් සියලු භික්‍ෂූන්වහන්සේ ආරණ්‍යගත කිරීමට ද යෝජනා කළහ. අලි පැටවුන් පූජා කිරීමෙන් පසුව ද ඔවුන්ට අලි අම්මලා සමග තව ටික කලක්‌ අලි ගාලේම ඉන්නට ඉඩහැරියේ නම් මැනවි යෑයි අපිදු සිතමු. එහෙත් අලි අයිතිවාසිකම් ගැන කතා කළ මානවයන් එසේ කළේ කිනම් අරමුණකින් ද යන්න දැනගැනීමට අංජනම් එළි බැලිය යුතු නොවේ. අලින්ට කැලයේ ඉන්නට ඉඩ නොදී අලි ගාලක තබාගැනීම ම අලි අයිතිවාසිකම්වලට පහරක්‌ නොවන්නේද? සත්වෝද්‍යාන ආදිය, සතුන් ද ඇතුළුව මුළු ලොවම මවා ඇත්තේ මිනිසුන් සඳහාය යන බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ ප්‍රතිඵල මිස සිංහල බෞද්ධ චින්තනයක්‌ නිසා ඇති වූ ආයතන නොවේ. සතුන් කිහිපදෙනකු අල්ලා ගෙනවිත් මිනිසුන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා ගාල්කර තැබීම සත්ව අයිතිවාසිකම්වලට එකඟද? මිනිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලවල හා වෙනත් ආයතනවල සතුන් මරමින් ඊනියා පරීක්‍ෂණ පැවැත්වීම සත්ව අයිතිවාසිකම්වලට එකඟ ද?

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දාසයන්ට එA එකකවත් වරදක්‌ නොපෙනෙයි. අලි අයිතිවාසිකම් ගැන කතා කරන්නවුන් කළ යුතුව තිබුණේ අලි අම්මලා ද සමගින් අලි පැටවුන් කැලයට ගොස්‌ දැමීමට ඉල්ලීමය. එපමණක්‌ නොව පටියෙන් බැඳ ඇවිද්දවන බල්ලන්ගේ බලු අයිතිවාසිකම් ගැන කතා කළේදැයි අපි නොදනිමු. එහෙත් මොවුන් දැනට ටික කලකට ඉහත පෙරහැරේ ගෙන යන අලින්ගේ අලි අයිතිවාසිකම් ගැන සති අන්ත කසිකබල් පුවත්පතකට ලියූ බව අපි දනිමු. මොවුන්ට ඇත්තේ අලි කරුණාවක්‌ නොව හැකිනම් පෙරහැරට අලි නැති කිරීමේ අවශ්‍යතාවය. බැරිම නම් අඩුම තරමින් ශාසනයට පරිභව කිරීමය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ බැළයන් වූ මොවුන්ට අවශ්‍ය කුමක්‌ද යන්න පැහැදිලිය. දැන් මේ පඬියන් කියනු ඇත්තේ අප සෑම කරුණකදීම බටහිරට බැණ වදින බවය. මෙරට ප්‍රශ්න බොහෝමයකට ම මුල බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය හා එහි දාසයන් නම් එA බව සඳහන් නොකර සිටිය යුත්තේ බැළයන් හෙළිදරවු වීම වැළැක්‌වීමට ද? බැළයන්ට ඇත්තේ බැළ අයිතිවාසිකම් පමණකි.

අලි පැටවු ගැන ඇතැම් එ.ජා.ප. නායකයෝ ද කතා කළහ. එහෙත් එA අලි කැලයට එළවීමට නොවේ. එසේ වුවත් ඌව වෙල්ලස්‌ස ජනතාව අලි කැලයට එළවූහ. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් ආසනවල සියයට විස්‌සක්‌වත් ඡන්ද ලබාගැනීමට නොහැකිවීමෙන් එ.ජා.පක්‍ෂය පෙන්නුම් කර ඇත්තේ ඔවුන් කෙතරම් සිංහලත්වයෙන් ඉවත්වී ඇත්ද යන්නය. ජ.වි. පෙරමුණට ආණ්‌ඩුවේ ඊනියා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ගැන කතා කර තම පරාජය වසන් කළ හැකි නොවෙයි. ජාතිකත්වය හා මාක්‌ස්‌වාදය අතර දෝලනය වන ජවිපෙ අද මාක්‌ස්‌වාදය දෙසට ඇදෙමින් ඇත. ජවිපෙ දේශපාලනයේ තවදුරටත් නන්නත්තාර නොවීමට නම් නැවතත් ජාතිකත්වය දෙසට නැඹුරු විය යුතුය. එය හුදෙක්‌ ආණ්‌ඩුව විවේචනය කිරීමට නොව ආණ්‌ඩුව වැරදි මාවතක ගමන් කරන්නේ නම් එA නිවැරැදි කර ජාතිකත්වයේ බලවේග ශක්‌තිමත් කිරීමට විය යුතුය. එසේ නොකළහොත් ජ.වි. පෙරමුණ එ.ජා.පක්‍ෂයේ වලිගය බවට පත්වනු ඇත. ඇතැමුන් එA දකින්නේ අලි වලිගයේ සීනුව ගැට ගැසීමක්‌ ලෙසය. එහෙත් මේ සියල්ලෙන් ආණ්‌ඩුව හිස උදුම්මාගත යුතු නොවේ. ආණ්‌ඩුවක්‌ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීමට එතරම් කාලයක්‌ ගත නොවේ. ආණ්‌ඩුවේ ජනප්‍රිය බව උපයෝගී කරගෙන පරණ බලය බෙදීමේ තැටිය නැවත වාදනය කිරීමට ආණ්‌ඩුවේ සිංහල බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය වී ඇත. ආණ්‌ඩුව ජනප්‍රිය වූයේ එA සිංහල බෞද්ධ විරෝධීන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා නොව, එA ප්‍රතිපත්තිවලට විරුද්ධව ක්‍රියා කළ බැවිණි. ආණ්‌ඩුවේ හා ඉන් පිටත සිටින සිංහල බෞද්ධ විරෝධීන් සැමදාමත් කීවේ ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන ලෙසය. එසේ සාකච්ඡා කරමින් සිටියේ නම් ආණ්‌ඩුව මේ වන විට මැතිවරණවලින් පරාජයවීම ආරම්භවීමට තිබිණි. ආණ්‌ඩුවේ ජනප්‍රිය බවට හේතුව ස්‌ථිරසාරව බටහිරයන්ට හා ඔවුන්ගේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබූ දෙමළ ජාතිවාදයට අවනත නොවී කොන්ද කෙළින් තබාගෙන ක්‍රියා කිරීමය. ඌව වෙල්ලස්‌සේ ආණ්‌ඩුව ලැබූ ඡන්දවලින් කීයෙන් කීයක්‌ සන්ධානයේ කසිකබල් මාක්‌ස්‌වාදී පක්‍ෂ නිසා ආණ්‌ඩුවට ලැබිණිද? එA පක්‍ෂවලින් අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමෙන් ආණ්‌ඩුවේ ජයග්‍රහණයට රුකුලක්‌ වූවා නොවේ. ජඩමාධ්‍ය නොවන්නට මේ කසිකබලුන් ඉන්නවා ද නැත් ද යන්නවත් අපි නොදනිමු.

දේශපාලන පක්‍ෂයකට සිංහල ජාතිකත්ව ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමෙන් අනුපාත ක්‍රමය යටතේ වුවත් තුනෙන් දෙකක ඡන්දයක්‌ ගත හැකි බව අපි බොහෝ කලකට පෙර පෙන්වා දුනිමු. එහිදී අවශ්‍ය වනුයේ සිංහලයන්ගේ ඡන්දවලින් සියයට අසූ පහක්‌ පමණ ලබාගැනීමය. අද එA මට්‌ටමට සන්ධානය පැමිණ ඇත. එA අතර සන්ධානයට දෙමළ ඡන්ද හා මුස්‌ලිම් ඡන්ද ද යම් ප්‍රමාණයක්‌ ලැබෙයි. විශේෂයෙන්ම කඳුකරයේ හා නැගෙනහිර දෙමළ ඡන්ද අද සන්ධානයට යම් පමණකින් හෝ ලැබෙයි. මේ ප්‍රතිපත්ති දිගටම ගෙන යන්නේ නම් සන්ධානයට මහ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් ද තුනෙන් දෙකක ජයග්‍රහණයක්‌ ලබාගත හැකිය. එහෙත් අවධාරණය කළ යුත්තක්‌ වෙයි. එනම් මේ ප්‍රතිපත්ති දිගටම ගෙන යැමය. අලි පැටවුන්ගේ, කොටි පැටවුන්ගේ, බටහිරයන්ගේ, ඉන්දියාවේ කෞටිල්‍ය පැටවුන්ගේ හා සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ අවශ්‍යතාව සඳහා දහතුන ධන (බණ නොවේ. පසුගිය සතියේ ලිපියෙහි මුද්‍රණ දෝෂයකින් ධන යන්න බණ ලෙස සඳහන් වී තිබිණි.) ක්‍රියාත්මක කරන්නේ නම් සන්ධානයට ඡන්ද විශාල සංඛ්‍යාවක්‌ නැතිවීම වැළැක්‌විය හැකි නොවේ.

මෙතෙක්‌ පවත්වා ඇති මැතිවරණවලින් පෙනී යන්නේ සිංහලයන්ගෙන් අති විශාල බහුතරයක්‌ ද, නැගෙනහිර හා කඳුකරයේ දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක්‌ ද සන්ධානයට ඡන්දය දෙන බවය. එහෙත් උතුරු පළාතේ කියෑවෙන්නේ වෙනමම කතාවකි. යාපනය හා වවුනියාව පළාත් පාලන ඡන්දවලින් සන්ධානය පරාජය වී ඇත. යාපනයේ මහා නගර සභාව දිනා ගත්තේ සන්ධානය නොවේදැයි කිසිවකු ප්‍රශ්න කරනු ඇත. එහෙත් එහි ඡන්දය දී ඇත්තේ සුළු පිරිසකි. ඉන් කරුණු දෙකක්‌ කිවහැකි වෙයි. යාපනයේ ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන් සියයට පනහකට වැඩි පිරිසක්‌ අද එහි නැත. එක්‌කෝ ඔවුන් මියගොස්‌ය. නැත්නම් විදේශගත වී ඇත. එසේත් නැත්නම් කොළඹට හා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත. එA කුමක්‌ වුවත් ඉක්‌මනින්ම මුළු රටේම සංගණනයක්‌ පැවැත්වීම අවශ්‍ය වෙයි. අද රට සමස්‌තයක්‌ ලෙස ගත් කල ද උතුරු පළාත පමණක්‌ ලෙස ගත් කල ද යාපනය දෙමළ ජනයාගේ විශාල අඩුවීමක්‌ පෙන්නුම් කෙරේ. දෙවැනි කරුණ නම් උතුරේ තවමත් කොටි දේශපාලනය පැරදී නැති බවය. වවුනියාවේ සන්ධානය පැමිණියේ තුන්වැනි තැනටය. එහි ජයගත්තේ කොටි වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයය. ඔවුන් මෙවර තරග කළේ චෙල්වනායගම් ගේ මුල් පක්‍ෂය වූ ඉලංගෙයි තමිල් අරසුකච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය නමිනි. යාපනයේ ඡන්දය නොදුන් බොහෝ අය ද දෙමළ රාජ්‍ය පක්‍ෂයට හිතවත් අය යෑයි සිතිය හැකිය. ඔවුන් ඩග්ලස්‌ දේවානන්දගේ ආධිපත්‍යය හේතුවෙන් ඡන්දපොළට යැමෙන් වළකින්නට ඇතැයි සිතිය හැකිය. නැගෙනහිර පළාතේ දෙමළ ජනයාට බලය බෙදීමක්‌ අවශ්‍ය නොවේ.

කරුණා අම්මාන් ආදීන්ගේ දේශපාලනය හේතුවෙන් එA පළාතේ බලය බෙදීම යන්න අර්ථ ශුන්‍ය සංකල්පයක්‌ බවට පත්වී ඇත. කඳුකරයේ දෙමළ ජනයා ද එA ස්‌ථාවරයට පැමිණෙමින් සිටිති. එA උතුර විසින් මෙහෙයවුණු වෙල්ලාල ආධිපත්‍යයෙහි හා චෙල්වනායගම්ගේ බෙදුම්වාදී දේශපාලනයෙහි පරාජයකි. චෙල්වනායගම්ට අවශ්‍ය වූයේ නැගෙනහිර හා කඳුකරය වෙල්ලාල දේශපාලනයට යටත් කර ඔවුන් ද හවුල් කරගනිමින් වෙනම දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවීමටය. එහෙත් උතුර තවමත් චෙල්වනායගම්ගේ වෙනම රාජ්‍ය දේශපාලනය අත්හැර නැත. එයට ප්‍රධාන හේතුව ඩග්ලස්‌ දේවානන්දගේ මාක්‌ස්‌වාදී දේශපාලනය ය. කසිකබල් මාක්‌ස්‌වාදය උතුරේවත් දකුණේවත් ජාතිවාදයට හෝ විකල්පයක්‌ නොවේ. උතුරු පළාතේ ජනතාව දෙමළ ජාතිවාදයෙන් මුදාගැනීමට තරමක කාලයක්‌ ගත වනු ඇත. දේවානන්දට එA කළ නොහැක්‌කේ ඔහු ද අවසාන වශයෙන් ගත් කල ඊනියා බලය බෙදීමේ දේශපාලනයේ යෙදී සිටින බැවිණි. බලය බෙදීම යන්න බලය බෙදීමට හා බෙදුම්වාදයට පිළියමක්‌ නොවේ. දේවානන්ද කළ එකම දෙය වූයේ එA ඒ ආණ්‌ඩුවල පිහිටෙන් කොටින්ගෙන් මැරුම් නොකා සිටීම පමණකි. රාජ්‍ය බලය නොමැති වන්නට කොටි ඔහු මරා දමා බොහෝ කල්ය. උතුරු වසන්තයට අමතරව උතුරට බලය බෙදීමක්‌ ගැන කතා නොකරන නායකයකු අවශ්‍ය වෙයි. දෙමළ ජාතිවාදීන් විසින් යාපන වයිපව මාලෙයි ලියූ දවසේ සිට වපුරන ලද බොරු ඉතිහාසය හෙළිදරවු කරමින්, පළල් කරන ලද සිංහල ජාතියකට දෙමළ ජනයා එකතු කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ සොයන නායකයකු උතුරට අවශ්‍ය වෙයි. කොටි හමුදාමය වශයෙන් උතුරේ පරාජය වුවත් දේශපාලනමය වශයෙන් පරාජය නොවීම ගැන දේවානන්ද ද වගකිවයුතු වෙයි. බලය බෙදීමෙන් හෝ බලය බෙදීමට ආවැඩීමෙන් හෝ කිසිදාක දෙමළ ජාතිවාදී දේශපාලනය පරාජය කළ නොහැකිය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v