2009 අගෝස්‌තු 16 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 
ගුවන්යානා සහ ඇමරිකන් ඩොලර් බිලියනයක ආයුධ එවූ
එතෙර කොටි ඒජන්තයින්
වටලන මෙහෙයුම් අරඹයි


කොටි සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. විසින් පොලිස්‌ ප්‍රශ්න කිරීමේදී හෙළිකරන ලද තොරතුරුවලට අනුව කේ. පී. ගෙන් පසු කොටි සංවිධානයේ වත්මන් නායකයා ලෙස පත්ව සිටින සිවපාලන් හෙවත් නෙදියවන් ඇතුළු රටවල් 12 ක සිටි කොටි ඒජන්තවරුන් විසිදෙනකු අල්ලා ගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පොලිසිය සමග එක්‌ව ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.



පණපිටින් පොලිසියට රැගෙන යන තරුණයන් මළකඳන් ලෙස එන බවට පොලිසියට එල්ල වී ඇති චෝදනාව මීට දින තුනකට පෙර යළිත් තහවුරු විය. එනම් අඟුලාන
පොලිස්‌ නිලධාරීන් විසින්
අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනකු පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියයි.
මින් කෝපයට පත් ප්‍රදේශවාසීහු පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් විරෝධය පෑහ.
ඡායාරූපයේ දැක්‌වෙන්නේ එසේ විරෝධය පෑ ජනතාව විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය පියවර ගනු ලබන අයුරු සහ මියගිය තරුණයකුගේ මවක්‌ වැළපෙන අයුරුය.
ඡායාරූප - කමල් වන්නිආරච්චි සහ ධර්මසේන වැලිපිටිය

 
  • සිරිකොත ඇතුළේ ගාල ගෝට්‌ටි....

    සුරනිමල රාජපක්‍ෂ මහහඬින් ජොන්ස්‌ටන් ට බැණ වදින්නට විය. ජොන්ස්‌ටන් වහාම සුරනිමල ළඟට ගියේය.
    ඔයාට මොනවද ඕන.. ඔයා හොඳ හෝටලයකින් කාල නැහැ වගේ... ඕනද කන්න හොඳ හෝටලයකින්.
     
  • අපේ අරමුණ මේ දූෂිත රජය පලවා හැරීමයි!
    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේ¨රා

    අද රාජපක්‍ෂ පවුල් ගහ රට පුරා පතුරුවමින් මැතිවරණ ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. පසුගිය කාලය පුරාවට ඌව පළාතේ ජනතාවට සහන නොදුන් ආණ්‌ඩුව මේ මැතිවරණයේදී රාජපක්‍ෂ පවුලේ ඥතියෙක්‌ ඉදිරිපත් කර දිව්‍යලෝකයක්‌ ඌවට මවා පෙන්නුවා. නමුත් ජාතික මැතිවරණයකදී මේ සෙල්ලම් කරන්න බැහැ.

  • සෝල්හයිම්  කොටි හා කේපී

    තුර්කි රජය විශේෂ බළකා කණ්‌ඩායමක්‌ ලවා කිනියාවේ සිටි පී.කේ.කේ. කුර්දි නායක අබ්දුල්ලා ඔචලාන්ව අල්ලා ගැනීමට දියත් කළ රහස්‌ මෙහෙයුමට සමානව කේ.පී. ඇල්ලීමේ මෙහෙයුම ද දියත් විය. අබ්දුල්ලා ඔචලාන් ද අසුවූයේ තුර්කි විශේෂ බළකාය විසින් අත්අඩංගුවේ පසුවූ කුර්දි හමුදා නායකයකු ලවා ඔචලාන්ගේ චන්ද්‍රිකා දුරකථනයට දුරකථන ඇමතුමක්‌ දීමෙනි. කේ. පී. ද අසුවූයේ එලෙසය.

       

  • කැලෑ නීතිය රජයන
    මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාවලිය


    කොටි සංවිධානයේ අවුරුදු 30 ක පමණ ඉතිහාසය සලකා බැලීමේදී ඉතාම පැහැදිලිව පෙනී යන කරුණක්‌ වනුයේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පමණක්‌ නොව මානව හිමිකම්වලට අදාළ නීතිරීති සම්මුති හෝ මග පෙන්වීම් කිසිවක්‌ පිළිබඳව ඔවුන් තඹ දොයිතුවක සැළකිල්ලක්‌ නොදැක්‌වූ බවය.
     

  • නටන්න - ගයන්න හපනුන් දීපේ
    බලන්න මහතුනි නගන විලාපේ!


    දූවිල්ලටත් ගින්දර ඇවිලෙන කොළඹ පොළවේ විඩාබර නෙතින් මැලවුණු වතින් සිටි ඔවුන්ගේ දර්ශනය තවමත් මා හඬවයි. ඈත ගම්දොර සිට කොළඹ රටට ආ මේ බොහෝ දෙනකුට රටටම කීමට තරම් දුක්‌බර කතාවක්‌ තිබිණි. කාර් බාර්වලින් ඉගිලෙන වයිවාරන්න මහත්තුරු හා නෝනලා කළු කන්නාඩි සහිත වීදුරු පහත් කර ඔවුන් දෙස බලති.
     

  • ටීගෝ 1000 වැනි  සංඥ කුලූන විවෘත කරයි

    ටීගෝ ආයතනය සිය සංඥ අතර දහස්‌ වැනි කුළුණ ගලපාත ඉදිකර ඇති බව සාඩම්බරයෙන් දැනුම් දෙයි. අපේ 500 වැනි කුලූන ඉදි කිරීමේ ප්‍රීතිය අපි භූක්‌ති වින්දේ මීට මාස 8 කට පමණ සුළු කාලයකට පෙරයි.

 

  • "සරච්චන්ද්‍ර අපේ හද බස
    කුමුදු විල පොබැයූ සරා සඳ"


    භාෂාවක්‌ වූ කලී කිසියම් ජනතාවකගේ සංස්‌කෘතික අනන්‍යතාව ප්‍රකට කරවන මුඛ්‍ය අංගය වේ. චිරාත් කාලයක්‌ මුළුල්ලේ ජනතාවක්‌ අත්පත් කරගන්නා දැනුම, අත්දැකීම පමණක්‌ නොව අනුභූතීන් ද අනාගත පරපුරට දායාද කර බෙදා හරිනු ලබන්නේ ද භාෂාව ඇසුරිනි. මෙනයින් ජාතියක සංස්‌කෘතික අනන්‍යතාව අනාගත පරපුරට පවරා දීමේ මහඟු කාර්යය පැවරී ඇත්තේ භාෂාවට බැව් පැහැදිලිය. අප රට සාහිත්‍යධරයන් අතර මෙකී උතුම් කටයුත්තේ නිමග්න වූ ප්‍රවීනයෝ එමට වූහ.
     

  • මගේ මුල්ම රංගනයෙන් ජීවිතයේ මා
    බලාපොරොත්තු වූ වෙනස මට ලැබුණා...
    - දිලානි මධුරසිංහ

    2006 වසරේදී ශ්‍රීයානි අමරසේන මහත්මියගේ "සුපිරි තරුව" ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රංගනයට පිවිසුණේ. ඊට පස්‌සේ බන්දුල විතානගේගේ දෙකොන ගිණි. ශ්‍රියානි අමරසේනගේ පොරමඬල, විසුරුණු රේණු, ලාබයි ඇපල්, ස්‌වර්ණවාහිනී නිෂ්පාදනයක්‌ වුණු පිණි කුණාටු, ටිකිරි රත්නායකගේ දූ කුමරියෝ, සළඹ, සක්‌විත්තෝ ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා.

  • සංගක්‌කාරගේ අභියෝගය

    20-20 ලෝක ක්‍රිකට්‌ තරගාවලියේදීත් අවසාන මහා තරගය කරා ශ්‍රී ලංකාව මෙහෙය වූ සංගක්‌කාර පකිස්‌තානයට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගත්තා. ඒ 2-0 ක්‌ ලෙසින්. එතැනින් නොනැවතී සංගක්‌කාර එක්‌දින තරගාවලියේ ජයග්‍රහණය කරාද ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවූවා.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.