ගුවන්යානා සහ ඇමරිකන් ඩොලර් බිලියනයක ආයුධ එවූ
එතෙර කොටි ඒජන්තයින්
වටලන මෙහෙයුම් අරඹයි


කීර්ති වර්ණකුලසූරිය

කොටි සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. විසින් පොලිස්‌ ප්‍රශ්න කිරීමේදී හෙළිකරන ලද තොරතුරුවලට අනුව කේ. පී. ගෙන් පසු කොටි සංවිධානයේ වත්මන් නායකයා ලෙස පත්ව සිටින සිවපාලන් හෙවත් නෙදියවන් ඇතුළු රටවල් 12 ක සිටි කොටි ඒජන්තවරුන් විසිදෙනකු අල්ලා ගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පොලිසිය සමග එක්‌ව ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක කිරීමේ අරමුදලට මුදල් එව්වේ මොවුන් බව කේ. පී. ප්‍රකාශ කර ඇත. එසේම ඉන්දුනීසියාවේ මැරීන් හමුදාවේ හිටපු ජනරාල්වරයකු වූ එරික්‌ වෝටලූගේ සහායෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක්‌ වටිනා ආයුධ මෙන්ම කොටින්ට අවශ්‍ය ස්‌ලින් වර්ගයේ ගුවන් යානා කොටි නැව් මගින් ශ්‍රී ලංකාවට එවීමට මෙම කොටි ඒජන්තවරු හරහා ක්‍රියා කළ බවද කේ. පී. සඳහන් කර තිබේ.

කොටින්ගේ ගුවන් ඒකකයට සම්බන්ධ කොටි ගුවන් යානා තුනක්‌ බංගලදේශ සමාගමක්‌ මගින් ගෙන්වා ඉන්දුනීසියාවට යවා ඇති බවත් එහිදී කොටස්‌ කල එකී යානා කොටි ආයුධ නැව් මගින් මුලතිව් වෙත ගෙනවිත් ඇතැයි ද හෙළිවී ඇත.

මේ යානා එකලස්‌ කිරීම සඳහා ඉන්දුනීසියානු කාර්මික ශිල්පීන් කණ්‌ඩායමක්‌ද සටන් විරාම සමයේ මෙරටට පැමිණ තිබේ.

මේ සිද්ධිය චෙක්‌ බුද්ධි සේවාව මගින් ද සනාථ කර මෙරට ආරක්‍ෂක බලධාරීන් වෙත රහස්‌ වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.

මේ හැර කොටි ජාත්‍යන්තර ජාලය විසින් අවි ආයුධ ජාවාරම්කරුවන් 40 කගෙන් ආයුධ ලබාගත් බවද කේ. පී. විසින් හෙළි කර තිබේ.

ඉන්දුනීසියානු ජනරාල්වරයකුගේ සම්බන්ධතාව කේ. පී. විසින් හෙලි කළේ මුල් වරටය.

මේ සඳහා ජකාර්තා නුවර සිටි කොටි ඒජන්ත ප්‍රදීපන් සහය වී ඇත.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v