බටහිර පැරණි මිතුදම් යළිත් ගොඩනගන මගක්‌

ශ්‍රී ලංකාව හා ඇතැම් බටහිර රටවල් අතර ඇතිවී තිබෙන වැරදි ආකල්ප හා අවබෝධයන් දුරුකර ඒවා සමග මිත්‍රශීලී නව සබඳතාවක්‌ ගොඩනඟා ගැනීම සඳහා ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා නව වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට යයි.

ශ්‍රී ලංකාවේ ආගමික නායකයන් සමග එක්‌ව සංවිධානය කෙරෙන මෙම වැඩපිළිවෙළ මගින් බිඳී ගිය සබඳතා අලුත් කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක්‌ ඒ රටවල ඇති කිරීමද මහාචාර්ය පීරිස්‌ මහතාගේ අරමුණ වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි සිදු කෙරෙන මෙම ක්‍රියාවලියට පැවිදි

නායකයන් වන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, කොටුගොඩ ධම්මාවාස, ඉත්තෑපාන ධම්මාලංකාර, මාදුළුවාවේ සෝභිත වැනි හිමිවරුන්ද අභිනවයෙන් අගරදගුරු හැටියට පාත්‍ර වූ රංජිත් මැල්කම් තුමා ඇතුළු කිතුනු නායකයන් වහන්සේලාද සහභාගි වීමට නියමිතය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු දෙනා අතරට මනා අවබෝධයක්‌ ඇති කරන ආගමික සහනයක්‌ද මෙමගින් ඇති කිරීමට බලාපොරොත්තු වේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v